බළන්ගොඩ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් දාසයක් පරීක්‍ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කල් ඉකුත්වූ සහ කෑමට නුසුදුසු කුකුල් මස් ඇතුළු රුපියල් ලක්ෂ දෙකක ආහාර විනාශ කළහ.
බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිමල් චන්‍ද්‍රසිරි සහ බළන්ගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිමල් පේ‍්‍රමතිලක මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සබරගමු පළාත් සහ රත්නපුර දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරු මෙම වැටලීමට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ඔය වගේ ජරාව දීලා මොන ලෝකේ යන්නද? ඕවා සහගහන අපරාධ (නි)
කොළඹ - බදුල්ල/මොණරාගල පාරේ යන දුරගමන් සේවා බස් රථ ගොඩක් නවත්වන්නෙත් බලන්ගොඩ,රත්නපුර තියන හෝටල් වල. මේවායේ විකුණන ආහාර වල තත්වය බාලයි වගේම බොහෝ ඒවා ආහාරයට ගතනොහැකි ඒවා. ඒ වගේම මේවායේ මිලත් සාමාන්‍ය වෙළඳසැල් වලට වඩා වැඩියි. මේවා ගැනත් හෙව්වා නම් හොඳයි මහත්තයෝ. (නි)
මහජනයා ලෙඩ කරන, දහජරා කුණුවෙච්ච කෑම වර්ග නිසා තමයි ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ මේ රටේ පැතිරෙන්නේ. අවන්හල් වල පිරිසිදු විදියට කෑම පිළියෙළ කරනවද, ඒවා නිසි අයුරු ගබඩා කරනවාද කියා බලන්නත් ඕනෑ. මහජන සෞඛ්‍යයට අහිතකර දේවල් අලෙවි කරන ආපානසැල් හිමියන්ට එරෙහිව දැඩි දඬුවම් දියයුතු වෙනවා. (නි)