රුපියල් විසිහත් ලක්ෂ අනු දහසක් වටිනා රන් කැබලි පහක් ගුද මාර්ග වල සගවාගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයන් තිදෙනෙකුට රුපියල් අනූපන්දහසක දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂන නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ජී.එස්.වී ගාමිණීපාල සහ සී විජේසිංහ යන නිලධාරීහු අද සිදු කළහ.
මෙසේ දඩ නියම වුයේ කල්මුණේ සහ වැල්ලම්පිටිය ප‍්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 28, 34 සහ 48 වියේ පසුවන පුද්ගලයින් තිදෙනෙකුටය.
මොවුන්ගෙන් දෙදෙනෙක් මුම්බායි බලාද, අනෙකා චෙන්නායි බලාද යාමට කටුනායකට පැමිණ සිටි බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග්‍රරෑම් පන්සිය පනස් අටකි.
මොවුහු නිතර නිතර ඉන්දියාවට යන එන බවත් කුලී පදනම මත රන් ප‍්‍රවාහනය කරන්නන් බවත් රේගුව කියයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ජී.එස්.වී ගාමිණීපාල සහ සී විජේසිංහ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන කේ.ජී ආරියපාල, සී. පෙරිම්බනායගම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන සරත් අතුකෝරල, ඉඳුනිල් උදය, කීර්ති හේරත්, අසංක ප‍්‍රියදර්ශන, චන්දන ධර්මප‍්‍රිය මැකිව් ප‍්‍රනාන්දු සහ නිමන්ති ප‍්‍රනාන්දු යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෝ කියා කියන්නත් ලැජ්ජයි (දී)
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත් මිනිස්සු (දී)
ගුද මාර්ගයටත් නිදහසක් නැති හැටි.(අ)
ඉස්සර නම් මිනිස්සු "ගුද" කියන වචනය ඇහෙන කොටත් මුහුණු ඇඹුල් කර ගන්නවා. නමුත් වර්තමානයේ ගුද කුලියට දීම ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබෙනවා. ස්වයං රැකියා වර්ගී කරණයට මෙය අනිවාර්යයෙන්ම ඇතුළත් කර ගත යුතුව තිබෙනවා.(නදී)