ශ්රී ලංකාවේ සිට ඉතාලියට එවන කිතුල් හකුරු නිසි ප්‍රමිතියකට නැතැයි මිලානෝ නුවර විල්ලා සන් කාර්ලෝ බුරුමෙයෝ තරු පහේ හෝටලයේ ප්‍රධාන සුපවේදි මහින්ද පියසිරි මහතා කියයි.
හකුරු මුලක එක පළුවක් තරමක් කිතුල් හකුරු රසයි. අනික් පළුව අනික් තනිකරම සීනි හකුරු. මේක ලොකු වංචාවක්. මම හදන වටලප්පන් වැනි අතුරුපස කන්න හෝටලයට එන අය හරිම ආසයි. නමුත් කිසිම කෑමක් ප්‍රමිතියට හදන්න බැරි කිතුල් හකුරු වෙනුවට ‘සීනි හකුරු‘ ලංකාවෙන් එවන නිසා.
එළවළු පලා වර්ග වලත් පණුවන් ඉන්නවා. දෙපලු වූ කජු මද බත් ඇට වලින් අලවලා ඉතාලියට එවනවා. මේවා ගැන වගකිව යුත්තන් අවධානය යොමු නොකළහොත් ලංකාවේ අපනයනයට ගැටළු ඇති විය හැකි බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ඇත්ත, අපිත් හරිම අමාරුවෙන් හොද ඒවා හොයා ගන්නේ. අපේ මිනුස්සු කවදද පාරිබෝගිකය ගැනහිතුවේ
අපිම අපේ වටින දේවල් විනාශ කරගෙන ,දැන් කවුරුත් දොස් කියනවා. ඉස්සර මිනිස්සු පොල්,කිතුල්, මල් මැදලා ජිවත් වුණා. මිර හැදුව,රා බිව්වා, පැණි හැදුව, හකුරු හැදුව, අන්තිමට විනාකිරිත් හැදුව. දැන් මේ හැම දේම කප්පාදු වෙලා (දිල්)
ලොකු චෙෆ් කෙනෙක් නම් එයා දැනගන්න ඕන හොද ඒවා ලංකාවෙන් ගෙන්න ගන්න ප්‍රදාන සූපවේදියෙක් කියන්න්නෙ එහෙම කෙනෙක්ට. (නදී)
" ලරිච්" කියල එවන කිතුල් පැණි තනිකරම උක් සීනි.(නදී)
ඔය කියන ප්‍රමිතිය තියෙන්නේ කොහේ තියන කිතුල් හකුරු වලද? (නදී)
මමත් ගත්ත දවසක් මෙහෙ ජර්මන් සුපර් මාර්කට් එකකින් රේණු තේ කියල තේ කොළ වගයක් මෙලෝ රහක් නැහැ. අනික එකේ නූල තේ පැකට්ටුවට සවි කරලා තිබ්බේ ස්ටෙප්ලර් කරලා. ඒක දැක්කම බයත් හිතුන. සාමාන්යෙන් කෑම බීම එක්ක ලෝහ වර්ග ගාව ගන්නේ නැහැනේ. කොටින්ම ලංකාවෙන් ගන්න ලිප්ටන් , වටවල තේ රසයි මෙහෙට අපනයන කරපුවට වඩා. (නදී)
ඉතාලියෙ පුවත් විතරයි ලංකාදීපයේ පලවෙන්නේ? (නදී)
බ්‍රිස්බන් වලත් ඔහොමම තමයි. සිංහල කඩේ තියෙන්නේ කලවම් හකුරු. දිල්මා තේ විතරයි. ලංකාවේ මින්ස්සුන්ට ඕනේ කෙටි කාලීන ලාබ.(නදී)
ලංකාවෙන් ජපානෙට එන දේවල් දැක්කොත් ඔය කට්ටියට පිස්සු හැදෙයි.(නදී)
ඇමෙරිකාවෙත් ඔය දේමයි. ලංකාවෙන් ඔය ගැන බලන්න ඕනේමයි. (නදී)
කොළඹට කිට්ටුව මාවතක නමක් ඇති ගමක කිතුල් හකුරු හදන්නේ මෙහෙමයි .ඉන්දියානු තල් සක්කර වලට සීනි දමලා . සමහර වෙළෙන්දෝ "සින්හරාජ වනාන්තරයෙන්" ගේනවා කිව්වත් කිතුල් හකුරු නොවේ . ඒවත් ගෙනියන්නේ මෙහෙන් . (නදී)
මේක අපි අදෝනාවක් කරගන කතා කළා ට වැඩක් නැහැ. ඉක්මන් ප්‍රතිකර්මයක් වෙනුවෙන් සාමුහික ක්‍රියා මාර්ගයකට එළඹිය යුතු කාලයයි. (නධී)
අනේ පිටිගල, ඔයාගේ කඩෙත් කොච්චර ලංකාවේ බඩු කල් ඉකුත් වන දිනය මාරු කරලා විකුණනවද. කඩේ පිටිපස්සේ ඔයාගේ මල්ලි කොම්පියුටරයක් තියාගෙන හොර දින ප්‍රින්ට් කරනවා අපි දැකල තියෙනවා.(නදී)
ඔයාලට හම්බවෙලා නැත්ද ලංකාවෙන් එවන බාල කරවල ජාති. කරවල කෑල්ල ඇතුලේ හුඹස් වගේ. කපනකොට කුඩු වෙලා යනවා. (නදී)
ප්‍රතිපත්තියක්, සැලැස්මක්, අදීක්ෂනයක් නොමැති කමනේ. හැම තැනම හොරා කනවා, පගා ගහනවා. කවදා හරි අපිත් ඉතියෝපියානු වැනි ජාතියක් බවට පත් වෙන එක නවත්වන්න බැහැ.(නදී)
ලංකාවේ තියෙන හොඳ දේවල් ඇයි පිටරටවලට යවන්නේ නැත්තේ.(නදී)
මේ කමෙන්ට්ස් දැකලවත් ලොක්කන්ට ඇස් ඇරේවා! (නදී)
ලංකාව දැන් මිනී කන්නන්ගේ දේශය වෙලා,?කපිතාන් කෙනෙක් නැති අතරමන් වූ නැවක් වගේ ,අහෝ ලෝකයේ හොද නමක් දර සිටි ශ්‍රී ලංකාව? (නදී)
අපි මුහුණු පොතේ පිටුවක් හදලා මේ ගැන සාකච්ඡා කරමු.(නදී)
ලංකාවේ කරන ජරා වැඩම තමයි අපේ අය අපනයන කරන දේවල් වලට කරන්නේ. මේවා තේරෙන කොට වෙන්නෝන හරිය වෙලා ඉවරයි.(නදී)
ලංකාවේ අපිටත් හොඳ කිතුල් හකුරු කෑල්ලක් කන්න නෑ , ඔයාල ඉතාලි ගැන කතා කරනවා. (නදී)
ලංකාවෙන් ගෙනාපු රතු කැකුළු ඉදි ආප්ප,පිටි, ආප්ප පිටි, කට්ට සම්බල් බෝතල්, පවා මම අයින් කෙරුවා. දොරමඩලාවෙන් හෙළි කරපු විස්තර දැකලා. දැන් ඉතින් ලංකාවෙන් ගේන්ට වෙන්නේ කරපිංචා, රම්පා විතරයි.(නදී)
මේ කතාව සහතික ඈත්ත...ඩුබායි වලට එන්නෙ කිතුල් හකුරු කියල තනිකරම සීනී හකුරු. තව දේවල් තියනවා අනන්ත ප්‍රමිතියකට නෑති.විදෙස් රටවල ඉන්න අපි දන්නවා මේ දේ හොදට.වගකිවයුත්තන් ඈස් ඈරියොත් හොදයි ඉක්මනින්.(නදී)
සිංහරාජය අවට ගම් වල පිරිසිදු කිතුල් හකුරු පැණි තිබුනේ ඉස්සර. දැන් වෙළෙන්දෝ හකුරු හදන අයටත් ක්‍රම සහ විදි උගන්නලා තියෙන්නේ, හුඹස් මැටි, ලාවලු පිටි, සීනි කකාරවල දුඹුරු පාට කරලා හදන්නේ කලවම් කරලා. කිලෝ එකක් 350/ විතර ඇති දැන් මම හිතන්නේ, කිතුල් පැණි ඉස්සර පැක් කරන්නේ පුවක් කොලපත් වල.පැණි මුල කියන්නේ ඒකට. ඒක දුම යට එල්ලලා තිබුනම මාස කීපයක් සූකිරි වගේ මිදෙනවා. ඒවාට කියන්නේ වැලි හකුරු කියලා. දැන් ඒවා නැහැ. පැණි කලවම්. ඒවායේ වැලි හකුරු මිදෙන්නේ නැහැ. හකුරු කලවම් නැත්නම් හතුරු බැය මැදින් ක්‍රැක් වෙලා ගිලා බැහැලා තියෙනවා. කනකොටම අපි නම් දන්නවා හොඳ නරක. දැන් නියම ප්‍රමිතියේ කිසිම දෙයක් නැහැ. අපි හුස්ම ගන්න වාතයත් නොයෙක් වාත සමග කලවම්. ඒවාට පුරුදු වෙන්න. ප්‍රමිතිය ගැන හිතුවොත් කන්න දෙයක් නැති වෙයි. ඒකයි ලංකාවේ තත්වය.(නදී)
මෙහෙත් ඔහොම තමයි, කිතුල් හකුරු කීවට මොකෝ කිතුල් ගහක් ලගින්වත් ගිහින් නැහැ. '' ඒත් '' ජෝන් සහෝදරයා කියන්න වගේ, ලංකාව ඇතුලතත් නියම කිතුල් හකුරු,කිතුල් පැණි හොයා ගන්න නැහැනේ. පිට රටට යවන ඒවා ගැන මොන කතාද.?(නදී)
මාසයක් නවත්වන්න මොකද වෙන්නේ බලන්න. කිතුල් හකුරු නම් ලංඩන් වලත් ඕකම තමයි. වැඩි දෙනෙක් වෙනස දන්නේ නැහැ.(නදී)
කැනඩාවටත් මේ දේම තමයි. ඇයි තේකොල බ්‍රෑන්ඩ් නේම් එක (තලවකැලේ ) පාවිචිකල ඒවා . (නදී)
සත්‍ය කතාවක්, ලංකාව ලගදීම ඈණ ගන්නවා ප්‍රමිතියක් නැති බාල බඩු යැවිල්ලෙන්. වගකිවයුතු බලදාරින් දනුවත්ම තමයි මේ දේ සිද්ධවෙන්නේ. කසල තේ කියල හදන්නේ තේ රොඩු වලට කොහුබත් කහට කවලන් කරලා. සල්ලි තණ්හාවට අද දවස ගැන පමණක් හිතන මුදලාලිලාට රටේ අපනයනය තීරණය කරන්න දුන්නොත් ඉදිරිය බොහොම කණගාටුයි.(නදී)
තව්තිසාවෙ නම් අපි අමෘතය උනු කරල හකුරු හදාගන්නවා. ඒ හින්දා අපිට ඔය බාල හකුරු ගෙන්නගන්න ඕනෙ වෙන්නෙ නැහැ.(නදී)
කෙසේ වෙතත් මෙම සුපිරි හෝටලයේ වටලප්පම් නම් හරිම රසයි. සිංහල ක්‍රමයට පිසින ලද ව්‍යංජනද ඉතාමත් ප්‍රනීතයි. මිල විශාල ලෙස අධික නමුත් බොහෝ සිංහලයන් කටට රසට ප්‍රනීත අහාර වේලක් ගැනීමට මෙතනට පැමිණෙනවා.(නදී)
ඕස්ට්‍රේලියා වලටත් එන එව්වා එහෙම තමා... තේ කොළ කිසිම රහක් නැහැ. අනිත් රටවල් වලින් එන එව්වා හොදයි.(නදී)
වැඩිකල් යන්න කලින් ලංකාවෙන් එවන නිෂ්පාදන කිසිම රටකට ගන්නේ නැතුව යනවා ලංකාවේ ඉන්න මේ පල් හොරුන්ගේ වැඩ නිසා.(නදී)
අනේ ඇත්තට ලංකාවේ තියෙන ලිප්ටන් වටවල වගේ තේ කොල ඇයි මෙහාට එවන්න බැරි.(නදී)
හොද කිතුල් හකුරු හදන්නේ කොහොමද කිතුල් ගස් මදින්න තහනම් කලාම. (නදී)