බුදුන් වහන්සේගේ කෙස්, දත් ඇට ඇතුළත් රන් බඳුනක් පපංසලකින් සොයා ගත් බව කියන පිරිසක් ද සමග ධාතූන් වහන්සේලේ සොයා ගැනීමට කාම්බෝජ පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.
2500 බුද්ධ ජයන්තිය සැමරීම වස් මෙම ධාතූන් වහන්සේලා 1950 දී ශ්‍රී ලංකාවෙන් කාම්බෝජයට පරිත්‍යාග කළ බව දැනගන්නට ඇත.
දස දහස් ගණනක් බෞද්ධයන් රැස්වූ උත්සනයක දී නොරදොම් සිහනුක් රජ 2002දී මෙම ධාතූන් වහන්සේලා නොම්පෙන් නුවර සිට කිලෝමීටර 45ක් දුරින් පිහිටි ඌඩොංහි විහාරස්ථානයකට වැඩම කැරවීය.
රාජකීය නගරයක් වූ ඌඩොං කඳුකරයේ විහාරස්ථානයකින් මෙම මහාර්ඝ වස්තුව සොරකම් කරගෙන ඇතැයි පොලිසිය කියයි.
‘සියයට අනූවක්ම කාම්බෝජයේ ජනයා බෞද්ධයෝ. සර්වඥ ධාතුවලට අපි පණ මෙන් සලකනවා ‘ යැයි ජාතික පොලිස් ප්‍රකාශක කීර්ට් චන්තාරි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයා ගන්න පුලුවන් වෙයි. දාතූන් වහන්සේලා හොරකම් කල අයට යහතින් නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ.(නදී)
මම දන්නා විදියට දන්ත දාතුන් වහන්සේලා වෙන ස්ථානායකට ගෙන ගියත් උන් වහන්සේලා නැවත නුවරට වැඩම කරනවා. කොහොම නමුත් කිසි කෙනකුට සත්‍ය දාතුන් වහනේසේලා සොරකම් කල නොහැක. තවමත් සත් බුදු වරුන් දුටු දෙවිවරු දාතුන් වහන්සේලා ආරක්ෂා කරනවා.(නදී)
මම දන්නා විදියට දන්ත දාතුන් වහන්සේ වෙන ස්ථානායකට වැඩම කළත් උන් වහන්සේ නැවත නුවරට වැඩම කළා. කිසිවෙකුට සත්‍ය දාතුන් වහනේසේලා සොරකම් කල නොහැක. තවමත් සත් බුදු වරුන් දුටු දෙවු වරු දාතුන් වහන්සේලා ආරක්ෂා කරනවා.(නදී)
"බුදුන් වහන්සේගේ කෙස්, දත් ඇට" කියනවාට වඩා "බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් - දන්ත ධාතූන්" කියනවා නම් ගෞරවාන්විතයි. (නදී)
අපේ ලොක්කෙක් හරි කන්ගැට්ටෙක් හරි ආවද ඔය පැත්තේ.(නදී)