ලග්ගල කළුගග මහපාරේදී ටිපර් රියක හැපී මවක හා පුතකු මිය යාමේ සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීහු හෙට්ටිපොල හඳුන්ගමුව ප්‍රධාන මාර්ගය කළුගග දී අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.
මාතලේ ප්‍රධාන ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා (එජනිස)මහතා එම ස්ථානයට ගොස් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නමුත් ප්‍රදේශවාසිහු ඔහුටද විරෝධය පළ කළහ.එතැනින් පිටවී යන ලෙස ඔවුහු මන්ත්‍රීවරයාට පැවසුහ. මන්ත්‍රී අනතුරුව පිටත්වී ගියේය.
ගල් මුල් වලින් පහර දීමෙන් වැලි පටවාගත් ටිපර් රථ 12 කට පමණ අලාභහානී වී ඇතැයි පොලීසිය කියයි.
එම මාර්ගයේ වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී ඇති අතර ප්‍රදේශවාසින් සන්සුන් කිරීම සදහා පොලීසිය වෙහෙසේ. මෙම තත්ත්වය නිසා ප්‍රදේශයේ අතුරුමාර්ගද වසා දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකම, නුගත්කම අතරට චන්ඩිකමත් එකතු කරගත් පිරිස් මේ වගේ සංදර්ශන වලට හරි කැමතියි. හිතන්නේ වීර ක්‍රියා කියලා. නීතිය සදාරණත්වය අවබෝධ කරලා දෙන්නත් බැහැ, අවබෝධ කරගන්නෙත් නැහැ. (නි)
රනිල් ද සිල්වා, ඔබ එකක් දැනගන්න ඔය මිනිස්සු කළුවෙලා, කරකුට්ටන් වෙලා ඉන්නේ රටට බත සපයන්න මහපොළොව සමග හැප්පිලා. ඔබලා කන බත් ටික එළවලු ,පලතුරු ටික, කවුපි, මුංඇට, ඉරිගු ටික වගා කරලා එවන්නේ ඔය මිනිස්සු. ඔය ගොඩක් කරකුට්ටම් වෙලා කලු ගැහිලා ඉන්න මිනිස්සුන් හොයන සල්ලිවලින් දරුවෝ හොදට උගන්වලා ඉහල තැන්වල ඉන්නවා. ඔබලාගේ දරුවන් ලෙඩ වුනාම බෙහෙත් දෙන දොස්තරලා ඒ අයයි. තුවක්කුව අරන් සටන් කරලා රට බේරාගන්නට ජීවිතේ වීරයෝ ඔය කරකුට්ටන් කළුම කළු වැහිරුන අයගේ දරුවෝ. ඔය කළුම කළු කෙල්ලන්ගේ අයියලා මල්ලිලා. ඉංග්‍රීසි ටිකක් පුළුවන්කම විතරක්ම නිසා රට රස්සාවකට ගිහින් හම ටිකක් සුදු නිසා උඩගුවෙන් තප්පුලන ඔබලා ලෝකයටම අවාසනාවක්.(නදී)
මේ වැලි ප්‍රවාහනය එම දිස්ත්‍රික්කයට පමණක් සීමා විය යුතුයි. කොළඹ මිනිසුන් කොලඹින් වැලි ගත යුතුයි. කරුණාකර ජීවිත හානි වගේම, පරිසර හානියත් සැලකිල්ලට ගන්ඩ. සාමාන්‍ය මිනිසුන් හරි. කොළොඹ හෝටල් සහ කැසිනෝ හදන්ඩ විනාස කරන්නේ මාතලේ, මනම්පිටිය වැනි පෙදෙස් වල පරිසරයයි. අවශ්‍ය අය කරුණාකර මේ පෙදෙස් පරික්ෂාවට ලක්කරන්ඩ. දේශපාලකයෝ, ගල් ගසා එළවිය යුතු කාලය ඇවිත් තියෙන්නේ.(නදී)
ඉලපත් වලින් ගහලයි පන්නන්න තියෙන්නේ (නි)
ගමගේ මමත් එකඟ වෙනවා ප්‍රමිතියක් නැති වාහන ධාවනය හොර රියදුරු බලපත් වැනි කරුණු මත අනතුරු වන බවට.ලංකාවේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන්න රජය ගන්න උත්සාහයට අද කි දෙනෙක් උද්ඝෝෂණ කරනවද හොඳම උදාහරණය බටුවත්ත.කට්ටියක් පාරවල් හදන්න කියල උද්ඝෝෂණය කරනකොට කට්ටියක් පාරවල් එපා කියනවා.හොඳට බලන්න මේ හැම සිදිවිමක් පිටුපසම ක්‍රියාත්මක වෙන්නේ සිද්ධියට අදාළ දේවල් නෙමයි.තමුන්ගේ කුහක කම ලෝකෙට පෙන්වීමයි.රියදුරන්ගේ නොසැලකිල්ල රිය අනතුරු වලට මුලික හේතුවක්.මේ බයිසිකලය පැදගෙන ආව කෙනත් රියදුරෙක්.කෙනෙක් මැරුණට පස්සේ ජිවත් වෙලා ඉන්න අයට අවහිර වෙනසේ හැසිරීම මගින් මැරුන අයට පන දෙන්න බැහැ.මෙම වැලි ගොඩ දැමීම දේශපාලනයෙකුගේ කොන්තරාත්තුවක් නම් එම දේශපාලඥයා එතනට ගෙන එන්න කතිරය ගහපු අයත් අද මෙතන ඉන්න ඇති.හෙට ඔහු චන්දය ඉල්ලුවත් කතිරය ගහන්න බලන් ඉන්න අයත් මෙතන ඇති. (නි)
තමුන්ගේ කෙනෙක්ට ඔහොම වුනා නම් අනික් අයගේ ප්‍රතිචාරත් ඔෙහාම තමා පව් අහිංසක මිනිස්සු. (ස)
ඔය පාරවල් වල හැමදාම ලොරි දහස් ගණනක් යනවා.වැලි ප්‍රවාහනයට අවසර තියෙන්නේ උදී 6:00 ඉඳල හවස 6:00 වෙනකම් විතරයි . ඒක නිසා වැලි ලොරි රියදුරන් ඉතා වේගයෙන් මේ මී පාරවල් වල ලොරි දාවනය කරන්නේ. පාර වල හරිම පටුයි . බොහො ලොරි රියදුරන් යන්නේඒ පාර වල් වල යන්නේ තමාගේ ලොරිය විතරයි කියල හිතාගෙන. පාරේ ගමන් කරන මිනිහෙකුට තිය වාහ්නයකටවත් ඉඩ දෙන්නේ නැහැ .සමහර රියදුරන් මත්පැන් පානය කරලා ලොරි දාවනය කරන අවස්ථාද තියෙනවා. එම පාරවල් වල නීතිය ආරක්ෂා කරන්න පොලිසිය මැදිහත් වීමී සැහෙන අඩුවක් තියෙනවා.කදුවල ඉතා හෙමින් දාවනය වන මේ රථ තැනිතලා ස්ථාන වලදී උපරිම වීගයකින් යනවා. උදාහරණයක් වශයෙන් හෙට්ටිපොල පල්ලේගම හරහා නුල මාර්ගය කිව හැකි. මේ සදහා ගත යුතු එක විසදුමක් විදිහට නීතිය ආරක්ෂා කිරීමට පොලිස් නිලදාරීන් ප්‍රමාණය වැඩිකිරීම, වැලි ලොරි රථ වල වේග සීමා පැන වීම, ලොරි රියදුරන් නිතරම බීමත්ව රිය පදවනවාදි පරීක්ෂා කිරීම, ලොරි තදබදය සදහා පිකල්ප මාර්ග හදුන්වාදීම කල හැකි. (දී)
"ලංකාවේ පාරවල් හදනවා කොටි ගණන් වියදම් කරලා , එත් එක පරකවත් සාමාන්‍ය ජනයට ගමන් කරන්න පේමන්ට් එකක් හදල තියෙන්නේ.?" ගෙදර ඉඳන් ජනේලෙන් පරදිහ බලාගෙන කතා කොරන්න එපා රූපවතී නැන්දේ පාරවල් හදන පැතිවලට ගහිල්ල බලන්න. පෙමෙන්ට් නම් නැහැ සෛඩ් වෝක් නම් හදල තිබෙනවා රතුපාට ගල් පොලවට අල්ලලා. එන්න අපෙපැත්තට තලවතුගොඩට පාරවල් බලන්න රූපවතී නැන්දට ඊරිසිය හිතේවි (අ)
අද නම් වැලි ලොරි වලින් ගාන කපා ගන්න බැරිව ඇති?(නදී)
රනිල්, අර සුද්දන්ට කලවම් වෙච්ච 0.01% ට වගේ ඔයා අයත් වෙන්නේ. (නි)
මුදල් පසුපස යන මිනිස්සු හෙටත් ඔය වැඩේම කරයි. මිනිසුන්ට නීතිය ගැන බලපොරොත්තුවක් නැහැ.(නදී)
මේ වැලි ප්‍රවාහනය මාර කරදරයක් වෙලා තියෙන්නේ.ලොරි යා යුතු වේග සීමාවන් ඉක්මවා ඉතා විශාල බර වාහන ප්‍රවාහනය නිසා අනතුරු වලට අමතරව මහා මාර්ගද ඉක්මනින් අබලන් වෙනවා.ගොඩනැගිලි ඉදිකිරීමේදී වැලි භාවිතය අවම කල හැකි ඉංජිනේරුමය විසදුම් ඕනෑ තරම් ලෝකයේ තිබෙනවා .වැලි සිමෙන්ති බ්ලොක් ගල් වෙනුවට පස් සහ සිමෙන්ති ගල් භාවිතය,නිවැරදි මිනුම් වලට තැනූ ගඩොල් භාවිතය මගින් වැලි භාවිතය විශාල ලෙස අඩු කල හැකියි.ගොඩනැගිලි ඉදි කිරීමේදී මේ සඳහා නීති පැනවීමෙන් වැලි භාවිතය අඩු කර ගැනීම සුදුසුය . (නි)
නීතිය බල්ලට ගියාම ඔහොම දේවල් වෙනවා. වේග සීමාවක් නැහැ. මිනිසුන්ව අමු අමුවේ යටකරගෙන යනවා ..ඊට පස්සේ නිදහස් වෙනවා .....මිනිස්සු සාධාරණයි (නි)
ගඟ විනාස කරන්නේ දේශපාලුවෝ.රටේ නීතියක් නැහැ. බලය බෙදන එක විතරයි හරියට කරන්නේ. රටට මිනිස්සුන්ට මොනවා වුනත් බලන්න පාලකයෝ නැහැ. මේ අසාදාරණේ ඉවසුවා ඇති (නි)
පොලව මහී කාන්තාව කපා කොටා විකුණාගෙන කන නිසා සියල්ල උඩු යටිකුරු වී ඇත. වැලි, පස් ටිපර් කරුවෝ දේශපාලුවන්ගේ මැර බලය සමග මාරයෝ මෙන් වාහන දාවනය කරති. මිනිස් ජිවිත බිලි ගනිති. මාර්ග වනසති. ලොව පාලනය කරන දෙවියෝද බයෙන් සැලී නිහඬව සිටිති.(නදී)
ආනන්ද, ගාමිණි-සිරි, අසේල, ඔබ සමග මාත් එකඟයි. දවසකට ලොරි 500 ක් බැගින් අවුරුදු ගානක් තිස්සේ ගීයා? අනතුරු කීයක් සිදුවුනාද? දෙකක්, තුනක්, පහක්? "හදිසි අනතුරු" කියන්නේ වැළක්විය නොහැකි දෙයක්. ලෝකේ තියෙන උපරිම ආරක්ෂක විධිවිධාන තිබුනත් "ඇක්සිඩන්ට්" සිදුවෙනවා. ඒකට රටේ සම්පත් හෝ මහජන දේපල විනාශ කිරීමද පිළියම? ගොඩනැගිලි කර්මාන්තයෙන් යැපෙන නැත්නම් තමන්ගේ ගෙයක් දොරක් හදාගන්න උත්සාහ කරන මිනිසුන්ගේ බඩට ගැහීමද පිළියම? අර ජීවන්ට කළා වගේ ප්‍රශ්නයට පිලියමක් හොයන්න එන අය පලවා හැරීමද පිළියම? රථවාහන නීති දැඩිකිරීම, ක්‍රියාත්මක කිරීම, බර වාහන ධාවනයට සුදුසු පාරවල් තැනීම ආදී දේ නොවේද පිළියම? අපේ රටේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න හදන්නෙම ආවේගවලින්. ආනන්ද කියනව වගේ ඒවා "වීරක්‍රියා" කියල හිතනව ඇති. (නි)
රටතුල නීතියත් සදරනත්වයත් හරියටම ක්‍රියාත්මක වෙනවනම් සහ දේසපාලන එහෙමනැති නම් වෙනත් බලපුළුවන්කාරකම් වලට යටත් නොවී පොලිසියත් කටයුතු කරනවානම් ජනතාව මේ විදියට කටයුතු කරන්නේ නැති බව මට කියන්න පුළුවන්. බලපුලුවන්කාර අය පාරේ යන විදියත් සාමාන්‍ය අය යන විදියත් අතර වෙනසක් තියන බව පාරක ගමන් කරලා තියන ඕනෙම කෙනෙක් දන්නවා. ලෝකයේ දියුණු රටවල්වල මැති ඇමති වරු රටේ සාමාන්‍ය නීතියට අනුකුල ලෙස කටයුතු කරතත් අපේ රටේ එහෙම නැති බව දන්නා කිසි කෙනෙකුට හුඟක් දෙනෙක් කරලා තියන විදිහට තර්ක විතර්ක කර කර ඉන්න වෙන්නේ නැහැ. බලය තියන අය සාධාරනවිදිහට කටයුතු කරනවානම් ජනතාව ඔවුනට කන් දීමට සුදානම් බව මම විවිධ නිලතල වල කටයුතු කරලා ලබපු අත්දකීම්තුලින් දන්නවා. දසරජධර්මය කියන්නේ කුමක්ද කියල දන්නා කාගෙන් හරි අහල එයට අනුව එක මාසයක් පාලනය කලොත් ජනතාව නීතිය අතට අරගෙන කටයුතු කරන එක නවතින බව මටනම් ඒකාන්තයි. (දී)
මේ මේ පොඩි අත්වරදීමක්නේ උනේ හරි අපි හොයල බලලා වැරෙද්දට දඩුවම් කරන්න කියල ලොකු මන්ත්‍රී තුමාට කියන්නම් ,එතුමා සර්ව සාදාරණ විදියට නඩුව විසදාවී හොදේ .ඔබ තුමාලා එතුමාව පන්නා ගත්ත එක වැරදිය . (දී)
ඔහේලට නොතේරෙන දෙයක් තිබෙනවා.ඔය වැලි ලොරි වලින් පුද්ගලික බස් වලින් මියයන ගණන අපමනයි.එහෙත් ඔය අයගෙන් බොහෝ දෙනෙක් නිදහස් වෙනවා.එහෙම වෙන්නේ වැලි බලපත්‍රය සහ බස් බලපත්‍රය ගන්නට මුදල් සහ දේශපාලන බලය යන දෙකම තිබියයුතු නිසා.මෙය කුමන පක්ෂය බලයට ආවත් එහෙමයි.මෙය දන්නා ගම්වල අහිංසක ජනතාව අසරණව විදගෙන සිටිනවා.සිදුවීමකින් පසු එය දෝරෙගලා පිටවෙනවා.මෙය තේරුම් නොගෙන අහිංසක ගැමියන්ට දොස්පැවැරීම සාධාරණ නොවේ. (නි)
මම හිතනවා මේවගේ අනතුරු වලට හේතුව නිතිය වරදිකම කොහොමද රියදුරෙක් පැය 24 ඇතුලත වැලිත් පටවාගෙන ඔය බරවහනය පදවන්නේ.අඩුමගානේ පෙර්මිට් එක පය 48 කට දෙන්න ඕනේ.එතකොට රියදුරාට තමන්ගේ ගමනට අවශ්‍ය කාලය තියනවා.තවද වහනය හෙමින් පදවන්න පුළුවන් එමගින් අනතුරු වලක්කගන්න පුළුවන්. (දී)
ටිපර් යන හැටි බලන්න එපයි කාගේද මේ ටිපර්!! අහවලාගේ සහ නෑ සිය මිතුරන්ගේ එකනේ ඉගිල්ලෙන්නේ එත් පොලොසියත් බය (අ)
අසේල ඕමානය ඇයි ඔයා මෝඩ කතා කියන්නේ? ප්‍රදේශවාසින් එහෙම කරන්නේ මේ වැලි ලොරි මිනිස්සු මරණ එක නවත්ත ගන්ඩ. ලොකු උදවිය හෝටල් හදනවා, ලොකු ලොරි ගංගාවල් හිදෙනකම් වැලි අදිනවා, ලොකු ලොරි අහිංසක මිනිස්සු මරනවා. මහවැලි වියපෘති තිබුන කාලේ ඉස්සරවෙලා පාරවල් හැදුවා ලොකු ලොරි යන්න ඕන දිහාවට. දැන් තියන ගමේ පාරවල් වල වැලි ලොරි යනවා. මේවා තහනම් කරන්න ඕනේ සාමාන්‍ය පාරවල් වලින් යන්න බැරි විදිහට.(නදී)
කිසිම රියදුරෙක් හිතා මතා අනතුරක් කරන්නේ නැහැ. යන්තමට වාහනයක ගෑවුනත් කන්න වෙන පරිප්පුවේ හැටියට කව්රුත් හිතාමතා මිනිස්සු හප්පන්නේ නැහැ.. ලොරි වලට වේග සීමා පනවලා, පොලිසිය ලවා නිතරම පරීක්ෂා කරලා ජරාව නොකා කෙලින්ම උසාවියට දාන්න කටයුතු කලානම් රියදුරන්ගේ නොසැලකිලිමත් කම අඩු වෙයි. නැතුව මේ මිනිස්සු කරන දේ විසදුමක් නෙමෙයි. හැම දේටම පාරවල් අවහිර කරන එක නවත්වන්න ඕන දැන් බලය යොදල හරි.. මේක නැත්නම් සාමකාමී මහජනතාවට ලොකු හිරිහැරයක් වෙනවා..දැනටම නරක ආදර්ශයක් අනෙක් අයටත් ගන්න අවස්ථාවන් සලසල දීල ඉවයි.. කරුණාකරලා වගකිවුත්තන් ප්‍රශ්නවලට සාදාරන විසදුමක් දෙන ගමන් මහජනයා පීඩාවට පත්කරවන මේ පුරුද්ද බලය යොදා හරි දැන්ම නතර කර දාන්න.. නැත්නම් තුර්කියේ උනා වගේ අවසානේ මෙවන් ප්‍රයෝජන ගන්නේ මලමිනී දේශපාලනේ කරන, මිනියක් ලැබෙනකම් පෙරුම් පුරන බංකලොත් දෙශපාලුවෝ.. (ස)
ටිපර් රථ, පෞද්ගලික බස් රථ හා ලොරි රථ හිමි මුදලාලිලාට සල්ලි තිබෙන තුරු හෝ රථවාහන පොලිසියේ මහත්වරුන්ට අල්ලස් ලබාගෙන නීති විරෝධී ලෙස වාහන ධාවනය කිරීමට ඉඩ හැරීම වැරදියි කියා වැටහෙන තුරු හෝ බලධාරීන් අවංකව රාජකාරි කරන පොලිස් නිලධාරී මහත්වරුන්ට කරන බලපෑම් නතර කරනතුරු අපේ රටේ නොසැලකිල්ල හා අනතුරුදායක ලෙස රිය පැදවීම නිසා සිදුවන මාර්ග අනතුරු වලක්වන්න බැහැ. (ස)
ජනතා නියෝජිතයෝ වෙනුවට තාත්තාගෙන් පුතාට මන්ත්‍රීකම යන විදියට කටුතු කරන නිසා තමා ඔය දේවල් වෙන්නේ. ළඟදීම රුසියාවේ සාර් රජා එලවපු විදියට ඔය අයටත් යන්න වේවි (අ)
දැන් රටේ ජනතාවට නීතිය අතට අරගන්න පටන් ගෙන ඇති බව පෙනේ. ඉදිරියේදී අවි ආයුධ පොලු මුගුරු අරගනෙ ගහන්නත් පටන් ගනීවි. මන්ත්‍රීතුමාව හරවා යැවීම අගේ කරමි. මේ යන විදියට ඉදිරියේදී තුමන්ලාට ගුටි පුජාවන් අදාල ස්ථානයේදීම ලැබීමට බැරි නැහැ. නීතිය සාධාරනව ක්‍රියාත්මක කර නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කඩන්නට සැලැස්වීම වලකාලීම බලධාරීන්ගේ යුතුකමකි. නැත්නම් ඉදිරියේදී ලැබෙන ප්‍රතිඵල භයානක විය හැකියි.(නදී)
ඕමාන් වල හෙට ඔහේගේ අම්මා, මල්ලිට මේක වුනොත් ඕකම අදහසක් විදියට දාන්න.රනිල් ලංකාවේ මිනිස්සු දැකලා තියෙන්නේ අද.ඉපදුනේ ඇමරිකාවේ වෙන්න ඇති.සීයාගේ, තාත්තගේ ෆොටෝ ටිකක් තියේ නම් හොඳට බලනවා. (නි)
පාදඩ දේශපාලුවො මිසක සාදාරන එවුන් ලංකාවෙ නෑ . මුන්ට ජනතාව දඩුවම් කරනු විනා වෙන විකල්පයක් නැත.(අ)
මහේෂ් හිනයෙන් දොඩවනවද ? එහෙමනත්නම් වැලි බිස්නස් එකේ ඔයත් ඉන්නවද ? එහෙම නැත්තන් ගණන් බැරිද ? පර්මිට් එක පැය 48 දුන්න ගමන් පැය 24 ලෝඩ් දෙකනම් පැය 48 ලෝඩ් හතරක් අදිනවා.රෑට ගෝලය එලවනවා,දවල්ට රියැදුර එලවනවා.සමහරවිට ලෝඩ් පහක්ම අදින්න බලනවා. (ස)
අනතුරු සිදුවන්නේ වේගයට වඩා නොසැලකිල්ල සහ බිමත්ව රිය පැදවීමෙන්. බලපත්‍ර තිබුනට හොඳ රියදුරෙක් වෙන්න විනයක්,සහ ඉවසීමක් තියෙන්න ඕනෑ. බොහෝ දෙනෙකුට අද තියෙන්නේ පුදුම හදිස්සියක්. අනුන්ට ඉඩ දෙන්න හිතන්නෙම නැහැ. ඉඩ ගන්න විතරයි හිතන්නේ. අබල දුබල අය වගේම පුංචි දරුවෝද මහා මග යන බව හිතන්න ඕනෑ. අද අපේ සමාජය වෙතින් මානව දයාව නැතිවෙමින් යනවා. මිනිසුන් මෙහෙම කිපෙන්නෙත් ඒ නිසාම තමයි. මිය ගිය දෙදෙනාටම නිවන් සුව ලැබේවා! (නි)
ගොඩක් දුරට ලංකාවේ වැලි බලපත්‍ර තිබෙන්නේ දේශපාලන හෙන්වයියලාටයි. එම නිසා එම ලොරි පාරේ ගමන් කරන්නේ කිසිම මාර්ග නීතියක් අනුගමනය නොකරමින් චන්ඩින් ලෙස. එම නිසා ජනතාව විසින් නිතිය අතට ගනු ලැබේ. මේකට තමයි කියන්නේ රට ක්‍රම ක්‍රමයෙන් අස්ථාවර වෙනවා කියලා (නි)
මේකේ ඇත්ත තත්වේ හරියට සොයා බැලුවොත් කීදෙනෙක් වැරදි කාරයෝද කියලා හිතෙයි. (ස)
උපාලි මලයෝ,ඔන්න පටන්ගත්තා.මලයෝ, අනතුරු කියන්නේ වැලැක්විය හැකි දෙයක්.නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට මිනිස්සු පිස්සු නටනවා.මෙහි අරමුණ රජයට බැනීම නොවෙයි.පැවති හැම රජයක් යටතේම මෙය සිදුවුණා සහ දැනටත් සිදුවෙනවා.මෙයට නැවතත් හැමදෙනාම වගකිවයුතුයි.වාහන තිබෙන අය ගමේ මිනිස්සුන්ට බනිනවා.උපාලි අන්ධයෙක් වගේ කතාකළාට වැලි ලොරිවලින් පසුගියකාලේ බොහෝ අනතුරු වුණා.නමුත් තමන්ට වාසි පැත්තට විතරක් කතාකිරීම මහා නිවටකමක්. ඔබ රජයට ආදරේ නිසා කියනවා සංවර්ධනය වෙනුවෙන් තව බොහෝ ජීවිත බිලිදිය යුතුය කියලා.මරුනේ තමන්ගේ කෙනෙක් නම් කියනවා වහා තද නීති ගෙනායුතුය කියලා."කන්නට ඕනෑ වුනාම කබරගොයා තලගොයා" කරගන්න මිනිසුන් වැඩි නිසා අපේ රටේ අපරාධ,අනතුරු,නාස්තිය,දුෂණය වැඩිවෙනවා.හරිදෙයට මොකා කරත් හරි දෙයට කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් හැකි කොන්ද ඇති මිනිසුන් තව ගොඩක් බිහිවෙනතුරු මෙවැනි දේවල් නිතර අසන්නට දකින්නට ලැබේවි. (නි)
මියගිය අයගේ වයස විතරක් කරුණාකර පල කළා නම් අපේ අදහස් දමන යට මීට වඩා සමබර අදහස් පලකිරීමට පුළුවන් වේවි නේද? (නි)
සත්තු වගේ හැසිරෙන්න එපා (නි)
හැඟීම් වලට වහල් වෙලා පාලනය කරගන්ට බැරි උනහම වෙන දේවල් තමා. මෙය වැරැද්ද කල කෙනාට සහ වරදින් ජීවිතය නැති උන අයගේ පාර්ශවයටත් පොදුයි. (ස)
නුවන් මහත්තයෝ සත්තු වගේ හැසිරෙන්න එපා කියලා කියන්නේ මොකද? බලය හමුවේ නීතිය අසරණ වූ විට මිනිසුන්ට වෙන විකල්පයක් තියනවාද? සමාන්‍ය ජනතාවටත් ආවේගය පාලනය කර ගත හැකි සීමාවක් තියනවා. නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවුනොත් භායානක ප්‍රතිළුල ඇතිවේවි. බලධාරීන් උන්නදු විය යුතුයි. (ස)
පොලීසිය මොනවා කරන්නද? (නි)
සෑම පුරවැසියෙක්ම තමාගේ පමණක් නොව අනික් අයගේ ජීවිතවල වටිනාකම අවබෝධයෙන් ක්‍රියා කළයුතුය.අපේ රටේ මිනුසුන් සෑම දෙයක්ම ඉතාම සැහැල්ලුවෙන් ගණන් ගන්නට පුරුදු වි ඇත.විනය, නීතිගරුකකම පුරුදුවෙන්න ඕනෑ. (නි)
පදවන අමනයන්ගේ පැත්ත ගෙන කතා කරන අයටයි මේ. මම ලංකාවේදී වෘත්තීය රියදුරෙක් නොවුනට මැද පෙරදිගදී බර වාහන රියදුරෙක්. ඒ වගේම ලංකාවේ මා වැඩ කල ආයතනයේ රියදුරන් ප්‍රතික්ෂේප කල මම පදවාගෙන දුර ගමන් ගොස් තියෙනවා.ඕනෑම රියදුරෙකු කල්පනාවෙන් රිය පැදවුවහොත් අනතුරක් සිදුවීම කලාතුරකින්.වාහන පැදවීමේදී,මාර්ග සහ වාහනයේ තත්වය ගැන ඉතාමත් සැලකිලි විය යුතුයි. අද අය වැඩි දෙනෙක් යන්නේ පුලුවන් නම් බේරියල්ලා, මම ඉගිලෙනවා කියලා සිතාගෙන.ඉතින් මහජනතාව කෝප වෙන එක සාධාරණයි (නි)
මෙවා පාලකයින්ෙග් වැරදි නෙමෙයි. නියම විපක්ෂයක් නැති එකේ වරද. ඒක නිසා පාලකයන්ට මේවා ගැන බලන්න අවශ්‍යතාවයක් නෑ. (ස)
මට දුක සමහර ලංකාවෙන් පිටරට වලට ගිය අපේ මිනිස්සු ගැන. ඔයාලා ඔහේ ඉදගෙන ලංකාව ගැන අදහස් දැම්මට මෙහේ ඇත්තම තත්වය දන්නේ බොහොම ටික දෙනයි. ඔයාලා ඔය රටවල් වල පාරවල්, වාහන දැකලා ලංකාවේ වගේ කියලා හිතන්න එපා.ඔයාලගේ ඔළුගෙඩි වල තියන වහල් ගති, නිවට ගති අතහැරලා නියම ලාංකිකයෙක් විදිහට හිතලා අදහස් දාන්න.ලංකාවේ මිනිස්සු 90% නොවෙයි ඔක්කොම මේ වගේ තමයි.අමුතු මිනිස්සු නොවෙයි.නියම ලාංකික දෙමවුපියන්ට දාව හැදුන මිනිස්සු මේ වගේ තමයි.මෙහේ ඉදගෙන කොස් පොලොස් කාපු මිනිස්සු අවුරුද්දක් දෙකක් රට ගිහින් ආවම කොස්, පොලොස් අදුරන්නේ නැහැ.රට ගිහින් පොඩි රූම් එකකට ගුලිවෙලා මොනවහරි කාලා අමාරුවෙන් ජීවත් වෙන්නේ.මමත් ගොඩක් හොද ජොබ් එකක් අවුරුදු ගානක් රට ඉදගෙන කලා, ඒත් මගේ රට, මගේ මිනිස්සු අමතක කලේ නැහැ.මගේ රටේ සුළං පොදත් ඇගට සනීපයි. (නි)
මම දැක්ක සත්‍ය දේනම් ලංකාවේදී , මිනිසුන්ට මාර්ග නීති නැතිකම. කහ ඉර ගැන හැමෝම මොකද කියන්නේ ? ලංකාවේ පාරවල් හදනවා කොටි ගණන් වියදම් කරලා , එත් එක පරකවත් සාමාන්‍ය ජනයට ගමන් කරන්න පේමන්ට් එකක් හදල තියෙන්නේ.? කොහෙද.. මොන පාරේද ? මහජනයා ගමන් කරන්නේත් වාහන යන මහා පාරේ මැද්දේ, වාහන දෙකක් දෙපැත්තෙන් අවොත් පාරේ යන කෙනාට දෙයියන්ගේම පිහිටයි .. ඇයි මහා ලොක්කෝ ගසා කන සල්ලි පාරවල් හදද්දී ඒවා නවත්තල, පාරක් හදන විට සාමාන්‍ය වැසියන්ට ගමන් කරන්න පේමන්ට් එකක් දමල හදන්න බලදරයන්ගේ ඇස්ගෙඩි විවරවේවා..? (ස)
අනේ මේ අයගේ විලාපය අහගෙන ඉන්න බැහැ.මන්ත්‍රී එන්න ඇත්තේ මොකටද දන්නෙ නැහැ. ආපහු යවපු එක හොදයි අනේ මේ ගැන බලදාරින් දැන්වත් බලන්නකෝ පින්සිදු වෙයි මේ වගේ විපත් නොවෙන්න අපේ රියදුරු මහතුන් වග බලා ගත්තොත් මෙවැනි විලාප අහන්න වෙන එකක් නැහැ. ඇත්තටම මට වුනා වගේ දුකයි (නි)
රනිල්, ඔබට මේ මිනිසුන්ගේ පෙනෙන අමුත්ත මොකද්ද? (නි)
බන්දු අයියේ, මෙහෙත් නම් තියනවා කුරුණෑගල.හැමතැනමත් තියනවා රටේ.ඒත් ටවුමට විතරයි. එහෙම නෙමේ. පාරක් කීවොත් මුළු දිසාවේම පාරවල් ...ඔයා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ මල්ලියෙක්වද්ද? (නි)
ඕමානයේ ඉන්න අසේල ගෙන් මම අහන්න කැමතියි ඕමාන් වලත් මේවගේ මාරක රිය අනතුරු දවසගානේ සිද්දවෙලා දල වශයෙන් මිනිස්සු 7-8ක් දහයක් මැරිලා යනවද? නෑ කොහෙත්ම නෑ හේතුව මූලිකවම රියදුරෝ නීති පිළිපදිනවා. අඩු ගානේ ලංකාවෙන් පිට ඉන්න අය හරි මේකට හඬක් නගල මේ අනතුරු වලක්වා ගන්න උපදෙසක් දෙන්න. මම නම් කියන්නේ මේ රිය අනතුරු 90% කම සිදුවෙන්නේ නොහික්මුණු නොසන්ඩාල අමන රියදුරෙකුගේ වරදකින්. වේගය වැඩිකම, අනෙකා නොසලකා හැරීම. (ඌට ඕනනම් නවත්ත ගත්තාවේ) වාහන වල තත්වය බාලවීම , ඉදිමිච්ච ඔලුව, හොර බලපත් හා නොසුදුසු අය අතට වාහන පත්වීම. වගේ දේවල්. මැරුණයි පස්සේ උද්ගෝෂණ කරලා ටයර් පුච්චලා වැඩක් වෙන්නේ නෑ ,මිනිස් සිත් සතන් සෑදිය යුතුයි. (නදී)
ඕමානයේ ඉන්න අසේල ගෙන් මම අහන්න කැමතියි ඕමාන් වලත් මේ වගේ මාරක රිය අනතුරු දවසගානේ සිද්දවෙලා දල වශයෙන් මිනිස්සු 7-8ක් දහයක් මැරිලා යනවද? නෑ කොහෙත්ම නෑ හේතුව මූලිකවම රියදුරෝ නීති පිළිපදිනවා. අඩු ගානේ ලංකාවෙන් පිට ඉන්න අය හරි මේකට හඬක් නගලා මේ අනතුරු වලක්වා ගන්න උපදෙසක් දෙන්න. මම නම් කියන්නේ මේ රිය අනතුරු 90% කම සිදුවෙන්නේ නොහික්මුණු නොසන්ඩාල අමන රියදුරෙකුගේ වරදකින්. වේගය වැඩිකම, අනෙකා නොසලකා හැරීම. වාහන වල තත්වය බාලවීම , ඉදිමිච්ච ඔලුව, හොර බලපත් හා නුසුදුසු අය අතර රිය පත්වීම. වගේ දේවල්. මැරුණයි පස්සේ උද්ගෝෂණ කරලා ටයර් පුච්චලා වැඩක් වෙන්නේ නෑ ,මිනිස් සිත් සතන් සෑදිය යුතුයි. (නි)
අනේ පව්, මේ අසරණ මනුස්සයින්ට උන ජීවිත හානිය, දුක දරාගන්න බැරුව හිතේ වේදනාවට අපි උනත් කෂණිකව මනස ක්‍රියාත්මක කරන්නේ මේ වගේ දේවල් කරලා. අපේ රටේ නීතිය මෙවන්නුන්ට දඩුවන් නොකරන නිසා තමයි ඔවුන් මේ දේ කරලා තියෙන්නේ. උසාවියට දමල අවරුදු 14 ක් 15 ක් නඩු කීවත් අගතියට පත් වූවන්ට ගේදොර උගස්කරන්න වෙනවා නඩු කියන්න. ඒත් මැරුණ අයට පනදෙන්න බැහැ. නීතියෙන් මිනීමරුවා නිදහස්. අවසානේ මැරුණ මිනිසුන්ගේ පවුලේ අසරණයින්ට ඉන්න තැනකුත් නැහැ, නඩු කියල ඉවර වෙනවිට. අර තාත්ත වෙන්න ඇති, බිම පෙරලි පෙරලි දුක කියා ගන්න බැරිව කෑගහන්නේ දෙවියනේ. අපිටත් දුකයි එත් මොකද කරන්නේ? වන සතෙකුටවත් මෙවන් දෙයක් නොමවේවා.(නදී)
දේශිකා,ඔයා මෙතෙන ප්‍රශ්නයෙන් පිට පැනලා.මිනිස්කමට, හා නිතීයට ගරු කිරීම ලාංකිකයන්ගේ යුතුකමක්.ඔයා මෙතන අදහස් කරන්නේ 90% ලාංකිකයෝ එහෙම නැහැයි කියලද? රට ගිහින් ඇවිල්ලා මිනිස්සු වෙනස් වෙලා නම්,ඒක හොදයි.වෙනස් වෙන ලෝකේ අපි කව්රුත් වෙනස් විය යුතයි.ජිවත් වෙන්න රැකියාවක් කිරීම වහල් හා නිවටකමක් ලෙස සැලකීම වැරදි අදහසක්. (නි)
හරිම දුකයි සිද්ධ වූ දේට. මන්ත්‍රී ලට ගහලා එලවන කාලේ දැන් ඇවිත් තියෙන්නේ. මෙහෙම තමයි අපේ රට හදන්න තියෙන්නේ. මිනිස්සුන්ට එපා වෙලා දැන් මේ දේශපාලකයෝ.(නදී)
සමහර අයගේ අදහසනම් මෙලෝ රහක් නැහැ , මෙතැන් මැරිලා ඉන්නේ මිනිස්සු දෙන්නෙක්. දුක දන්නේ ඒ අයගේ පවුල් වල අය. අනතුරක් වෙන්නේ රියදුරාගේ නොසැලකිල්ල , අදික වේගය , අපරික්ෂාව , බීමත්කම , අදික වෙහෙස , මාර්ග නීති ගැන තියෙන දැනුම මදිකම , පාරට තියෙන අවදානය අඩුකම , නිවරැදි පුහුණුවක් නැතිකම සහ තමන්ගේ ජීවිතේ , මහමග ගමන් කරන මගීන්ගේ ජීවිත ,තමන් පදවන වාහනය , අනිකුත් වාහන , පෞද්ගලික දේපොළ , සහ පොදු දේපොළ ගැන වගකීමක් නැති කම ඉවසීම අඩුකම , රිය පැදවිමයි රිය හසුරුවීමයි කියන්නේ දෙකක්. මේ කියන කාරනා ගැන කල්පනා කරද්දී රියදුරාගේ වරද 90% විතර වෙනවා . ඊළඟට වරදට දෙන දඩුවම ගැන රටේ ම්නිසුන්ට තියෙනේ කලකිරීමක් ඒ නිසයි මිනිසුන් නීතිය අතට ගන්නේ. මේකේ අදහස් දාපු මහතුරු දැන් මොකද කියන්නේ ? සංවාදයට විවෘර්තයි.(නදී)
සත්‍යපාල, බොහොම හොඳයි. යන්නේ කොහෙද මල්ලේ පොල් න්‍යාය අනුවයි ඔබ කතාකරන්නේ. මම කිව්වේ, වාහන අනතුරක් වුනාම ඒකට දේපල වනසල යකා නටල හරියන්නේ නැහැ. ආවේගශීලී නොවී ප්‍රශ්නය තේරුම් අරන් නීති දැඩිකිරීම වැනි දේ මගින් පිළියම් යොදන්න ඕන කියන කරුණයි. රුපවති ඉතාම හොඳ (පිටරටවල අනිවාර්ය කර ඇති) විසඳුමක් පෙන්වාදීල තියෙනවා (පදික වේදිකා).මම කිසිම රජයකට ආවඩල තියෙනවද මෙතන? ඔබම හිතෙන් මවාගත් විකාර වගයකට ඔබම කියවනවා. ඔබ දන්නවද මෙතනදී වැරදි කාරය මෝටර් සයිකල්කරුව විය නොහැකිද කියල? දන්නේ නැහැ නේද? පුර්ව නිගමනවල එල්ලුනාම අපි සත්‍යය දකින්නේ නැහැ, සත්‍යපාල. බන්දුල පෙරේරාගේ අදහස බලන්න. හිතාමතා මිනිස්සු යටකරන රියදුරෝ ඉන්නවද? ඒකයි ඒවා "හදිසි අනතුරු" ලෙස නිර්වචනය කරන්නේ. "හදිසි අනතුර" යනු කුමක්ද කියල ඔබ දන්නා උගත් කෙනෙකුගෙන් දැන ගන්න. පහසුව සඳහා කියන්නම් "හදිසි අනතරු අවම කල හැකියි, වැළක්විය නොහැකියි". (නදී)
දේශිකා දුවේ අපි කියන්න හදන්නේ පිට රට ගැත්තෝ වෙන කතාවක් නෙවේ. තව කෙනෙක් නොමරා පරෙස්සමෙන් වාහනේ පදවලා තමන්ගේ ගමනක් යන්න කියන එකයි. නැතුව පිටරටවල් වලට ආවඩනවා නෙවෙයි. කියන දේ හරියට තෙරුම් ගන්න උත්සහ කරන්න. මෙහෙම හඩක් නැතිවුනොත් අවිනීත රියදුරන් අතින් අගනා ජීවිත බේරගන්න බැරිවයි. ඒ මැරිලා යන ජීවිත ගැන දුක හිතිලයි මේවා ලියන්නේ. නීති තද කරලා නිසි දඬුවම් දීලා එක්තරා මට්ටමකට අපේ රටේ මාර්ග නීති පිලි පැදව්වොත් මේ නැතිවෙන ජීවිත බේරගන්න පුළුවන් වේවි. එච්චරයි කියන්න අවශ්‍ය කලේ. නැතුව කොස් පොලොස් කන්න එපා. ලාංකික ගති අත හරින්න කියන එක නෙවේ. නැත්නම් වෙන්නේ මෙහෙම රිය අනතුරක් වෙලා කීප දෙනෙක් මරුනම පහුවදා ලොකු ශෝක ප්‍රවෘතියක් පත්තරේ වැඩේ ඉවර කරන එක විතරයි. මේ පුන පුනා කියන්න හදන්නේ අර හරක් මැරෙන එක වලක්වන්න ගන්න ක්‍රියා මාර්ග වගේම මිනිසා කියන සතාවත් බේරා ගම්මු කියන එක විතරයි (නි)
කී දෙනෙකුට අර වගේ ලොකු කොටයක් තනියම කරේ තියාගෙන යන්න පුලුවන්ද?(නදී)
දිනේෂ්, හැම දේකටම ආගම, දේශාභිමානය පලිහක් හැටියට පාවිච්චි කරන්න එපා. මම මේ රටේ උපන්නේ ඉල්ලුම් පත්තරයක් දාලා නොවේ. මම මේ ලෝකේ වැසියෙක් වෙමි. මාගේ ආසාව මුලු ලොවම සාමයෙන්, සතුටින් එකා මෙන් ජීවත්වෙනවා දකින්නයි.(නදී)
"දවසකට ලොරි 500 ක් බැගින් අවුරුදු ගානක් තිස්සේ ගීයා? අනතුරු කීයක් සිදුවුනාද? දෙකක්, තුනක්, පහක්? "හදිසි අනතුරු" කියන්නේ වැළක්විය නොහැකි දෙයක්. ලෝකේ තියෙන උපරිම ආරක්ෂක විධිවිධාන තිබුනත් "ඇක්සිඩන්ට්" සිදුවෙනවා". - උපාලි ඔයා බන නොකියා ඉන්න උපාලි. කියන්න හදනදේ තේරෙනවා. දැන් විරෝධය එනවිට වහන්න හදනවා. කොරහේ කුණු නෑඹිලියෙන් වහන්න බෑ" කියනවනේ.(නදී)
තිසල්, ඔබේ පළමු ප්‍රතිචාරය මල්ලෙ පොල්. හැබැයි, දෙවැනි එක ඉතාම හොඳ තර්කානුල ප්‍රතිචාරයක්. ඔන්න ඔහොමයි තිසල්, අපි අදහස් දැමිය යුත්තේ. හැගීම්වලට වහල් වෙලා නෙමෙයි. මම ඔබට ඒකට නම් ඇත්තටම ගරුකරනවා. මම නැවත නැවතත් කිව්වේ, 'මෙතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් විසදුම හැටියට ආවේගශීලී වූ අතීසාරයට අමුඩ ගැසීමේ ක්‍රම නොව තාර්කික විසදුම් සෙවිය යුතු බවයි'. මං මේ සංවාදයට තවදුරටත් සම්බන්ධ වෙන්නේ නැහැ. (නි)
මේ උපාලි කොහෙද ගියේ? (නි)
රනිල් ද සිල්වා,කොහෙවත් යන පරංගියෙකුට කලවම් වුන නිසා හම ටිකක් සුදු වුනාම රනිල් සිල්වලා වගේ ටිකදෙනෙක් ඉන්නවා තමන් සුද්දෙක් කියල හිතාගෙන. ලංකාව් ඉපදිලා,ලංකාවට ගරහමින් සුද්දට වදින මේ වගේ නිවට ගති තියන අයට මහා කළු සිංහලයන් පෙනෙන්නේ අමුතු කැත සත්තු විදිහට. මිනිපෙ,මෙතන දේශිකා කියලා තියෙන්නේ මේ නිවටයන් ගැන.දේශික ඔබ නිවැරදිය.මගේ ආචාරය ඔබට !දේශික ඔබ වැනි ගැහැනුන් මගේ රටට සම්පතකි. "කලාවැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ රටට වටී බෝධියකින් වට බෝ කොලයක් සේ අගී අගී ඔබ රටට අගී.....// (නි)
රොබට් නොක්ස් දුටු ශ්‍රී ලංකාවද මේ. මෙසේ වෛරය වැපිරවීමෙන් මිය ගිය අයට පණ ලැබෙයිද? ඥාතින් දුකට එසේ කලත් ප්‍රදේශවාසීන්ගේ මේ ක්‍රියාවේ පරමාර්ථය කුමක්ද? නොසැලිකිලිමත් කමින් වෙන සෑම සිදුවීමකටම පිළිතුර චන්ඩි කම ප්‍රදර්ශනය කිරීමද? (ස)
ගමගේ සහ ලාල්, ලිඳේ ඉන්න ගෙම්බා දන්නේ ලිඳේ තරම විතරයි. හිතන්න එපා මෙහෙ රිය අනතුරු නැති රටවල් කියලා. මෙහෙ වේග සීමාවන් සුපිරි මාර්ග වල පැ. කිමි 100 සිට 120 දක්වා වෙනවා.එහෙත් ඉතාමත් සුළු ප්‍රමාණයක් මෝටර් බයිසිකල් තිබෙන නිසා මෝටර් බයිසිකල් අන්තුරු නම් අඩුයි.රිය අනතුරු නම් එමටයි. ඒවගෙන් බේරෙන අයත් ඉතා සුළු ප්‍රමාණයක්.එහෙම වුනා කියලා වාහන ගිනි තියන්න අලාබහානි කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ.මොකද හැමෝටම වාහන තියෙන නිසා වාහන නැති අය තියන අයගේ ඒවා විනාස කරන්න මාන බලන් ඉන්න ඉර්ශියාව අඩුයි.ලාල්, මගේ පවුලේ කෙනෙක් වුනත් වැරදි නම් වැරදියි.මෝටර් බයිසිකල් අනතුරකින් මගේ හොඳම යාලුවෙකුත් නැති වුනා.මට ලංකාවේ මෝටර් බයිසිකල් වලට හැර අනිකුත් සියලුම වාහන පැදවීමේ බලපත්‍රයක් ඇතුව වගකිමෙනුයි මේ ලියන්නේ.මෝටර් බයිසිකලය යනු මරණයට අත වැනීමක්. (නි)
"බන්දු අයියේ, මෙහෙත් නම් තියනවා කුරුණෑගල. හැම තැනමත් තියනවා රටේ. ඒත් ටවුමට විතරයි. එහෙම නෙමේ පාරක් කීවොත් මුළු දිසාවේම පාරවල්. ඔයා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ මල්ලියෙක් වද්ද? රූපවතී නැන්දේ මේ ලියන මම බඳු නොවෙයි බමුණු. කොහොම උනත් ගමේ පාරවල් වලට ඔය කියන පේව්මන්ට් දාන්නේ නැත. පත්තරේට ලීවට මදි ටිකක් හිතන්න.(නදී)
මේ පොටෝ වල ඉන්න හුගක් මිනිස්සුන්ගේ තියෙන්නේ හරි අමුතු රූප ලක්ෂණ. ලංකාවේ 90% ක් මිනිස්සුන්ගේ තත්වේ ඕක තමයි. (නි)
මන්ත්‍රීතුමන්ට මෙතන කළ යුතු දෙයක් නැහැ. සාමය නීතිය රැකීමට තමයි පොලිසිය ඉන්නේ. මේ වැලි ලොරි හැමතැනම අනතුරු ඇති කරනවා. මේකට දිගුකාලීන විසඳුමක් ඕනෑ. වැලි ලොරි වලට හානි කිරීමෙන් හෝ මහ පාර අවහිර කිරීමෙන් මියගිය අයට යහපතක් නුනත් පාලකයන්ගේ අවධානයවත් ලැබේවි. (නි)
මන්ත්‍රී එන්න ඇත්තේ වැඩේ ගොඩින් බේර ගන්න පුලුවන්ද කියලා බලන්න වෙන්න ඇති. ඔය ලොරිය අයිතිකාරයා මන්ත්‍රීගේ කවුරුහරිද දන්නෙ නැහැ. දේසපාලන සම්බන්ධකම් නැතුව වැලි ව්‍යාපාරයේ යෙදෙන්න අමාරුයි (නි)
රනිල් වැරදිමත් නැහැ බලාගෙන යනකොට. (නි)
ලොක්කෙක් වැලි බිස්නස් එකට සම්බන්ධ ඇති. මහවැලි ගග තව අවුරුදු 5ක් යනකොට නැහැ. මොනාද ඔට්ටු? (නි)
අසේල, ඔබ කියන දේ ඇත්ත.මේ විදිහට කරන්න ගියොත් මොකද වෙන්නේ.පාරවල් හොඳට තියනකොට වාහන වේගයෙන් යනවා.මිනිස්සුත් කල්පනාවෙන් යන්න දැන ගන්න ඕනෑ.මේ විදිහට උද්ඝෝෂණ කරන්න ගියොත් කොහෙන් නතර වෙයිද? (නි)
සමහරවිට මේ වගේ අමන රියදුරන්ගේ වැරදි වලට වැඩිය වාහනේ වැරදි පෙන්නා රක්ෂණයෙන් වන්දිය ලබා දීමට කටයුතු කරන රක්ෂණ නිලදාරීන් සිටින නිසා මේ වාහන වලට වන්දි ලැබේවි. නමුත් මේ මගමරුවන් කෙසේ හෝ මර්දනය කළ යුතුයි.මෙපමණ අනතුරු සිදු වෙද්දීත් මත්වූ සතුන් මෙන් රියපදවන අමනයන් මෙල්ල කිරීමට රජය පියවර නොගන්නේ නම් මහජනයා මෙසේ හැසිරීම සාධාරණයි.මන්ද මීළඟ බිල්ල මෙයින් කෙනෙකු හෝ ඔහුගේ අයෙකු විය හැකි බැවිනි (නි)
රිය අනතුරින් දෙදෙනෙක්ම මිය යාම කණගාටුදායක පුවතක්. එක් අයෙකු කල වරදකට ටිපර් 12 කට පමණ අලාභානි කිරීම ගම්මුන්ගේ මෝඩ ක්‍රියාවක්.මහා මාර්ගයත් ,අතුරු පාරවලුත් අවහිර කලා කියන්නේ කිසිම වරදක් නොකල අනෙක් වාහන හිමියන්ටත්,මගීන්ටත් කරන බලවත් අසාධාරණයක්.ගැබිණි මවක් ආරෝග්‍ය ශාලාවකට,නඩුවලට අධිකරණයකට,පාසල් ළමුන් විදුහල් වලටත්,නිවෙස් කරාත් යන්නේ එනේ කොහොමද ?මන්ත්‍රීතුමා එන්න ඇත්තේ උදව්වක් කිරීමට.ජීවන්ට වතුර බෝතල් වලින් පහර දුන්නා.අන්තිම කැතයි..මාර්ග අවහිර කරන්නන්ට අඬ...අඬා.. ඉන්නම කඳුළු ගෑස් ගැහුවත් වරදක් කියන්න බැහැ. (නි)
වාහන යන වේගය නම් පාලනය කිරීම පහසු දෙයක් නොවේ. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි. මෙයයි දැන් ස්වභාවය. (ස)
අසේලගෙන් මම නැවතත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පහත සඳහන් කොටස ගැන. "මම ලිඳේ ඉන්න ගම්බෙක් නෙවේ ඩුබායි ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. මම නම් කියන්නේ මේ රිය අනතුරු 90% කම සිදුවෙන්නේ නොහික්මුණු නොසන්ඩාල අමන රියදුරෙකුගේ වරදකින්. වේගය වැඩිකම, අනෙකා නොසලකා හැරීම. වාහන වල තත්වය බාලවීම , ඉදිමිච්ච ඔලුව, හොර බලපත් හා නුසුදුසු අය අතර රිය පත්වීම. වගේ දේවල්. මැරුණයි පස්සේ උද්ගෝෂණ කරලා ටයර් පුච්චලා වැඩක් වෙන්නේ නෑ ,මිනිස් සිත් සතන් සෑදිය යුතුයි." (නි)
ලග්ගල වැසියෝ මොරටු වැසියන්ට වඩා නම්බුකාර පාටයි. හරවල යැව්වා විතරයි වතුර බෝතල් දුන්නේ නැහැ.... (නි)
ලක්ෂ්මන් වසන්ත පෙරේරා කියන්නේ කවුද කියලා ඒ පැත්තේ අය හොදින් දන්නවා (නි)
කෝ අලියා ...කව්ද මේ දුවන්නේ. ඉක්සුපාක පාරකුත් තියෙනවා.(නදී)
මේ මෝඩ මිනිස්සු මෙහෙමද අපේ ජනතා නායකයින්ට සලකන්නේ? මේ අය හිතන්නේ මේක ටියුනීසියාව කියලද?
කරපු වැඩේ නම් වැරදියි. (ස)
උපාලි මලයෝ,මිනිස්සු යකා නටන්නේ ගොඩක් දේවල් දන්නා නිසා.මාතලේට අයත් ඔය ප්‍රදේශයේ වැලි බලපත් 250 පමණ නිකුත්කර තිබෙනවා.එක බලපත්‍රයකට මසකට කියුබ් 210 බැගින්. 250 X 210 = කියුබ් 52500 ක්.මේක තිහෙන් බෙදුවොත් දවසට කියුබ් 1750 ක්.එක ලොරියක කියුබ් තුන බැගින් 1750 බෙදනවා තුනෙන්.දවසට ලොරි 583 ක්.එක ලොරියකින් දවසට රුපියල් 500 බැගින් රුපියල් 291500.00 කොහොමද ටිකිරි මොලේ.......? අනිත් කරුණ දන්නවද ? බලපත් වලින් ඇදියයුතු ප්‍රමාණය මෙන් දෙගුණයක් කොළඹට වැලි එන බව ? එතකොට තවත් අමතර ලොරි 583 ක්.බලපත් නැති නිසා එතන ලොරියකින් රුපියල් 1000 බැගින් තවත් 583000.සියල්ලේ එකතුව දිනකට රුපියල් 874500.00 තවත් අමතර ලබා ගන්නවා.ඔය ලොරි වලින් 95% ම කියුබ් තුනක් පැටවීමට තට්ටුව ඉඩ තිබුනට කියුබ් තුනක බර පැටවීමට සුදුසු වාහන නොවේ.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ..// (නි)
අසේල ඔබේ කතාව හරි. නමුත් අසරණ මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට අහුන්කන් දෙන බලදරින් අද රටේ නැහැ. ඒක නිසයි මේ ගම්වාසීන් බලදාරීන්ට තේරෙන භාෂාවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ. අපේ රටේ දොස්තර මහතාගේ සිට ග්‍රාමීය ජනතාව දක්වා මෙම ක්‍රියාදාමයට යොමුවීම පසුපස සිටින්නේ "ඇහුන්කන් නොදෙන, අන්ධ බලදරින්ය". අනේ අපේ රට ගිය කලක්. (නි)
ද සිල්වා බෙර්ලින්,ඔබ හරියටම හරි.වැඩේ ගොඩින් බේර ගන්න පුලුවන්ද කියලා බලන්න තමයි එන්න ඇත්තේ (නි)
රනිල්, ඔයත් ඇතුලත් වෙන්නේ ඒ 90% ට තමයි. හරියට ඒරොප්පේ කෙනෙක් වගේ ඔයා (නි)