බල පත්‍ර රහිතව විල්ගමුව වීරගොල්ල දැව මඩුවක සඟවා තිබු බව කියන රුපියල් ලක්ෂ පනහක පමණ දැව තොගයක් සමඟ තිදෙනෙක් ලග්ගල අඩවි වන කාර්යාල හා දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුහ.

තේක්ක,මී,කැටකාල,මහෝගනී හා දඹ වැනි දැව එහි  තිබු බව අඩවි වන කාර්යාලය කියයි.