අයථා ගණුදෙනුවකින් රජයේ ඉඩමක් ලබා ගෙන ඇතැයි ද, එය විමර්ශනය නොකිරීමට නම් රුපියල් පන් ලක්ෂයක් අවශ්‍ය යැයි ද කියමින් ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරියකු ලෙස හලාවත ව්‍යාපාරිකයකුට දුරකතන ඇමැතුමක් දී මුදල් වංචා කළ බව කියන මීගමු බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවකු සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රුපියල් පන් ලක්ෂය ගිණුමේ තැන්පත් කළ පසු එම මුදල් ලබා ගත් බව කියන රිමාන්ඩ් සිරකරුගේ බිරිය ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.
මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත්, මේ වන විටත් මෙවැනි දුරකතන ඇමතුම් ලැබුණු අය වෙතොත් ඒ ගැන 0112685151 අංකයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක අල්ලු නිසා මෙහෙම කියන්න පුළුවන්. නමුත් අහු වෙච්ච් නැති කොච්චර මේ වගේ වැඩ කරනවද. සේරම අවනීතිය මේ දේශපාලුවන් නිසා රට විනාස වෙනවා වගේම ලබපු යුධ ජයග්‍රහණ වල වටිනා කමත් හෑල්ලු වෙනවා.(නදී)