පැහැරගත් නැනෝ රියකින් පැමිණි සිව් දෙදෙනකු කළුතර කටුකුරුන්දේ දී අද (14) අලුයම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 14ක් පමණ කොල්ල කා පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. එම ව්‍යාපාරිකයා භාණ්ඩ මිලදී ගැනීමට කොළඹ යද්දී මෙම කොල්ලය සිදු කර ඇත. නැනෝරියේ අයිතිකරු බත්තරමුල්ලේ පුද්ගලයෙකි. ඔහුගේ රියට ගොඩවූ සිව් දෙනා කුලි ගමනක් යන මුවාවෙන් ටික දුරක් ගොස් ඔහු බැඳදමා කුලි රිය පැහැරගෙන ගොස් ඇත. එම රිය කළුතර කලමුල්ලේ අතහැර ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. කොල්ලකරුවන් මුදල් රැගෙන පළාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ගොඩක් ගෙනියන්න වෙන ක්‍රම තියෙද්දී, මංකොල්ලකෑම් වැඩිවෙද්දී මිනිස්සු මෙහෙම සල්ලි ගොඩක් ගෙනියන්න තරම් මෝඩ වෙන්නේ ඇයි (දී)
අද ලංකාවේ සොරකම්,මිනීමැරුම් ගොඩක් වෙනවා.මේවා නවත්තන්න අමාරුද? (නි)
ආරක්ෂාවක් නැතුව මෙහෙම සල්ලි ගෙනියන එක හරිම භයානකයි (නි)
බත්තරමුල්ල කියන්නේ ජනාකීර්ණ තැනක්නේ (නි)
මේවා නම් නවත්වන්න පුළුවන් එත් ඉතින් ඕව නවත්වන්න ගියොත් පිලිසියේ මහත්වරුන්ට හිරේ වැටිලා දන්ගෙඩියට බෙල්ල දෙන්න වෙනවා.
මේ වගේ ලොකු මුදල් ගනුදෙනු බැංකු මාර්ගයෙන් කරන්න පහසුකම් නැද්ද අපේ රටේ? ලක්ෂ 14ක මුදලක් සාක්කුවේ දමාගෙන ගමන් යාම හොරු කැඳවීමක්ම තමා. (නි)
මේවා කරන අය අල්ලලා පොලිසියෙන් උසාවි දානවා. උසාවියෙන් මාස කීපයකට ඇතුළට දානවා. මෙයාලා ඇතුළට යනකොට දඩුවම් අවසන් වූ තව කට්ටියක් එළියට එනවා. ඉතින් මේක කවදාවත් ඉවර වෙන වැඩක් නෙමෙයි (නි)
මුදල් කොල්ලකෑම් සීග්‍ර ලෙස ඉහල යමක් දකින්නේ තියනවා මේවයින් පෙනෙන්නේ අධික මුදල් අහේනියක් ඇති බවයි මෙම ආර්ථික ක්‍රමය නැවතුණහොත් මෙම ක්‍රියාවල අධි වර්ධනයක් පෙන්නුම් කරවී මේඅනුව තව ටික දවසකින් රු 100 වත් අරගෙන යන්නේ බැරි තත්වයක් උදාවේවි මෙය ඉතා සෝචනීය සහ භයානක තත්වයක් බව අප සැම තේරුම් ගත යුතුය (දී)
රටේ නීතිය හරියාකාරව ක්‍රියාවට නැගිය යුතුයි. මීටවඩා. මහජනතාවත් දැනුවත්කලයුතුයි මෙවැනි අපරාද කරලා බේරිල ඉන්න බැහැ කියලා. අනික දැන් හුඟක් තාක්ෂණය දියුණුයි. අතේ සල්ලි ගෙනිච්චේ ඉස්සර. ඩෙබිට් කර්ඩ් භාවිතයට ජනතාව වඩවඩාත් යොමුකල යුතුයි.(අ)
අද රට ගොඩක් දියුණුයි. කවුද අද කාලේ සල්ලි අතේ අරන් යන්නේ ? බැංකු, ක්‍රෙඩිට් කාඩ්, චෙක් තියන්නේ ඕවට තමා (නි)
ඔච්චර මුදලක් ගෙනියනවා කියලා මංකොල්ල කරුවෝ දැනගත්තේ කොහොමද ? ෂුවර් එකටම දන්නා කියන කෙනකුත් සම්බන්ද ඇති. ඒගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. (දී)