මත්ද්‍රව්‍ය විකිණීයැයි ඉතාලියේ ලුකා නුවර පදිංචි 17 හැවිරිදි තරුණයෙක් ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ලූකා නගරයේ උසස්අධ්‍යාපන පාඨශාලාවක් ඉදිරිපිට තම සේවා දායකයන් එනතුරු සැක සහිත ආකාරයට හැසිරෙනු දුටු පොලීසිය ඔහු පරික්ෂාකිරීමේදී විකිනිමට ලැහැස්තිකර තිබූ මරිජුවානා පැකට් කීපයක් සොයා ගත්තේය. පසුව පොලිසියට ගෙනගොස් පරික්ෂාකිරිමේදී තරාදියක් ජංගමදුරකථනයක් සහ ලාංකිකයාගේ යට ඇඳුමේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් අසූපහක් සොයාගෙන ඇත.
මේවනවිට ලාංකික යෞවනයාව ෆ්ලොරන්ස් නගරයේ බාලාපරාධකරුවන් සඳහාවන බන්ධනාගාරයක රඳවා ඇත. මෙම ලාංකික තරුණයාගේ පහලොස් හැවිරිදි සහෝදරයාව මත්ද්‍රව්‍ය විකිණිම සම්බන්ධයෙන්ම මෙම ස්ථානයේදිම පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිවයුතු සියල්ල කුසුම් පැහැදිලි සිංහලෙන් කරුණාවෙන් පැහැදිලිකරඇත .මිනිසෙක් වැදගත් වෙන්නේ ඔහුගේ රැකියාවෙන් නොව ඔහු සමාජයේ හැසිරෙන ආකාරයෙන් ය . (දී)
කුසුම්,මගෙනුත් ඔයාට මල් මිටක්. හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනවා,අපිට කියන්න දෙයක් නැහැ. (නදී)
සමූහව්‍යාපාරයක් වගේ.(දිල්)
මෙවැනි පහත්, නුගත් වැඩ කරන අය නිසා තමා ලංකාවේ කියන සියලු අයගේ වැදගත් කම ජාත්‍යන්තරව පිරිහෙන්නේ. මේක වැදගත් විදියට ජීවත් වෙන ලාංකිකයන්ට අසාධාරණයක්. (නදී)
මිට ටික කලකට ඉහතදී ඉතාලියේ වෙරෝනා නගරයේ ලාංකික ජනතාවට මහත් හිසරදයක්ව සිටි වෙන්නප්පුවේ "කුඩු ......." ව ඉතාලි පොලිසිය විසින් ලංකාවටම පිටත් කර හැරියා. හැබැයි. සුපුරුදු ජාවාරම ලංකාවේදීත් කිරිමට ගොස් ප්‍රදේශ වාසීන් ගේ සහයෝගය ඇතිව පොලිසිය අත් අඩංගුවට ගෙන දැන් බන්ධනාගාර ගත කොට තිබෙනවා. මෙහිදී කනගාටුදායකම කාරණය වන්නේ, මේ ජාවාරම් පසුපස සිටියේ කුඩු පුතාගේ මව හා පියා සහෝදරියක් වීමයි. තම දරුවන් කරන වැරදි ක්‍රියා ගැන දෙමවුපියන් සමාජයට වග කිව යුතු වෙනවා. (නදී)
රටේ නම කනවා ඉතාලියේ ඉන්න අපේ සමහරු.(නදී)
ඉතාලියේ වැඩ කරන අයට පුදුම විදියට සල්ලි තියෙනවා. මැද පෙරදිග හෝ වෙන අනිත් රටවල වැඩ කරන අයට වඩා. (නදී)
ඉතාලියේ වැඩකරන අය තමාගේ රැකියාව මොකක්ද කියලා කියන්න මැලිවෙනවා. මැදපෙරදිග වැඩකරන අය එහෙම නැහැ. ඔන්න ඕක තමයි වෙනස ජොනී. (නදී)
අජිත් ඔබ හරි.(නදී)
මෙතන කුහක සිතින් ප්‍රතිචාර දමන අයට මට නම් කියන්න තියෙන්නේ, ලංකාවෙන් පිටරට ගිය අය අතර උගත්, නුගත්, වැදගත්, නොවැදගත්, යන විවිධ වර්ගවල පුත්ගලයින් සිටිනවා. ඒක ලංකාව තුල ජිවත් වෙන අයටත් පොදුයිනේ. මොකද අද ලංකාවේ යහමින් මුදල් තියෙන්නේ, උගතුන් බුද්ධිමතුන්, හා වැදගත් ලෙස සමාජයේ ජීවත් වෙන අයටද? නැහැනේ? මැදපෙරදිග හා ලෝකයේ අනෙක් රට වලට ගිය අය කරන ලෙසම ගෘහ සේවයේ සිට විධායක මට්ටම දක්වා විවිධ රැකියාවල නිරත පිරිස් ඉතාලියේත් ඉන්නවා. ලොව කොයි රටක විසුවත් කුමන රැකියාව කලත් කෙනෙක් සමාජය තුල හැසිරෙන විදියෙන් පුත්ගලයා කවුද කියල හිතා ගන්නත් අපහසු නැහැ. ඉතාලියට ගොස් සිටින අයගේ මුදල් පසුම්බිය ගැන ලතවෙන සමහරුනට දීමට තිබෙන පිළිතුර තමයි, ඉතාලියට ගොස් සිටින බහුතරය ඒ සමාජය හා නිසි ලෙස බද්ද වෙමින් ඔවුනට එරටදී රැකියාවක නියුතු වූවකු ලෙස ලබා ගත හැකි සියලුම වරප්‍රසාද ලබා ගැනීමට තරම් දැනුවත් වී සිටීම හා ඒ වරප්‍රසාද ලබා ගැනීමයි. හැමෝම කුඩු විකුණා මුදල් හොයා ගත්ත අය කියල හිතන්න තරම්, කුහක, පටු, මනසක් ඇතිකර ගන්න තරම් අප බොළඳ විය යුතු නැහැ. (නදී)
අප්පෝ ඕක ඒ හැටි දෙයක් නෙවෙයි (දී)