රුපියල් විසිහය ලක්ෂයක් වටිනා රන් කුට්ටි දෙකක් තම ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු යාපනයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ රන් කුට්ටි දෙකෙහි බර ග්‍රෑම් 443 කි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 172 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම රන් කුට්ටි දෙක රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ආර්.ඒ.ඒ සරත්චන්ද්‍ර, සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල ප්‍රසාද්, මධුෂංක විජේවර්ධන, ඒ ජලීල්, එන්.ඩී.ටී ප්‍රනාන්දු යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් රාජසන්තකයි, දඩේකුත් වැදුනා ඒ මදිවට පස්ස පැත්තටත් අමාරුයි (නදී)