IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්

(රෝෂන්තුෂාර)

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(09) නියෝග කළේය.

කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ආර්.ඩි එම්. වසන්ත, පොලිස් කොස්තාපල් විජය සුන්දරම් හා ගයාන් මදුශංක නමැති සිවිල් පුද්ගලයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන ලෙසට බිය ගන්වා ඇති බව කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් ළද පැමිණිල්ල අනුව ලක්ෂ දෙකක මුදලක් රාජකාරී නිල ඇඳුමින් සිට තරුණයාගෙන් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කරුණු ඉදිරිපත් කළේය.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින් සැකකරුවන් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 



අදහස් (5)

ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්

පිටරටවැසියා Thursday, 09 May 2024 10:26 PM

හෙඩිම දැක්ක ගමන් හිතුවෙ ගම්පහ පැත්තෙ කියල, කියවලම බැලුවහම කොළඹ කියලා "තේරුණේ දැන් තමයි"

:       0       2

Perera Friday, 10 May 2024 12:26 AM

පොලිසියක් තිබුනේ ඉස්සර. දැන් ලංකාවේ තියෙන්නේ පොලිස් යුනිෆෝම් දාගත්තු අපරාධකාරයෝ ඉන්න කල්ලියක් .

:       1       3

සෙනෙවිරත්න Friday, 10 May 2024 01:58 AM

නියමයි, පෞද්ගලික නිදහසට බාධා කරන්න පොලීසියට බලය දුන්නෙ කවුද ? දේශබන්දු ඔය ගෝලයො ටික හදාගන්නා තුරු ඔය මෙහෙයුම් සාර්ථක වනවා බොරු.

:       0       2

පියල් විරසිංහ Friday, 10 May 2024 08:25 AM

පලමුව ශ්‍රි ලංකා පොලිසිය නිති ගරුක අයතනයක් කල යුතුයි .රට ගොඩ නගිමට පෙර .

:       1       8

Gamini Friday, 10 May 2024 04:13 PM

කැත වැඩක් නේද? සේවයෙන් නෙරපීම වඩා සුදුසුයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා
2024 මැයි මස 20 199 0

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු ම


’’දැඩිගම’’ නම අවභාවිතා කළාට සමාගමකට වාරණයක්
2024 මැයි මස 20 423 0

ජනතාව මුලා කරමින් ’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණි


පොලිස් මාධ්‍ය කෝට්ඨාසයේ වැඩබලන්න නව අධ්‍යක්ෂවරයෙක්
2024 මැයි මස 20 501 0

පොලිස් මාධ්‍ය කෝට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කරනු


ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?
2024 මැයි මස 20 2160 2

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක


බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
2024 මැයි මස 20 314 0

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රක


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට ලේකම්ට වාරණයක්
2024 මැයි මස 20 534 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 837 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2040 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site