රුපියල් ලක්ෂ හතලිස් පහක මුදලක් නීති විරෝධී ලෙස තම ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද සවස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංහයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 40 වියේ පසුවන පුද්ගලයෝ වෙති.
මින් එක් අයෙකු ලග රුපියල් ලක්ෂ තිහක්ද අනෙකා ලග රුපියල් ලක්ෂ පහලොවක් ද තිබු බව රේගුව කියයි.
ගුවන් මගියෙකුට රේගුවට ප්‍රකාශ නොකර ගෙන යා හැක්කේ රුපියල් විසිදහසක මුදලක් පමණක් බැවින් මොවුන් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මොවුහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරි බද්ධන මහතාගේ උපදෙස් මත නියොජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් විසිදහස ප්‍රමාණවත් නැත, ඕස්ට්‍රේලියාවේ ඩොලර් 100000 යනතුරු සංචාරක චෙක් වලින් ගෙනයන්න පුළුවන්. (නි)
මෝඩ මිනිස්සු.ඔය සල්ලි බැංකුවේ දාල එහෙදි බැංකුවෙන් ගත්තා නම් ඉවරයි ....අනික පිටරට යන කෙනෙකුට රුපියල් 20.000 ඇතිද ජීවත් වෙන්න සිංගප්පුරුව වගේ රටක.(නදී)
මටනම් මේ රුපියල් විසිදාහේ සීමාව ගැන හිතා ගන්නවත් බැහැ මම පොහොසත් කෙනෙක් නොවුනාට වසර කිහිපයකට වරක් ලංකාවට එනකොට ඩොලර් දහ පහළොස්දාහක් මුදලින් ගේනවා. මොකද මම කවදාවත්ම ලංකාවේදී ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැති නිසා. ආපසු යනකොටත් ඉතුරු වූ ඩොලර් ආපසු ගෙනියනවා, මෙහෙම බැලුවම මට ඩොලර් 175 කට වඩා ආපසු ගෙනියන්න බැහැනේ?? විදේශිකයින්ට මෙහෙම උනොත් ඒ අය කවදාවත් ලංකාවට එන එකක් නැහැ.(දී)
පුදුම වැඩක්නේ. මඟියෙක්ට රේගුවට නොකියා රටෙන් පිට රුපියල් 20,000 ක් වගේ අති විශාල මුදලක් රැගෙන යන්න පුළුවන් කියන්නේ අපි සංවර්ධනයේ ඉහළටම නැඟලා ඉන්න බවට හොඳම උදාහරණයක් (නි)
ගුවන් මඟියෙකුට රේගුවට ප්‍රකාශ නොකර ගෙන යා හැකි මුදල ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? (නි)
මුදල් රැගෙන යාමේදී ඇති නීති රීති ගැන අද කාලේ ලොඩක් මිනිස්සු නොදැනුවත්.... (නි)
සුභ ආරංචියක්. ලංකාවේ සල්ලි හොරෙන් ගෙනියන අයව අැල්ලූ රේගු නිලධාරින්ට ස්තුතියි! (නි)
මමත් දන්නේ නැහැ ඇත්තටම කියන්නකෝ මොකද්ද ගෙනියන්න පුලිවන් සල්ලි වල සීමාව (දී)
රට යනකොට විතරක් හොර වැඩ කරන්න හදන්න එපා (දී)
උනාට පස්සේ මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න කලින් ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා තිබුනා නම් ගොඩාක් වැරදි නැති වෙන්න තිබ්බා, මිනිස්සු නොදන්නා කමට ගොඩාක් වැරදි කරනවා (දී)
සල්ලි පිට රට ගෙනියන්න බැරිද මොකද්ද එහි සීමාව (දී)
20000 සීමාව වැරදියි නේද? කරුණාකර නැවත පරීක්ෂා කර බලන්නේ නම් ස්තුතිවන්ත වෙමි. (දී)
සෑම් මහත්තයා ඩොලර් දහදාකට වැඩිය ගේනවද ? ඕස්ට්‍රේලියාවෙන් එකවර එක්කෙනෙකුට ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ඩොලර් දහදාහයි නේද ? ඉතුරු ටික කොහොමද පිට කරන්නේ ? මේ වගේ නොකිය ගේනවද ? (නදී)
රට යනකොට ඩොලර් 5000 ගෙනියන්ඩ පුළුවන්. ලංකාවේ සල්ලි ගෙනියනවා නම් රේගු නීතියට අනුව රුපියල් 20000 යි ගිනියන්න පුලුවන්.(නදී)
සෑම් මහතා පිට රgක සිටියත් එම රටේ හෝ ලංකාවේ නිතිය වත් නොදැන ඉන්නේ. ඕනෙම රටක එම රටේ මුදල් පිට ගෙන යාමේදී උපරිමයක් තිබෙනවා . ලංකාවට එන විට පවා ඩොලර් හෝ ඕනෙම විදේශ මුදල් ගෙන එන විට ප්‍රමාණය වැඩි නම් රේගුවට පවසා එය වලංගු කර ගත යුතුය. නැවත අපාසු යන විට රේගුවෙන් පරික්ෂා කළහොත් එවිට ඒවායේ වලංගු භාවය පෙන්විය හැක. එසේ නොමැතිව රේගු නිලදාරින්ට අසුවුනොත් රාජසන්තක කිරීමත් දඩ මුදලක් ගැසිමත් සිදු කරේ. සෑම් මහතා මේවා ඉගෙනගන්න. එසේ නුවහොත් ඉදිරි දිනක ඔබ අමාරුවේ වැටීමට ඉඩ තිබේ.(නදී)
සෑම් මහත්තයෝ ඔය සල්ලි වලංගු සල්ලිද ? සෑම් මහතා ඉන්නේ සෝමාලියාවේද ? පිට රට ගිහිනුත් එම රටේ සහ ලංකාවේ නිතිය ගැන දැනුමක් ලබා ගත්තේ නැද්ද? (නදී)