
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට නීතී විරෝධීව මුහුදු මගින් මෙරටට රැගෙන ආ කහ කිලෝ 1004 ක් ඒත්තාල ජුබිලි මාවත ප්‍රදේශයේදී කල්පිටිය විජය නාවික කඳවුරේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කහ තොගය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ලොරි රථයද කල්පිටිය පොලිසිය බාරයට ගෙන ඇති බවත් කහ තොගයේ වටිනාකම ලක්ෂ 35 ක් පමණ වන බවත් කල්පිටිය පොලිසිය සඳහන් කළේය.
නාවික හමුදා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවත් වැටලීමේදී ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති බවත් නාවික හමුදාව පැවසීය.
ලොරි රථයේ රියදුරු සහ ලොරි රථයේ හිමිකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් කල්පිටිය පොලිසිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ කහ හිඟයක් තියෙන වෙලාවේ, මේ මනුස්සයා කරලා තියෙන්නේ රටට සේවාවක්... දැන් ඉතින් මේ කහ තොගයයට වෙන්නේ මොකක්ද?
කහ කියන්නේ ළඟ තබාගැනීමට තහනම් භාණ්ඩයක් නොවේ. මේවා මුහුදු මගින් ලංකාවට ගෙනාවා කියලා ඔප්පු කරන්නේ කොහොමද.?
ජනාධිපතිතුමනි, මෙතුවක් අල්ලපු කිලෝ ලක්ෂ ගාණක කහ පරිභෝජනයට සුදුසු නම්, සාම්පල සහ වාර්තා නඩු සඳහා උපයෝගී කරනගෙන මේ අවස්තාවේ මේවා හැකි පමණ සතොස හරහාවත් වෙලදපොලට නිකුත් කිරීමට හැකියවක් නැද්ද?