රොෂාන් බන්සාජයා මහතාට රුපියල් ලක්ෂ පනහක මුදලක් ගෙවන්නැයි කොළඹ පළාත් සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුන් වන ඩී.එන් සමරකෝන් සහ මහින්ද සමයවර්ධන මහත්වරු කොළඹ ආශා රෝහලට ඉකුත් දා ඒකමතිකව නියෝග කළහ.
වසර 2005 දී තම මාස දෙකක් වියැති දරුවාට ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේදී කොළඹ ආශා රෝහලේ ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු රොෂාන් බන්සාජයා මහතාට කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ ආශා රෝහලට අයත් රථ ගාලේදී 2005 දී පහරදුන් බව හමුවේදී කියැවිණි.
සොෆ්ට්ලොජික් සමූහයේ ආසිරි රෝහල් සමූහය විසින් ආශා රෝහල මිලදී ගත් අතර පැමිණිලිකරු වන රොෂාන් බන්සාජයා මහතාට රුපියල් ලක්ෂ පනහක මුදලක් ඉල්ලීමට නොහැකි බව පවසමින් සොෆ්ට්ලොජික් සමූහය 2009 වසරේදී කොළඹ දිස්ත්‍රික් අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. පවුලේ සාමාජිකයෝ ඉදිරිපිටදී මෙම පහරදීමෙන් කිසිදු හානියක් හෝ කීර්තිනාමයට හානියක් හෝ සිදු නොවූ බව රෝහල කියා සිටියේය.
“තම දරුවාට ප්‍රතිකාර ගැනීමට ගිය පියකුට තමා දරුවාත් බිරිඳත් ඉදිරියේදී පහරදීම සාමාන්‍ය සිදුවීමක්සේ සැලකිය නොහැකියි. එවන්නක් සුළු පටු ලෙස සලකන්න බැහැ” යනුවෙන් නඩු තීන්දුව ලබාදෙමින් විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා සිය තීන්දුවෙන් සඳහන් කළේය.
වෛද්‍ය නොවන සිදුවීමක් සම්බන්ධයෙන් රෝහලකට මෙතරම් මුදලක් ගෙවීමට නියම කළ පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
සමීර හා නන්දන නම් ආරක්ෂක සාමාජිකයන් දෙදෙනා මහරගම ‘ඇල්කෝ ආරක්ෂක සේවයේ’ සේවකයන් දෙදෙනකු වන අතර එම සමාගම ආශා රෝහලට එම කාලයේදී ආරක්ෂක සේවා සපයමින් සිටියේය.
ආරක්ෂකයන් දෙදෙනා තම සේවකයන් නොවන නිසා ඔවුන්ගේ ක්‍රියා කලාපයට තම රෝහලේ සම්බන්ධයක් නැතැයි ද ඒත්තු ගැන්වීමට ආශා රෝහල ගෙන ආ තර්කයද අධිකණය බැහැර කළේය.
ආරක්ෂකයන් දෙදෙනා රෝහලේ කළමනාකරුගේ උපදෙස් මත සමාව ගැනීමෙන් පසුවද
ආරක්ෂකයන් ඔවුන් ඇතුළු සිව් දෙනකු රොෂාන් බන්සජයා මහතා ට රෝහලේ ආපන ශාලාවේදී පහර දී ඇත.
මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් ආරක්ෂක නිලධාරීන්ට එරෙහිව තිබූ අපරාධ චෝදනාව නිශ්ප්‍රභ කර තිබුණ ද රොෂාන් බන්සාජයා මහතාට පහර දීමක් සිදු ව ඇතැයි ද ඔහු වූ හානියට වන්දි ගෙවිය යුතු යැයි ද කොළඹ පළාත් සිවිල් අභියාචන මහාධිකරණය තීරණය කළේය.
එමෙන්ම ආරක්ෂක නිලධාරීන් සේවයට යොමු කිරීමේ වැදගත්කම ප්‍රශ්න කළ අධිකරණය ආරක්ෂක නිලධාරීන් යම් යම් අවස්ථාවලදී කටයුතු කර ආකාරය ද විවේචනය කළේය.
“තේජස හා ආයතනයක මහන්තත්ත්වය පෙන්වීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදා ගන්නා බවට කිසිදු ප්‍රශ්නයක් නැහැ. එහෙත් යම් යම් අවස්ථාවලදී අවශ්‍ය පමණට වඩා ආරක්ෂක නිලධාරීන් කටයුතු කරනවා” යැයි විනිසුරුවරු තවදුරටත් කීහ.
2005 දී මෙම නඩුව පැවරෙන අවස්ථාවේදී මෙම රෝහල ආශා සෙන්ට්‍රල් නමින් හැඳින්විනි.එහි අයිතිකරු වූයේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය.ආසිරි රෝහලේ 2013 - 14 වාර්ෂික වාර්තාව අනුව නඩු කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි පහක් වෙන්කර තිබිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු කටයුතු වෙනුවෙන් මෙතරම් මුදලක් වෙන්කර තිබුණා නම් , ඔන්න ඔහේ ගෙවලා දාන්න.අනිත් එක ආරක්ෂක අංශයෙන් අයකර ගන්න ගියොත් ඔය මුදල, මුළු ජීවිත කාලෙම වැඩ කළත් ගෙවන්න වෙන එකක් නැහැ. කෙසේ වෙතත් ලොකු මිනිස්සු එක්ක හැපෙන්න ගියොත් ඔහොම තමා වෙන්නේ (නි)
මම නම් කියන්නේ කිසිම පුද්ගලික රෝහලකට යන්න එපා. (නි)
මේක හොඳ තීන්දුවක්. නමුත් මේ වගේ තැන්වලින් වෙන වෛද්‍යමය වැරදි හින්දා අගතියට පත්වෙන අය ඕනෑතරම් ඉන්නවා. එයාලට සාධාරනයක් ඉෂ්ට වෙන්නේ නැහැ (නි)
2005 දී මෙම නඩුව පවරපු එකට තින්දුව ඇවි්ලලා තියෙන්නේ 2016 දි. ඔන්න තත්වය. මොකද වැරදි කරපු අයට කල්ගන්න ඕනෑතරම් ඉඩකඩ අපේ නිතියෙන්ම තියෙනවා. ඒවා හිඩැස්. කෙසේවෙතත් තින්දුව ගැන සතුටුයි. (නි)
මේ අයට දැනුම සහ මුල්‍යමය හැකියාව ඇති නිසා නඩුව ඇදුනට පසුබට නොවි සාධාරණය ඉටුවනතුරු සටන් කරලා තියෙනවා. නමුත් හැමෝටම මෙහෙම බැහැ. මිට වඩා අසාධාරණයට ලක්වුණ අය ඇති කරකියා ගන්න දෙයක් නැතුව. ඒ නිසා නඩු බොරුවට ඇදගෙන යන්න නොදෙන ක්‍රියාමාර්ග ගැනත් නීති විශාරදයින් රටට ඉක්මනින් හඳුන්වා දියයුතුයි. (නි)
තීන්දුව හොඳයි. නමුත් ප්‍රමාදය හොඳ නැහැ. කියමනක් තියෙන්නේ “අවශ්‍ය වෙලාවට නැතුව පසුව කරන උදව්ව ඇත්තටම උදව්වක් නෙමෙයි “ කියලා. (නි)
මිනිස්සු ලෙඩක් වුණාම රෝහලකට යන්නේ ගුටි කන්නද? අනික මෙවැනි තත්ව වලදි කොහොමද කටයුතු කළයුත්තේ කියලා තමන් ළඟ වැඩකරන සේවකයින්ට නිසි උපදෙස් දෙන්න එපැයි රෝහලින්. (නි)
අවුරුදු 35 දි දික්කසාද නඩුවක් දැම්මොත් මේ නඩුව අනුව බැලුවත් තින්දුව එනකොට දාපු කෙනාට වයස 46 යි. ඒ කාලෙදි හම්බ කරපුවා නිතිඥයින්ට ගෙවපු නිසා අතේ සල්ලිත් නැහැ. පනහට ඔන්න මෙන්න. මෙහෙම නඩු විසඳලා මොකටද කියලා හිතෙන්නෙ නැද්ද? (නි)
මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ චෝදනාව නිශ්ප්‍රභ කරලා. නමුත් හානියට වන්දි ගෙවිය යුතු යැයි සිවිල් අභියාචනාධිකරණය තින්දු කරලා. මේ උසාවි දෙකම ලංකාවේ නිතිය අනුව නම් කටයුතු කරන්නේ ඇයි මේ තැක් දෙකෙ ඉන්න අය දෙවිදියක තින්දු දෙන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. (බ)
අප රටේ ඔක්කොම නවින තාක්ෂණය අනුව. හැබැයි තාම බැරිවෙලා තියෙනවා ඉක්මනට නඩු විසදන ක්‍රමයක් හදන්න. බැරිකමද? වුවමනාවක් නැති කමද? වෙන දියුණු රටවල කොහොමද කරන්නෙ කියලා පොඩ්ඩක්වත් හොයලා බලලා නැද්ද අපේ අය? (බ)
ඉතාම විශිෂ්ඨ නඩු තීන්දුවක් , අපගේ ගෞරවය. (ර)
ගෞරවනීය අධිකරණයට මගේ ආචාරය පුදමි (නි)
අපේ ආචාරය නඩුකාර හාමුදුරුවන්ට! (නි)
ඉතාම හොඳ තීරණයක්. ලැජ්ජා නැතුව කියනවා ළමයින් ඉදිරියේ පියෙකුට පහරදීම හානියක් නොවේලු. හදපිරි ගෞරවය අපේ නඩුකාරතුමන්ට !!!! (නි)
අයියෝ වෙච්ච දෙයක්.(හේ)