කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වු ලොකු ලූනු බීජ කිලෝ ග‍්‍රෑම් හයසීයක් සමග ශ‍්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරු කොලඹ ප‍්‍රදේශයේ පදිංචි නිතර නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ ලොකු ලුණු බීජ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහ අටකි.
කිලෝග‍්‍රෑම් එකේ පැකට් වශයෙන් බෑග් විසි එකක බහා මෙම ලොකු ලුනු බීජ මෙරටට ගෙනවිත් ඇත.
සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 174 දරන ගුවන්යානයේ අද අළුයම බැංගලෝරයේ සිට මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ දහ අටක ලූනු බීජ හොරට ගෙනල්ලා
සුජී Friday, 17 January 2014 02:48 PM
හිටවන්න ගෙනෙන්න ඇති. පව් අසරණයා. (අ)
මහින්ද ඉතාලි Friday, 17 January 2014 04:12 PM
ඉස්සරවෙලාම හොයලා බලන්න ඕනේ කිලෝ ග්‍රෑම හයසීයක් ගුවන් යානයට පටවන්න අවසර දුන්නේ කවුද කියල????කිලෝ 28 බෑග් 21 ක් හිතන්නේ වැරදීමක් කියලද (අ)
සමන්ති Sunday, 19 January 2014 04:06 AM
කාට හෝ වැරදීමක්. ගුවන් යානයක කිලෝ හයසීයක් ගමන්බඩු පටවන්න දෙනවාද ? කිලෝ හයක් නම් විස්වාස කල හැකියි.(නදී)