නිතර නිතර ඉන්දියාවට යන බව කියන රාගම ප්‍රදේශයේ දෙදරු මවක රන් ගාංචු 16 ක් සමග කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
ඇය ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. ඇයගේ ගමන්මල්ලේ රන් ගාංචු සගවා තිබූ බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් ගාංචු වල බර ග්‍රෑම් 800 කි.
මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහදව මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ නැහැ. මම දන්න විදියට ආණ්ඩුවට සත පහක්වත් ඔය සල්ලි වලින් ලැබෙන්නේ නැහැ (නි)
ඔය සියල්ල රාජසන්තක වෙනවා. ඒක ආණ්ඩුවට අදායමක්. මෙහෙම හොරෙක් අල්ලන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. රේගුවට අපේ ප්‍රණාමය. (නි)
සමහර ව්ට ඔතන තිබුන ගාංචු වලින් කොටසක් අතුරුදන්වෙලා තියෙන්නත් පුලුවන්.(නදී)
පසු ගිය කාලය තුල නිතරම මේ වගේ රන් වංචාවන් අහු උනා. මේ රත්තරන් බිස්නස් එක සංවිධානාත්මක කණ්ඩායම් කරනවා වෙන්න පුළුවන්. මම හිතනවා නිතර ඉන්දියාවට යන අය හොඳින් පරීක්ෂා කල යුතුයි කියා. (නදී)
අනේ ! හැබෑටම ඔය රේගුව මගින් කාලාන්තරයක් තිස්සේ අත් අඩංගුවට ගන්න රත්රන් තැන්පත් කරන්නේ, මහා බැංකුවේද ? මහා භාණ්ඩාගාරයේද ? හෙට්ටි වීදියේද?(ස)
අය්යෝ අපරාදේ රත්ටරන් ටික. ඕවට පස්සේ මොනවා වෙනවද කියන්න කව්ද දන්නේ ?(ස)
මෙම කාන්තාවන් මෙහෙය වන්න මහා පරිමාණයේ ජාවාරම් කරුවන් ඉන්නවා සමහර අය රන් භාණ්ඩ මුව්හවෙන් කාන්තාවන් නොදැනුවත් කමින් ඒවා ඇතුලට කුඩු දමා එවනවා. අසුඋනට පසු වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු මෝරු එළියේ. හාල්මැස්සෝ ඇතුලේ. මෙවැනි රටක දෙවියන්ට මිස අප කාට කියනද රටේ ප්‍රශ්න???(ස)
ඕය වගේ ඒවානම් උඩ පැන පැන අල්ලයි. එතනෝල් ටික ශේප් එකේ ලිස්සල ඇරිය (ස)