ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සේවකයින්ට හිමිවිය යුතු රුපියල් කෝටි 40කට වැඩි සේවක අර්ථසාධක අරමුදල් සහ ඊට අදාළ පොළිය හා අධිභාරය ගෙවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අැතැයි එම මණ්ඩලය අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.
ඒ සඳහා වන මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම සඳහා වන යෝජනාද එම කැබිනට් පත්‍රිකාවේ අඩංගු වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයට දැන්වීය.
තමන්ට අයවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් යළි අය කර දෙන ලෙසට බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා මෝටර් සේවක සංගමයේ පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා මේ බව කීය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් අරන් චන්දෙට මිනිස්සු ඇද්ද ඒවගේ ගාස්තුවත් අපිම තමා ගෙවන්න ඕන. (කෞ)
මේ පසුගිය කාලේදීද ? එතකොට ඒකාබද්ධ කට්ටිය මොකද කළේ? (නි)