2013 වසරේ දි ලංකා ගමනාගමන මණ්ඩලයට අලුත් බස් 2200 ක් ගෙන්විමේ දී රුපියල් කෝටි 2860 ක් වංචා කළැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරු අද (01) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔප්පුකරලාම පෙන්වන්නකෝ.... (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා වෙන්න ඇති (නි)
අපෝ මෙයා දෙයක් කළොත් නාගන්නවා... (නි)
ආයිත් ගිහින් ඇවිදගෙන එන්න.... හිමින් එන්න හයියෙන් එන්න එපා.... කෝ ෆයිල් එක එ්කත් අරගෙන එන්න ...(බ)
ඉතින් වෙල්ගමගෙනුත් ප්‍රකාශයක් සටහන් කර ගනීවි. ඕක මහා කජ්ජක් ද හැබැටම? (බ)
එතකොට බස් එකකින් කෝටි 1.3 ක් ගසාකාලා? මේවට කොහෙන් හිනාවෙන්නද මහත්තයෝ? (නි)
මොන තරම් නම් හොරු ඇල්ලුවද.? (ර)
මේකත් අර පෙරහුරු කරලා ආපු රඟපෑමක්ම වෙන්න ඇති. හැබැයි මහින්ද මහත්තයා ලංකාවට ඉන්දියානු නලු නිලියෝ ගෙනාපු වෙලාවෙ මෙයත් පැනගෙන ගියා. සුනිල් සෙට්ටි ඇහුවලු ඔහේ කවුද නලුවෙක්ද කියලාත්. පවු. මිනිසුන්ව රටවන රැවටිල්ලක්. අපි අහුවෙයි ඕවට!! (ස)
අනේ මන්ද..කරපු වැඩක් නම් නෑ.හැමදාම පැමිණිලි දාන්න නම් යනවා.අපේ ගමේ හේතුපාල අය්යත් ඔහොමයි .හැමදාම පොලිසියට ගිහින් කාට හරි විරුද්දව නඩුවක් දානවා. අන්තිමට මැරුනේ අපා දුක් විඳලා. (ස)
මේ යෝදයාට ඇත්තටම පිස්සු. (ස)
එතකොට ගිය රජයේ වංචා නොකළ කාගේ හෝ නමක් , නම් ලයිස්තුවක් කරුණාකර දන්න කියන කෙනෙක් ඇත්නම් ලියනවද ආසයි දැනගන්න. (ස)
ජෝන් සෙනෙවිරත්න වගේ අය විතරක් ගසා කෑවේ නැත්නම් අනිත් ඔක්කොම එක ගොඩේ. වැරදි කර ඇත්නම් සොයා දඬුවම් කරන්න. මේවා ජනතාවගේ මුදල්. (ස)
ඔප්පුකරන්න පුළුවන්ද මේවා? (නි)
අනේ අනේ මහත්තයෝ? (නි)
අනේ මහත්තයෝ, බස් රත්තරන් වලින්ද හදලා තියන්නේ? බස් 2200ක් ගන්න එච්චර යනවද? (නි)
අනේ මෙහෙමත් හොරු! (නි)
දැන් අය ජනතාව රවටමින් මොනවාද කරන්නේ කියලා පෙනෙන්නේ නැද්ද කාටවත්ම? (නි)
බලාගෙන ගියාම වෙන වැඩක් නම් ඇත්තේම නැහැ වගේ (නි)
රුපියල් කෝටි 2860 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයිනේ. (නි)
50 ට 50ක් කොමිස් තියාගත්තා කිවුවත් කොමිස් මුදල (හෝ වංචාව ) විතරක් කෝටි 1.3 ක් කියලා කියන්නෙ බස් එකක මිල කෝටි 2.6 ක් වෙන්න එපායැ. නේද? (නි)
මේ කාලය වෙන වැඩකට යොදවනවා නම් කොච්චර වටිනවද? (නි)
පොදු ජනතාවට ඕවායෙන් වැඩක් නැහැ. දැන් ජනතාව ඉන්නේ 'පාන්' කියාගන්න නොහැකිවයි (නි)
අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. 2020 වනතුරු ඔය සෙල්ලම කරයිද මන්දා? (නි)
මේ මහජනයාගේ මුදල් නේද?(හේ)
රුපියල් කෝටි 2860 ක දුෂණයක් ගැන හොයනවාට විරුද්ද මොකද?(හේ)
ඉස්සර රටේ මෝඩයන්ගේ මොළ හෝදපු වැඩේ නම් නියමෙටම කරලා තිබෙනවා.එකනේ විරුද්ද වෙන්නේ.(හේ)
අනේ මන්දා! එක කොළයයි වගේ අරගෙන ගිහින් තියෙන්නේ. කෝ සාක්ෂි? දැන් රට දුවන්නෙම රැවටිල්ලෙන්. වැඩක් නම් වෙන බවක් පෙනෙන්න නැහැ කිසිම තැනක. (නි)
හුඟක් අය හිතාගෙන හිටියට මේවාට දඬුවම් නැහැ. මේ අයට දඬුවම් ලැබෙනකොට කාලයක් යයි. කලබල නැතුව ඉවසන්න ඔය කවුරුවත් බේරෙන්නේ නැහැ. (නි)
අනේ මෙහෙමත් කට්ටිය! (නි)
වැරදි කර ඇත්නම් දඬුවම් ලැබේවි. බලාගෙන ඉන්න (නි)
අනේ මෙහෙමත් අපරාධ! (නි)
දරුවන්ට කන්න අඳින්න දෙන්න සල්ලි නැතුව අම්මලා ගඟට මුහුදට පැනලා මැරුන රටේ මොනවද සිද්ධවුණේ කියලා හොයන එකත් වරදක් විදිහට දකින්න පුරුදුවෙලා සමහරු (නි)
කොහොම ගැහිල්ලක්ද ගහලා තියෙන්නේ? (නි)