රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ ට‍්‍රිචි නුවර හරහා සිංගප්පුරුවට යාමට උත්සහ කළ සී ෂෙල්ස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය 45 හැවිරිදි වියේ පසුවන බවත් ඇය සිංගප්පුරු ඩොලර් දස දහසක මුදලක් රේගුවට ප‍්‍රකාශ කර මෙරටින් පිටවීමට උත්සහ කළ බවත් රේගුව කියයි.
එහෙත් ඇයගේ ගමන් මල්ලේ තිබී තවත් යුරෝ, ඇමරිකානු ඩොලර් සහ සිංගප්පුරු ඩොලර් තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඇය ඊයේ මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන මහෙන්ද්‍ර අත්තනායක, බී.එම් විජේකුලසුරිය සහ සහකාර රේගු අධිකාරීවරුන් වන බුද්ධි මංජුල සිල්වා, සමිත පේ‍්‍රමතිලක, සුරාජ් වන්නි ආරච්චි, මොහොමඞ් රීසා, ඒ.එම් විජේසුරිය සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල මුදල් ප්‍රමාණයක් රටකින් රටකට මෙහෙම ගෙන යාම නීති විරෝදී මෙන්ම ; මේවයේ පසු පස ලොකු සොරකමක් හෝ වංචාවක් මෙම මුදල් පිට කිරීම තුල තිබෙනවා. රේගු නිලදාරින්ට ස්තුතියි මෙම වංචා කරුවන් ඇල්ලීමට.(නදී)
දැනගන්නයි මේ අහන්නේ. විදේශ මුදල් රටින් පිටට ගෙනයාමේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතිමය සීමාවන් මොනවාද. මැති ඇමති වරුන් මේ සීමාව දැනගෙන වැඩ කරන්නේ ද යන්න. (නදී)
කාගේ සල්ලිද දන්නේ නැහැ නේද ? මොකක්ද මෙයා කරනවා ඇත්තේ කොන්ත්‍රාත් එකක් වෙන්න ඇතිනේ.(නදී)