ගායිකා ඇන්ජලීන් ගුණතිලකට ගෙවිය යුතු රුපියල් හාර ලක්ෂයක් වෙනුවෙන් බැංකුවේ මුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කළැයි ටොරානා හිමිකරු සරත් කොතලාවල ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
සංගීත සංදර්ශනයකදී කියූ සිංදු වෙනුවෙන් ඇයට රුපියල් දස ලක්ෂයක් ගෙවන බවත් රුපියල් දෙලක්ෂයක් මුලින් ගෙවන බවත් ඔහු පොරොන්දුවී තිබූ බව උසාවියේදී කියැවිණි.
එහෙත් ඇයට දුන් චෙක්පත් දෙකම බැංකුවේ මුදල් නැති නිසා හරවා එවා ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය උසාවියට කීවේය.
නඩුව මාර්තු 16 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකී, ඔයා අහන්නේ අර “සිල් බිඳගත්“ සින්දුද? (නි)
පොරොන්දු කඩකිරීම බොහොම නරක දෙයක් (නි)
රොකී, බොහොම කණගාටුයි (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
අනිල්ට විතරයි මොළේ තියෙන්නේ. (නි)
මෙම ගායිකාව ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)
මෙවෙනි අතිවිශිෂ්ට ශිල්පිනියකට මෙවෙනි දේ කර නින්දාවට පත් කිරීම හරිම අපරාධයක් .... (බ)
දැන් මේ වගේ වංචා දූෂණ වැහිවැහැලා (නි)
ඔබ වැනි අයටත් වංචා කරනවා නම් තව මොන කතාද රටේ පරිහානිය ගැන? (නි)
අනිල් ඔබ හරි (අ)
රොකී, මේවා අහනවට නොවෙයි, ප්‍රයිවට් බස්වල සින්දු කණට ඇහෙනවට ගානක් බස් රථවලින් ගෙවිය යුතුයි (නි)
මේ ගීතයේ ඔර්ජිනල් ගීතය හින්දි ගීයක් නේද? (නි)
මෙච්චර අයකරනවද ගීත ගයන්න? (නි)
ඔය සින්දු අහනවට අපටත් කීයක් හරි ගෙවන්න බැරිද? (බ)