ලග්ගල රිවස්ටන් පතන කඳුවැටියේ අද පෙරවරුවේ හටගත් ගින්න නිවා දැමීමට අනුරාධපුර ගුවන් හමුදාවේ සහාය ගත් නමුත් සවස් වනතුරුත් එය පාලනය කර ගත නොහැකි විය. කළු ගඟේ පෝෂක කලාපයක් වන මෙම කඳුවැටියේ අක්කර 150ක් පමණ ගින්නේ දැවී ඇතැයි ලග්ගල අඩවි වන කාර්යාලයය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ගිනි.. ගිනි. කිසි ගින්නක් නෑනෙ කපල දැම්මනම්.. කාන්තාරවගේ තියෙන්න තිබ්බෙ..
මේක කොහොමද වූණේ??
සංචාරකයො වැඩි වෙනකොට මේවගේ දේවල් වැඩි වීමේ පුදුමයක් නොවෙයි.. ඒ කාලෙ පිටවලපතන, නේල්ස් වනපෙත හරිම සුනදරයි.. දැන් හරිම අපිරිසිදු කරලා.. දේශීය සංචාරකයෝ ඒ ගැන කිසිම තැකීමක් නැහැ..
දැන් ලී ඕන තැනක ගෙනියන්න නිදහස දීලා තියනවනේ. ඉස්සරහට තව කැලෑ ගිනි ගනී.
ධර්මද්වීපය අනාගතයේදී අංක එකේ කාන්තාර දීපය බවට පත්වේවි ඉතාම මෑතකදි..1956 සිට කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස..
කාගෙහරි තිරිසන් වැඩක්..
ගිනිතියන අයට රජකාලෙ දඩුවම් දෙන්න ඕන...
ලක්වැසියනි, මෙහෙම කැලෑවට ගිනි තියල ගහ කොළ විනාශ කරන්න එපා.. මේවගේ පළ විපාක තමයි ඉදිරියට විදුලිය නැතිඋනාම කාට කාටත් තේරෙයි..!!
ගමේ අය සත්තු අල්ලන්න කැලේට ගිණි තියනවා. ජාතික අපරාධ දැඩි දඩුවම් දෙන්න ඕන...
ඔහේ දොඩවන්නන් වාලේ දොඩවන්නේ නැතිව ඉන්නවා නම් කොච්චර හොදයිද :) මාස 3-4 කින් එහෙට වැස්ස නෑ අනික 20-30 kmph විතර හුළග.. මේවා ලැව් ගිණි.. ඒවා ඇති වෙන්නේ ස්වාභාවිකව
ස්වාභාවිකව ඇතිවන ලැව්ගිණි හේතු ගණනාවක් නිසා ඇතිවන්න පුළුවන්. නමුත් ඒ කිසිම හේතුවක් ලංකාවේ වාර්තා වී නැහැ. ඒ නිසා කිසිදු අවස්ථාවක ලංකාවේ ලැව්ගිණි වාර්තා වෙන්නෙ නැහැ. අපේරටේ වනාන්තරවල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්රිායාකාරකම් නිසා ඇතිවන දේවල්. දර සහ වෙනත් වනජ ද්රවව්යි ලබාගැනීමටත්, නොසැළකිලිමත් බව නිසාත්, වැස්ස ලබාගැනීමට සාම්ප්රගධායික විශ්වාසයක එල්බෙමින් කරන කටයුත්තක් ලෙසටත්, විනෝදයටත් ඇතැම් පුද්ගලයන් වනාන්තර හෝ ඒ ආසන්න ප්ර දේශවල ගිනි දැල්වීම් කරනවා. නකල්ස් ප්රැදේශයේ ගම්වල ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා ගවයින් බහුලව සිටින බැවින් සත්ත්ව ආහාර සඳහා ලපටි තණකොල ලබා ගැනීමේ අරමුණින් වියළි තෘණ භූමි ගිණිතබන අයත් සිටිනවා. එහෙත් මේ කාලයේදී මධ්යගම කඳුකරයේ ඇතැම් පුදේශවල පවතින වියළි දේශගුණික තත්වයත්, අධික සුළං ප්රේවාහයත් නිසා ගින්න සීඝ්රඳයෙන් පැතිරෙනවා. ගින්න පැතිරුනාම නිවා දමන්න ඉතා අපහසුයි. ඒ නිසා අපේ වටිනා වන සම්පත් ගිනිතැබීමෙන් වළකින ලෙසද, ගිනි වළක්වා ගැනීමට හා කැළෑ ගිණි නිවීම සඳහා හැකි උපරිම අයුරින් අදාළ බලධාරීන්ට සහාය දී අපගේ පරිසරය රැකගැනීමට කටයුතු කරන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
ආචාර්ය වසන්ත ලියනගේ දන්නේ නැති නම් දැනගන්න ලැව් ගිනි ඇතිවෙන හැටි පොඩ්ඩක් Discovery Documentary 1 ක් , 2 ක් බලන්න http://answers.yahoo.com/question/index?qid=20071028123830AAl0RKv
හර්ෂ, ලැව්ගිණි ඇතිවන ආකාරයත්, ලංකාවේ ඇතිවන කැළෑ ගිනි ඊට වඩා වෙනස් වන ආකාරයත් මම හොඳින් දන්නවා. ඒත ඔබගේ උපදේශයට ස්තුතියි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක් ලෙස කැළෑ ගිණි වළක්වා ගැනීම පිළිබඳ සමාජය දැනුවත් කිරීම මගේ වගකීමක් ලෙස සළකා මා අදහස් දැක්වීමක් කළ අතර, ඔබේ අදහස් දැක්වීමේ අයිතියට බාධාවක් නොකළ බවද කාරුණිකව මතක් කරමි.