තම රියේ අමතක වී ගිය රුපියල් ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙන ලෙස ඉල්ලමින් ඉඳුරුව උඳුමුල්ල මානානේ ආබාධිත ත්‍රිරෝද රියදුරු බී ඒ අජිත් සුරංග මහතා කොස්ගොඩ පොලිසියට බාර දී ඇත.
ඔහු මීට පෙර ද තම රියේ අමතක වී ගිය මුදල් හා බඩුමුට්ටු අයිතිකරුවන්ට බාර දී ඇතැයි පොලිසිය පවසයි.
සුරංල මහතා දෙදරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් මිනිසත් කමට මාගේ උත්තමා චාරය (දී)
ඔබ නම් විශ්වාස කල නොහැකි දෙයක් කලේ....... නියමයි සහෝදරයා .... ඔබට හැකි ඉක්මනින් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ලැබේවා පතනවා (දී)
මල්ලි මේ සල්ලි ටික පොලිසියේ මහත්වරු ගනීද? දැන් ඉන්නේ ඒ වගේ අය (දී)
හොඳ මහත්මයෙක්. මතු බවයේදී මෙවන් ආබාධිත තත්වයකට පත් නොවේවා......ඔබට යහපතක්ම වෙිවා.! (නදී).
බී ඒ අජිත් සුරංග මහතාට වැඩි වැඩියෙන් ධනය, කිර්තිය ලැබෙන්න ඕන... මතු ඉපදින සංසාරයේ මෙවන් ආබාධිත නොවේවා !(නදී)
අදහන්නත් අමාරුයි. (ස)
ඇත්තටම මොහු දෙවි කෙනෙක් වගේ. ලලින්ද කිව්ව වගේ උපදින කිසිම ආත්මෙක මේ වගේ ආබාධිත තත්වයක් උදා නොවේවා කියල මාත් ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි යහපත් දේ කිරීමට මොහුට සිත් ඇති වේවා. (ස)
මෙවැනි සත්පුරුෂයන් තව තවත් අප රට තුළ බිහිවේවා. (ස)
මෙවන් උතුම් පුද්ගලයන් ගැන අහන්න ලැබෙන එකත් පිනක්, වාසනාවක්. එවැනි අයට මතක හිටින ත්‍යාග පිරිනමන්න ඕනෑ. (නි)
පුළුවන් කෙනෙක් උදව් කරන්න. උපතින්ම ආබාධිත වෙනවාට වඩා ඛේදනීයයි අතපය හොඳට තිබිලා නැති වුණහම. මේ මහත්මයත් එහෙම කෙනෙක් වගෙයි පෙනෙන්නේ. ඒ වේදනාව දැනෙන්න ඒ වගේ දෙයක් වෙන්නම ඕනෑ. මමත් ඒක හොඳට දන්න කෙනෙක්. එහෙම ඉඳලත් මෙහෙම දෙයක් කළා කියන්නේ මොහු සැබෑම අවංක මනුස්සයෙක්. (නි)
ඉතා දැහැමින් ජීවත්වන සත්පුරුෂ ජන හිතකාමි සමාජ සේවකයානෙනි ඔබට දිව මාලිග භව සම්පත් නිරෝගී සුව.ආදර්ශමත් ලංකාපුත්‍ර .(දී)
කරුණාකර දුරකථන අංකයක් එවන්න (දී)
දෙපා ඇති සිවුපාවුන් සිටින ලොවක තනි පා ඇති නුඹ උතුම් මිනිසෙකි (නි)
ඔබ නම් උතුම් මිනිසෙකි.මේ වගේ දේවල් අහන්න ලැබෙන්නේ කලාතුරකින් (නි)
අත පය ඔක්කොම හොඳට තිබෙන කිසිම වැඩක් නැති අයට වඩා, ලෝකයේ සම්මත විදියට ආබාධිත කියලා හඳුන්වන, එහෙත් හොඳ අවංක හිතක් තිබෙන මේ මහත්මයා කොයිතරම් සම්පතක්ද? (නි)
උදිත, සල්ලි වැඩි වැඩියෙන් ලැබෙනකොට තමයි වැඩි වැඩියෙන් පෙරේත හිතෙන්නේ (නි)
නවසීලන්තයේ සිටින මම ඔහුට උදවු කිරීමට කැමතියි (නි)
කරුණ කරලා මෙයාගේ දුරකතන අංකය එවන්න. උදව්වක් කරන්න කැමතියි.(නදී)
ස්වහාව සෞන්දර්යයේ විසිතුරු ආකර්ශනීය බවට මොනවට දෙස්දෙමින් ළඟ ළඟ එන වෙසඟේ පුන්සඳ පායා අඳුරුලොව එකලු කිරීමට සැදී පැහැදී සිටින මෙවන් මොහොතක, මෙවන් පුවතක් කියවීමෙන් සහ බැලීමෙන් සිත පිනවන සිසිලස සැබවින්ම පින්මුසු ආශ්වාදයකි. එය ලැබීමට මඟ හෙළිපෙහෙළි කළ බී.ඒ. අජිත් සුරංග මහතාට බුදුසරණේ අසීමිත ආශීර්වාදය ලැබේවා! දිවිමග නොමදව සරුවේවා!! (නි)
මේ මහත්මයා සල්ලි දැක්ක ගමන් හිතන්න ඇත්තේ අනේ මං වගේ අසරණයෙක්ගෙ නම් මේ සල්ලි, ඔහු කොපමණ දුක් වෙනවා ඇද්ද කියලා වෙන්න ඇති. හරිම හිත හොද අවංක ගුණගරුක කෙනෙක්. ඹබට ජයෙන් ජයම වේවා! (නි)
මෙම මහත්මයාගේ තොරතුරු පත්තරේ දමන්න. මම ඉන්නේ විදේශයක.උදවු කළ හැකියි. තෙරුවන් සරණයි! (නි)
සිතුවිලි අතින් පොහොසත් මහත්මයෙක්! (නි)
නියම මනුස්සයෙක්. සල්ලි තියන අය හොඳටම හොරා කන කාලෙක නියම මහත්මයෙක්. ලබන ආත්මේ හොඳ පොහොසතෙක් වෙලා උපදින්න වාසනාව ලබන්න ඕනෑ (නි)
''නිසල සිත අසල, කුසල මිස නැත කසල ''අත පය හතර හොඳට තියන හොර, වංචා කාරයන්ට හැදෙනවා නම් නියම පාඩමක් සුරංග සහෝදරයා උගන්වල තියෙන්නේ. අද නැතත් ඔබට හෙට හොඳ වෙයි. (ස)
ඔබ බොහොම හොඳ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්. අනුන්ගේ දේවල් කොහොමද තමා සතු කරගන්නේ, එහෙම නැතිනම් කොහොමද සොරකම් කරන්නේ කියා මාන බලන සමාජයක ඔබ උතුම් මිනිසෙක්. ඔබට අපගේ ආශීර්වාදය, කවදාවත් වරදින්නේ නැහැ. ඔබට බුදු සරණයි දෙවි පිහිටයි !!! (ස)
මනුස්සකම තියන්නේ දුප්පතුන් ලඟයි කියලා කිමනක් තියෙනවානේ. මේ ඒක සනාථ වන තවත් අවස්ථාවක්. මේ වාගේ පුවත් වැඩි වැඩියෙන් අහන්න වාසනාව ලැබේවා. සුරංග පුතේ ඔබට බුදු සරණයි! (ස)
අද කාලේ නම් ගොඩක් අය තමුන් ගැන හිතන්නෙ ඒත් මෙතුමා ඉන්න තත්වය දෙස බලන විට ඇත්තටම හරිම අවංක මහාත්මයෙක් (දී)
මටත් එක පාරක් මෙහෙම සල්ලි වගයක් ලැබුණා. හිමිකරු හොයා හොයා මහන්සි වෙද්දී දන්නෙම නැතුව මගේ අතින් සල්ලි ටික වියදම් වුණා. (ස)
මගේ පඩියත් මේ ගාන. ඒත් මගේ ලොරිය වගේ කාර් එකේ කවුරු හරි සල්ලි දාල ගියොත් ආර්ථිකේ හැටියට මට දෙන්න හිතෙන්නේ නෑ. මේ මහත්තයා රන්දික රත්නායක වගේ හොඳ මහත්තයෙක්. (ස)
හොඳ හදවතක්. ඔයාට දෙවියන් උදව් කරයි.(නදී)
සුරංගගේ ෆොනේ නම්බර් අක එවන්න බැරිද. උදව් කරන්න ඕන මේවගේ මහත්තුරුන්ට.(නදී)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ජීවත් වෙන දෙවි කෙනෙක්. (ස)