
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුවේ වෙළඳසලක තිබූ රුපියල් ලක්ෂ 21 ක බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි සේවකයකු පැහැරගෙන ගොස් පහර දී එම මුදල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොරටුව නගරයේ දීඉකුත් (04) දහවල් සිද්ධිය සිදුව ඇති අතර සැකකරුවන් වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණ මෙම සේවකයා පැහැරගෙන ගොස් ගොස් මෙම මුදල් කොල්ල කා ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වලංගුව ගත් සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි 45 සහ 50 යන වයස් වල පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd