බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 5898428ක් අතුරින් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 3921612 දෙනෙකි. 1976810ක් ඡන්දය භාවිත කර නැත.
භාවිත කළ හාර ලක්ෂයකට ආසන්න ඡන්ප්‍රමාණයෙන් 161011ක් ප්‍රතික්ෂේප විය. පළාත් දෙකේ වලංගු මුළු ඡන්ද ප්‍රමාණය 26760601 කි.
පසුගිය බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයට අනුව සන්ධානයට ඡන්ද 247103ක් අහිමිවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 4700ක් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 136477ක් වැඩිහෙයන් හිමි කර ගෙන ඇත.
2009 පළාත් සභා මැතිවරණට වඩා ආණ්ඩුවේ මන්ත්‍රී ආසන 17ක් අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන 02ක් අඩු වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මන්ත්‍රී ආසන පහක් වැඩි කර ගෙන ඇත.
සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර පළමුවරට තරඟ කර පළාත් දෙකෙන්ම ඡන්ද 279299ක් ලබාගෙන මන්ත්‍රී ආසන 12ක් හිමි කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට මේ ඡන්ද ටික ජනතාව දුන්නේ ආණ්ඩුව පරාද වුණොත් ජාත්‍යයන්තර දේශද්‍රෝහී බලවේග රටට පහර දෙන එක නවත්වන්න කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ඡචන්ද නොදාපු එකේ තේරුම තමයි .දැන් තියෙන පාලනයෙන් වෙනසක් අවශ්‍ය නෑ කියන එක. රටේ අර්බුද තිබිල පාලනය මහජනයාට එපා වුනොත් විතරයි ඒක දිගට පෙළ ගැහිලා විරුද්දව ඡන්දෙ දමන්නේ, ..එවැනි කාලයකට තමයි ඡන්ද දමන ප්‍රතිශතය ඉහල මට්ටමකට එන්නේ ....මේ වගේම සිද්දියක් වුනා ප්‍රන්ශ්යෙත්. ලයනල් ජෝසේපින් ජනාධිපති තනතුරට තරඟ කල පලවෙනි රවුමේ ඡන්දයේදී ඒයා බොහොම පහසුවෙන්ම දිනයි කියන විස්වාසයට එදා ප්‍රංස ජාතිකයන් ගෙදරට වෙලා හිටියා. ගොඩක් අය හිතුවා මම නොදැම්මාට ඕන තරම් අය ඉන්නවනේ කියලා. අවසානෙදි පලවෙනි රවුමේදී ජෝසපින්ට දෙවෙනි රවුමට තරඟ කරන්න ඡන්ද මදි වුනා.(නදී)
රණතුංග, ඡන්දය දැමීම අනිවාර්ය කිරීම පිළිතුරක් නොවෙයි. පවතින දේශපාලන ව්‍යායකුලත්වයෙන් මිදිය යුතුයි. සිෂ්ඨ සමාජක් විසින් පිලිගත හැකි දේශපාලන ක්‍රමයක් බිහිවිය යුතුයි. එදිනට ඡන්දය දෙන ප්‍රතිශතය 100% වේවි.(නදී)
ඡන්දය නොදාපු බහුතරයක් විදේශ ගතවෙලා ඉන්න බව අමතක කරන්ට එපා.(නදී)
වැඩි දෙනෙක් ඡන්දය නොදා ඉන්නේ අද ඡන්දයට වටිනාකමක් නැති නිසා. අපි කිසියම් පක්ෂයක පුද්ගලයකුට ඡන්දය දුන්විට ඒ පුද්ගලයා තමන්ගේ පුද්ගලික උවමනාවන් වලට බලය තියෙන තැනට හෙත්තුවෙනවා. ඉතින් අපි ඡන්දය දීමෙන් වැඩක් තියෙනවද මේ ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුය.(නදී)
කොහොම හරි ආණ්ඩුවට 61% ක ප්‍රතිශතයක් ගෙනාවේ කළුතරින් විතරයි. ඒත් ආණ්ඩුව වැඩක් කරන්නෙම නැත්තේ කළුතරට. කිසිම ලොකු ව්‍යාපෘතියක් කළුතරට දෙන්නේ නැ. කරන තරමක් කොලඹටයි , ගම්පහටයි කරන්නේ. එතකොට ඊළඟ පාර අපි වෙනස් කරලා පෙන්නන්නං ප්‍රතිශතය.(නදී)
දැන් ජවිපෙ හා එජාපේ අය කියන්නේ ලක්ෂ 20 ක් ඡන්දය දැම්මේ නැහැ කියලා. ඒ ලක්ෂ 20 ඉන්නේ විදේශ ගතව බව කපටි දේශපාලුවන්ට අමතකයි.(නදී)
මා සිටිනා රටේ මහජනයාගේ ඡන්දය පිළිබද උනන්දුව [ විශේෂයෙන් තරුණ පරම්පරාවේ ] ඉතාම පහල මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා ඡන්දය දැමීම අනිවාර්ය කර ඇත.(නදී)
විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් වාර්ෂිකව ඩොලර් කෝටි ගනනක විදේශ විනිමයක් ලංකාවට ලබාදේ , ඔවුන්ටත් තැපැල් ඡන්ද අයිතිය දෙන්න , ලෝකයේ දියුණු රටවල විදේශ ගත පුරවැසියන්ට තැපැල් ඡන්ද අයිතිය ලබා දී ඇත.(නදී)
හෙලෝ ෂේන්, කඩේ ගියාට මෝඩ කතා කියන්න එපා. ඔය ඡන්දය දැම්මේ නැති ලක්ෂ 20 දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ විතරයි. එතකොට ඔය ඡන්දෙ දැම්මේ නැති ඔය පළාත් දෙකේ ඔක්කම මිනිස්සු රට ගිහිල්ලද ? (නදී)
රජයට නෙවේ අඩු වුණේ ආණ්ඩු පක්ෂයට. රජය හා ආණ්ඩුව අතර වෙනසක් තියෙනවා නේද? (නදී)
රණතුංග කියන විදියට කලොත් ඡන්දෙ දාන්න යනකොට කවුරු හරි ඡන්දෙ දාල තිබුනොත් ඒ දඩේ ගෙවන්නේ කව්ද? (නදී)
අයියෝ ෂේන්, ඔයාටත් විදේශගත වෙන්න වෙයිද මංදා කියලා තියන මෝඩ කතාවේ හැටියට. (නදී)
රණතුංග , ඡන්ද දැමීම අනිවාර්ය කිරීමට පෙර අහිංසක ජනතාවගේ වටිනා ඡන්දය ලබාගෙන ඒ ඒ තනතුරු ලබාගන්න පුද්ගලයෝ ජනතාවට අවංකව සේවය කිරීම අනිවාර්ය කරන්න බලපෑම් කරමු. ජනතාවගේ මුදල් හොරකම් නොකරන්න බලපෑම් කරමු. නැතුව ලෝකයේ කොහෙවත් නැති නීති සම්පාදනය කරන්න බැරි බව තේරුම් ගන්න. (නි)
සරත් කතා කරන්නේ ලංකාවේ කිසිදා සිදු නොවෙන දෙයක් ගැන.(නදී)
ඕස්ට්‍රේලියාවෙත් ඡන්දය දැමීම අනිවාර්යයි. දඩ කන්න බැරි නිසා හැමෝම ඡන්දය දානවා. ලංකාවෙත් අනිවාර්ය කිරීම කල යුතුයි. ඒ වගේම මනාප ක්‍රමය ඉවත් කල යුතුයි. අපේක්ෂකයෝ මරා ගන්නවා දැක්කම ජනතාවට ඡන්දය එපා වෙනවා.(නදී)
මෙය කාටත් හොඳ පාඩමක්. එක්සත් ජාතික පක්ෂය ගොඩගන්න නියම නායකයෙක් නැති බවත්, පොදු ආර්ථික වැඩ පිළිවෙලකට අනෙක් ප්‍රධාන විපක්ෂ සමඟ එකමුතු නොවී රජය පරාජය කිරීම අපහසු බවත්, මැතිවරණයකදී රාජ්‍ය බලය යොදා ගැනීම අවම කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳවත් සැළකිලිමත් විය යුතු බවත් ප්‍රමුඛ කාරණා වේ. (නි)
ජයනාත් දෙල්පචිත්‍ර, ඔබ හරියටම හරි.අර ෂේන් කියන කෙනාට දිය යුතු උත්තරය ඔයා ලස්සනට දී තිබෙනවා (නි)
දැන් සමහරු කියපු සමහර දේවල් මේ පළාත් සභා ඡන්දයට වලංගුද දන්නේ නැහැ නේද? (නි)
ජිනීවා ඡන්ද විග්‍රහ කල අර කව්ද මහාත්මයා ගේ ගණිත ක්‍රමයට අනුව මේ ඡන්ද නොදී හිටපු අය ගණන් වැටෙන්නේ කොයි පැත්තටද? (නදී)
යුද්දේ මාකට් කරලා හැමදාම ඡන්දෙ ජය ගන්න බැහැ. ඒ වගේම විදේශ බලවේග කතා කියලත් බැහැ.(නදී)
ඡන්දය දැමීම අනිවාර්ය කරන්න. ඡන්දය නොදමන අයට [පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව ] දඩයක් ගෙවීමට සිදුවනසේ නීති සම්පාදනය කරන්න.ඡන්දය දැමීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමකට යනු ඇත. (නි)