චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අවවාද කර ඇය මුදා හැරීයේය.
සැකකාරිය පසුගිය මාස හය ඇතුලත හතර වතාවක් මෙරටට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබූ මැණික් තොගයේ බර ග‍්‍රෑම් 1627 කි. එය කැරට් 8135 කි.
ඇය අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 888 දරණ ගුවන් යානයෙන් චීනයේ බෙයිජින් නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් ගල් තොගය සොයා ගෙන ඇත.
රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ සංචාරය කිරීම සඳහා මෙරටට පැමිණි බවත් අදාල මැණික් ගල් බැංකොක් වලදී මිලදී ගත් බවයි.
රේගුව පවසන්නේ අත්අඩංගුවට ගත් මැණික් අතර විදේශීය මැණික් වර්ග මෙන්ම මෙරටට ආවේනික වූ මැණික් වර්ගද තිබූ බවයි.
මේ පිළිබඳ රේගු පරික්ෂනය රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු රේගු අධිකාරීවරුන් වන පී.ජී ජයසේන, පියල් හත්තණආරච්චි සහ සහකාර රේගු අධිකාරී එච්.ඩබ්ලිව්.සී ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෝඩ ගැහැණිය! ගුවන් තොටුපලට යන්න කලින් කළයුතු දේවල් තව කොපමණ තිබේද? (නි)
ඇය වරදින් මිදී ඇත , නිවරදි නමි වන්දියක් සමග බඩුත් ඉල්ලාවී. වරදට දඩුවම, අනාගතයට අවවාදය.(නදී)
මේ හැම දේම මුදල් වලට, පුලුවන්නම් අපේ රටත් ඔතල දෙයි අරන් යන්න කියලා.(නදී)
හැම විදේශිකයෙක්ම එන්නේ සිරි නරඹන්න නෙවෙයි. විවිද ජාවාරමි කාරයෝ වගේම පරසතුරන් මේ අතර ඉන්නවා. නිතී විරෝධී වැරදිරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න. බරපතල වරදකට අවවාද කර රු:10 ක් දඩ ගැසීමෙන් මේ සොරකම් නිවරදි කළ නොහැකිය.(නදී)
අපේ අය චින්නුට කොච්චර අනුකම්පාද? මැණික් ගිලපු කෙනෙකුටත් මීට කලින් දඩුවම් ලැබුනේ නැහැනේ?(නදී)
හොරුන්ගෙත් හොරු කියන්නේ මේ වගේ වැඩ කරන යට තමා. (නි)
නිකන්ම යන්න දුන්න එකට නම් අපේ හිතට මදි වගෙයි.(නදී)
හිතන්න ඇති අපේ රේගුවටත් බබා කතා කීවහම රවටා ගන්න ලේසියි කියලා. අපේ රටේ ඉන්න විදෙස් ජාතිකවන් ගැන හොඳ විපරමින් සිටීම අපේ සැමගේ යුතුකමයි.(නදී)
චීන කාන්තාවක් නිසා අවවාද කරලා යවල තියෙන්නේ. පස්සේ මැණික් ගල් ටිකත් දෙයි. හෙට අනිද්දා වෙනකොට විජය කුමාරයා ඇවිත් තියෙන්නෙත් චීනෙන් කියාවි. එහෙනම්.(නදී)
දේශීය මැණික් වැඩි මිලකට ගන්නේ විදේශීයන් වන අතර ,ලංකාවේ අය මිලදී ගන්නවාද? ඇරත් අපේ ඇත්තෝ මැණික් නිකම් දෙනවාද ?රටට විදේශ විනිමයක් ලැබෙන විට තහන්චි පැණවීම එතරම් ශුබ දායි නොවේ යන්න මගේ හැගීමයි..පොලවේ ඇති ඔය පාට ගල් මට නම් සතයක්වත් වටින්නේ නැහැ.(නදී)
රේගුවේ අපේ අයියලා ඔය ගල් ටිකෙන් කොච්චර මාටියා ගැහුවද? එකත් කියන්ඩකෝ, අපි නොදන්නා රේගුවේ අපේ අයියලා.(නදී)
හැමෝම නීතියට බයයි එත් නීතිය ගැන කියලා දීලා මිනිස්සුන්ට පස්සේ දඩුවම් කරන්න. වැරදි නොවන මිනිසුන් මෙලොව නැත.(නදී)
අජිත්ගේ කතාව ඇත්ත (නි)
මේකේ තියෙන වැරැද්ද මොකද්ද?මේවා හොරකම් කරපු මැණික් නෙමෙයි නේද? (නි)