IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලක්ෂ 40ක ජංගම දුරකතන සොරාගත් අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 රාගම වැලිසර  නගරයේ ජංගම දුරකථන අලෙවි සලක් කඩා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා ජංගම දුරකථන තොගයක් සොරා ගත් සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සොරාගෙන තිබූ එම ජංගම දුරකථන තොගයද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 5වැනි දින අලුයම් කාලයේ සැකකරු එම වෙළඳසැල කඩා එහි අලෙවියට තබා තිබූ අයිපෝන් වර්ගයේ ජංගම දුරකථන හතළිහකට ආසන්න ප්‍රමාණයක්  සොරාගෙන තිබිණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් නවාතැන් ගෙන සිටින කටුනායක ආඩි අම්බලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජංගම දුරකථන දහතුනක්  සොයාගැනීමට සමත් වී ඇත

සෙසු දුරකථන සැකකරු විසින් විවිධ පුද්ගලයන් වෙත ඉතා අඩුමිලට විකුණා ඇති බවත් ඒවාද සැකකරුගේ ප්‍රකාශ මත සොයාගත් බවත් පොලිසිය කියයි

 



අදහස් (0)

ලක්ෂ 40ක ජංගම දුරකතන සොරාගත් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 116 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site