කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වු ලොකු ලූනු බීජ කිලෝ ග‍්‍රෑම් හයසීයක් සමග ශ‍්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරු කොලඹ ප‍්‍රදේශයේ පදිංචි නිතර නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ ලොකු ලුණු බීජ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහ අටකි.
කිලෝග‍්‍රෑම් එකේ පැකට් වශයෙන් බෑග් විසි එකක බහා මෙම ලොකු ලුනු බීජ මෙරටට ගෙනවිත් ඇත.
සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 174 දරන ගුවන්යානයේ අද අළුයම බැංගලෝරයේ සිට මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටවන්න ගෙනෙන්න ඇති. පව් අසරණයා. (අ)
ඉස්සරවෙලාම හොයලා බලන්න ඕනේ කිලෝ ග්‍රෑම හයසීයක් ගුවන් යානයට පටවන්න අවසර දුන්නේ කවුද කියල????කිලෝ 28 බෑග් 21 ක් හිතන්නේ වැරදීමක් කියලද (අ)
කාට හෝ වැරදීමක්. ගුවන් යානයක කිලෝ හයසීයක් ගමන්බඩු පටවන්න දෙනවාද ? කිලෝ හයක් නම් විස්වාස කල හැකියි.(නදී)