නිතර නිතර ඉන්දියාවට යන බව කියන රාගම ප්‍රදේශයේ දෙදරු මවක රන් ගාංචු 16 ක් සමග කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
ඇය ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. ඇයගේ ගමන්මල්ලේ රන් ගාංචු සගවා තිබූ බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් ගාංචු වල බර ග්‍රෑම් 800 කි.
මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහදව මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
833
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 48 ක රන් ගාංචු රේගුවේ හිරවේ
සෙන්තිල් Tuesday, 30 April 2013 01:09 PM
නැහැ නැහැ. මම දන්න විදියට ආණ්ඩුවට සත පහක්වත් ඔය සල්ලි වලින් ලැබෙන්නේ නැහැ (නි)
ජය Thursday, 02 May 2013 12:42 AM
ඔය සියල්ල රාජසන්තක වෙනවා. ඒක ආණ්ඩුවට අදායමක්. මෙහෙම හොරෙක් අල්ලන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. රේගුවට අපේ ප්‍රණාමය. (නි)
චතුල වෙරෝනා Tuesday, 30 April 2013 01:29 PM
සමහර ව්ට ඔතන තිබුන ගාංචු වලින් කොටසක් අතුරුදන්වෙලා තියෙන්නත් පුලුවන්.(නදී)
ලුම්බිණි Tuesday, 30 April 2013 07:34 AM
පසු ගිය කාලය තුල නිතරම මේ වගේ රන් වංචාවන් අහු උනා. මේ රත්තරන් බිස්නස් එක සංවිධානාත්මක කණ්ඩායම් කරනවා වෙන්න පුළුවන්. මම හිතනවා නිතර ඉන්දියාවට යන අය හොඳින් පරීක්ෂා කල යුතුයි කියා. (නදී)
ගාමිණී සිරි Tuesday, 30 April 2013 09:17 AM
අනේ ! හැබෑටම ඔය රේගුව මගින් කාලාන්තරයක් තිස්සේ අත් අඩංගුවට ගන්න රත්රන් තැන්පත් කරන්නේ, මහා බැංකුවේද ? මහා භාණ්ඩාගාරයේද ? හෙට්ටි වීදියේද?(ස)
දිසා Tuesday, 30 April 2013 02:37 PM
අය්යෝ අපරාදේ රත්ටරන් ටික. ඕවට පස්සේ මොනවා වෙනවද කියන්න කව්ද දන්නේ ?(ස)
සිල්වා Tuesday, 30 April 2013 10:05 AM
මෙම කාන්තාවන් මෙහෙය වන්න මහා පරිමාණයේ ජාවාරම් කරුවන් ඉන්නවා සමහර අය රන් භාණ්ඩ මුව්හවෙන් කාන්තාවන් නොදැනුවත් කමින් ඒවා ඇතුලට කුඩු දමා එවනවා. අසුඋනට පසු වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු මෝරු එළියේ. හාල්මැස්සෝ ඇතුලේ. මෙවැනි රටක දෙවියන්ට මිස අප කාට කියනද රටේ ප්‍රශ්න???(ස)
වරුණ Tuesday, 30 April 2013 10:14 AM
ඕය වගේ ඒවානම් උඩ පැන පැන අල්ලයි. එතනෝල් ටික ශේප් එකේ ලිස්සල ඇරිය (ස)