මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රොහලේ දොස්තරවරු දෙදෙනා ම බ්‍රහස්පතින්දා පෝය දිනයේ සිට අද (26) දක්වා නිවාඩු ලබා ගැනීම හේතුවෙන් රෝහලේ කිසිදු ප්‍රතිකාරයක් සිදුවන්නේ නැත. රෝහලේ නේවාසිකව සිටි රෝගීන් 30 දෙනකු පමණ වෛද්‍යවරු විසින් නිවෙස්වලට යවා ඇති බව ද දැනගන්නට ඇත.
ආදේශක වෛද්‍යවරයකු ලබා නොදීම හේතුවෙන් රෝහල වසා තබන්නේ යැයි ස්ථාන භාර නිලධාරීවරයා විසින් ලියූ පුවරුවක් ද එහි ප්‍රදර්ශනය වෙයි. බාහිර හා හදිසි ප්‍රතිකාර අංශ වැසී ගොසිනි.
මේ පිළිබඳ වාර්තා කිරීමට ගිය විට එහි සිටි රෝහල් සේවකයකු කිවේ අවසර නැතිව ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවයි. අවසර ගැනීමට කිසිවෙකුත් නැත. බාහිර රෝගී අංශයේ සිටියේ බල්ලන් පමණි. රෝහලේ සේවක සේවිකාවන් 35 දෙනකු සිටිය ද අද එහි පැමිණ සිටියේ පස් දෙනකු පමණි.
අප එහි සිටිය දී හිස බිම වැදුණු කුඩා දරුවකු මවක විසින් රෝහලට ගෙන ආව ද ප්‍රතිකාර නැතිව හැරී යාමට සිදුවිය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමති බන්දුල යාලේගම මහතාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. ඇමතිවරයා පසුව කතා කොට වෙනත් දුරකථන අංකයක් දී කියා සිටියේ එම අංකයට මේ ගැන දැනුම් දෙන ලෙසයි. ඇමතිවරයා දුන් අංකයට අමතා සිද්ධිය කීව ද ඇමතුම ගත් තැනැත්තා හෝ සෞඛ්‍ය ඇමතිවරයා එම තැනැත්තාගේ අනන්‍යතාව හෙළි කළේ නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ වරදට දඬුවම් කරන්න තියෙන්නේ. වෙන මොනවා කරන්නද මේ වගේ වැඩ කරනවට? පව් අහිංසක මිනිස්සු. (නි)
මේකට දාන්න ඕනේ "බල්ලෝ නිවාඩු ලෙඩ්ඩු රෝහල අරක්ගෙන" කියල (බ)
පවු අහිංසක ලෙඩ්ඩු! (නි)
මැති ඇමතිවරුන්ට පහසුකම් සියල්ල සපයමින් අනෙකුත් සේවයන්ට අරියාදු කරනවිට රට අගාධයට යාම නැවතිය නොහැක. යහපාලනය දිනවා ලබාගත් වෙනසට ඔබට ජය! (නි)
දොස්තරලා ලෙඩවෙන්නෙ නැද්ද? ලෙඩ නිවාඩු ඔවුන්ට අකැපද? (නි)
දොස්තරලා පහකගේ වැඩ කරන්න ඉන්නේ දෙන්නයි. ඕනෑම ආයතනයක පැය 24 දුවන්න, අවම වශයෙන් හතරක්වත් ඉන්න ඕනෑ. ඔය දේවල් සකස් කරන්නේ නැතුව මේවාට පැළැස්තර දමා වැඩක් නැත (නි)
මට සුහදකොකා මතක්උනා . (ස)
දන්නවද ලංකාවේ දොස්තරලා පෑ 24 ක් වැඩ කලත් පෑ 4 යි අතිකාල දෙන්නේ කියලා...ජල මණ්ඩලේ අයට බෝනස් ගෙවනවා නම් මිනිස්සුන්ට බෙහෙත් කරන දොස්තරලාට ඇයි අතිකාල දීමනාවක් වත් ගෙවන්න බැරි. (ස)
දොස්තර මහත්තයා ලෙඩවෙලා කියලනේ තියෙන්නේ. ඉස්පිරිතාලේටම ඉන්නේ දොස්තර මහත්තුරු දෙන්න වීම සහ ආදේශක වෛද්‍යවරයකු නැති වීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. වෛද්‍යවරුත් මනුස්සයෝ කියල නොතේරෙන අයගේ අදහස් විතරක් දාන එක හොඳ මදි. (ස)
අනන්ත වුද අප්‍රමාණ වුද දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගත් ඈත පිටිසර බැදිවල ජීවිතය සමග පොරබදන මේ අසරණ අහිංසක මිනිසුන්ට තමන්ගේ මුලික අවශ්‍යතා වත් සපුරා ගැනීමට ඉඩක් නොමැතිනම් ඒ අවනඩුව කියන්නේ කාටද? (ස)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් එන අයව පිළිගන්නෙත් නැහැ. ඉන්න අය හරියට වැඩ කරන්නෙත් නැහැ. (ස)
කෝසල අසනීප වෙලා නිවාඩු ගන්නත් දැන් දොස්තරලට බැරිද? අනික ඔයා වගේ අයට අසනීප පිට ඉඳන් දොස්තරල බෙහෙත් කරන්නත් ඕනෙද? (ස)
මේක පුදුම රටක් හැම ඇමතිකෙනෙක්ම කියන්නේ මම ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියල. (ස)
උඩින් අදහස් දාපු අයට හිතුනේ නැද්ද දන්නෙ නැහැ, මේක මෙහෙම වුණාට ලංකාවේ අනිත් හැම රෝහලක්ම වැඩ කළා කියලා. ඔයාලා ඔක්කොම නිවාඩු දවස් හතරේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා ගිහින් විනෝද වුණාට දොස්තරලා ඒ දවස් වලත් වැඩ. (නි)
කුමා, කියන්නේ දොස්තර කෙනෙක් නේද, අපට හිතාගත්ත හැකි ඔයා ලෙඩුන්ට සලකන විදිහ. (ර)
චමිල්, හමුදා සෙබළු යුද්ධයක් තිබුන වෙලාවේ නිවාඩු ගත්තේ නෑ. පොලිසිය හැමදාම ඇරලා. පැය 10-12 එක දිගට යන ගුවන්යානයක එනිජිම නවත්තල කපිතාන් පැය 8 න් නිවාඩු යන්නේ නෑ. තමන් දොස්තර කෙනෙක් හෝ එම රැකියාවෙන් වාසි ලබන කෙනෙක් නිසා මෙවැනි කතා කියන්න එපා. ලෙඩ රෝග වලදී ජීවිතය රැකගන්න ප්‍රතිකාර ඕනේ නිසා එක කරන්න පුළුවන් රස්සාව දොස්තර රැකියාව වුණා කියල රටක් ජනතාවක් නටවන්න හදන්න එපා. ඔය රැකියාවට වැඩි වැටුපක්, විශේෂ පහසුකම්, අහිංසක මිනිසුන්ගෙන් විශේෂ සැලකිලි තවම අපේ රටේ ලැබෙනවා . ඔහොම ගියොත් ඕකත් තවත් රැකියාවක් පමණක් වෙනවා. බොහෝ රටවල එහෙමයි. " උඩගුකම විනාශයට මුල වේ" කියල අහල තියනවද ? (ර)
ගමේ යන්න ඇති දිග නිවාඩුවක් තිබුනනේ. (ර)
මෙතනට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරුන් පත් කර නැහැ. සමහර කට්ටිය නිවාඩු ගියාට දොස්තරලට බනිනවා. (ර)
අසරණ ලෙඩ්ඩු පව්.! (ර)
නිවාඩු ගන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. තමන් වැඩ කරන ආයතනයේ වැඩ ටික නොනවත්වා කරගෙන යන ක්‍රමයක් හදලා තමයි නිවාඩු ගන්න පුළුවන්. (ර)
මේවට උද්ගෝෂණ වැඩ වර්ජන කරන්නේ කවුද? අර හිස වැදුන දරුවට කාගේ පිහිටද? කෝ මේ වාහන පර්මිට් ඉල්ලන වෛද්‍ය සංගමය. ඇත්තටම ලැජ්ජයි මහත්වරුනි. තමුන්ගේ වරප්‍රසාද ගැන විතරක් හිතන අය. (ස)
මගේ සහෝදරයාගේ අනතුරකට කොළඹ හදිසි අනතුරු සායනයකට මම දවස් කීපයක් ගියා. අපිට එහි සිටි වෛද්‍ය නිලධාරිනියක් කතාකලේ හරිම පහත් විදිහට. ඇයි අපේ රටේ වෛද්‍යවරු රෝහල තමන්ගේ ලෙඩ්ඩු හිගන්නෝ කියල හිතල සලකන්නේ. මට හරිම කලකිරීමක් ඇතිඋනා. (ස)
ලංකාදීපයට තුති. (ස)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් එන අයව පිළිගන්නෙත් නැහැ. ඉන්න උන් හරියට වැඩ කරන්නෙත් නැහැ. (ස)
හැම ග්‍රාමීය රජයේ රෝහලක්ම වගේ අකාර්යක්ෂමයි.බෙහෙත් ජාති කීයද රෝහලක තියෙන්නේ? (නි)
මෙයාලා දුප්පත් අපෙන් ඉගෙනගත්තට අපිට සේවයක් නැහැ. එයාලට නිවාඩු, පඩි, කාර් පර්මිට්, චැනල් සෙන්ටර්, කොමිස් එක ලැබුනහම ඇති (නි)
නත්තල් කන්න නිවාඩු ඕනෑනේ අනේ. ඔයාල දන්නේ නැද්ද ඒක?සමහරුන්ට ඕනෑ යාන වාහන, සල්ලි විතරයි (නි)
වෛද්‍යවරුන්ටත් නිවාඩු ගැනීමට අවශ්‍ය වෙනවා. පළාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් ආදේශක වෛද්‍ය නිලධාරීන් යැවිය යුතුව තිබුනා. එසේ නොකෙළේ මන්දැයි නොදනිමි (නි)
අසරණ රෝගීන්ට කාගේ පිහිටක්ද? (නි)
රට මොකක්දෝ වින්නැහියක් වෙත හෙමින් හෙමින් තල්ලුවෙන බව නම් දැනෙනවා. වරද කාගේ වුණත් රටක් කඩාවැටුනම අන්තිමට ලොකු පොඩි හැම කෙනෙකුටම එය අහිතකර ප්‍රතිඵල ලැබෙනවා. මෙහෙම ගියොත් "අපිම දන්නේ නැහැ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්" (නි)
ලංකාවේ දොස්තරලාට ලෙඩ්ඩු 'සර්, මැඩම්' කියලා කතාකළේ නැත්නම් තරහා යනවා. (නි)