ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගියදා මොරටුව ලක්ෂපතියේ අඩු ආදායම් ලාභී පවුල් වලට පාසල් පොත් සහ උපකරණ, රෝදපුටු සහ දුබල අයට ඇවිදීමේදී යොදා ගතහැකි උපකරණ තොගයක් පරිත්‍යාග කළ බව එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් මහතා පැවසීය.
උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙළ සංවිධානය කරණූයේ ලක්ෂපතිය ගමේ ග්‍රාම සංවර්ධන කාන්තා සමිතියේ ප්‍රශාමනි ප්‍රනාන්දු ඇතුළු සාමාජික සාමාජිකාවන් විසිනි.
, මොරටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග ද මේ අවස්ථාවට සහභාගී වුහ.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල ද මෙවැනි සමාජ සත්කාර වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට ජනහඬ පදනම කටයුතු යොදා ඇති බව ඔහු කීවේය.

![ATT95543[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/ATT955431.jpg)
![JANAHANDA6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/JANAHANDA61.jpg)
![JANAHANDA7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/JANAHANDA71.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් මේවාට ආධාර දෙන්නේ දේශපාලකයන් හරහා බෙදල දෙන්න නෙවෙයි ඒවා කෙලින්ම අවශ්‍ය පුද්ගලයින් අතට පත් කරන්නයි. ඉහත ඡායාරුප දකින අය තවත් මේවාට ආධාර කරයිද? (බ)