ශ්රී ලාංකිකයන් 492 දෙනකු කැනඩාවට හොරෙන් රැගෙන යෑමට මුල් වූ ශ්‍රී ලාංකිකයකු වන නඩරාජා මහේන්ද්‍රන් ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටේ දී අත්අඩංගුවට ගත් බව කැනඩා පොලිසිය කියයි. ශ්‍රී ලංකාවෙන් එහි ළඟවූ ගුවන් යානයක මහේන්ද්‍රන් සිටි බව කැනඩා පොලිසිය කියයි. සන් සී නැවෙන් 2010 අගෝස්තු මාසයේ දී එම පිරිස බ්‍රිටිෂ් කොලොම්බියාවට රැගෙන එන ලදැයි ඔහු ද තවත් පස් දෙනෙක් චෝදනා ලබා සිටිති. තායිලන්ත, ඕස්ට්‍රේලියා හා නෝර්වේ පොලිසි මේ මිනිස් ජාවාරම අල්ලා ගැනීමට කැනඩාවට සහාය වෙයි. සැකකරුවෝ සිවු දෙනෙක් කැනඩා අත්අඩංගුවේ පසුවෙති. කැනඩාව කියනුයේ සැකකරුවන් ප්‍රංශයේ සිට කැනඩාවට පිටුවහල් කිරීමට නියමිත බවයි. තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතිං හාල්මැස්සෙක් විතරනෙ.. තව අය ඉන්නවා ඇති...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-26 21:47:25 "අනිත් හැම මනුස්සයෙකුටම වගේම මටත් දුක,වේදනාව දැනෙනවා.බොහෝ වෙලාවට රැකියා ස්ථානයේ අනවශ්‍ය පීඩනයකට නතුවුනාම නොකළ වැරදිවලට විනයානූකූලව කටයුතු කිරීමට පෙර නිදහසට හේතු දක්වා නිරතුරුව ලිපි ලියන්න වුනාම හෘද ශාක්ෂියට එකඟව අවංකව සේවය කරන මට හිතට අමාරුයි.මම පිටිපස්සට පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි.වන මුරුගයෝ මැද ඉන්න එකත් ලෙහෙසි නැහැ.තමන් වැරදි නොකළත් දුර්ජන අසත්පුරුෂ පස්පව් කරන අය මැද අහිංසකව ඉන්න එක හරිම අමාරුයි.මට දැන් කේතු දශාවේ සෙනසුරු අතුරු දශාව මේ ගත වෙන්නේ.ඒක නිසා රහස් සතුරු උපක්‍රම, දිය යටින් ගින්දර ගෙනයාම් වලට පහසුවෙන් හසුවෙනවා.ඒ වගේම මම නොදන්න පුද්ගලයින් පවා හරි පුදුම විදිහට මට එරෙහිව යනවා මගේ කිසිම වරදක් නැතිව.මට අනුකම්පා කරන්න යමෙකු ඉන්නවා නම් අනුකම්පා කර මට මේ දුක්ඛිත අවස්ථාවේ පිහිට වෙන්න.රැකියාවේදී මාව අනවශ්‍ය පරිදි පීඩනයට ලක්කරන එක නවත්වා දෙන්න.ප්‍රධානීන්ගේ හොඳ හිත මා කෙරෙහි බිඳුවා මා නරක පුද්ගලයෙකු යැයි ඔවුන්ට ඒත්තු ගන්නන එක වළක්වා දෙන්න.මෙහෙම මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්න ගියොත් නම් ලෝක විනාශය 2012 දෙසැම්බර් නෙවෙයි ඊට කළින් සිදුවේවි වගේ" ඕව කියල ඔයා මාව අඩවනවා රත්තරන් ..! ඉහි ..ඉහි ..ඉහි ...
අනේ කොහොම හරි ලංකාවට තව නැව් 10ක්වත් එවන්න.. මිනිස්සු දාල කැනඩාවට යවන්න එපායැ...
ඇත්තටම මේව කරන්නෙ කොටි සංවිධානය. මේ යුද්දෙ කළෙත් මේ වැඩ කරන්න. මේව තේරුම් ගන්ඩ තාම මේ අය යන රටවල උන්ට බෑ.
එයාලනේ එන අය පිළිගත්තේ.....
ලංකාව දැන් මුලු ලෝකෙම දන්න රටක් වෙලානේ
ඇයි හොරෙන් යන්නේ නීත්‍යානූකූල විදිහට ගියානම් අද මේ වගේ ගැටළුවක් ඇති වෙන්නේ නැහැනේද?
මොනවා කරන්නද? නැති බැරි කමට යනවා මිසක්? දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි.....
වැඩේ ෂේප් වෙනවා.....
අනිත් හැම මනුස්සයෙකුටම වගේම මටත් දුක,වේදනාව දැනෙනවා.බොහෝ වෙලාවට රැකියා ස්ථානයේ අනවශ්‍ය පීඩනයකට නතුවුනාම නොකළ වැරදිවලට විනයානූකූලව කටයුතු කිරීමට පෙර නිදහසට හේතු දක්වා නිරතුරුව ලිපි ලියන්න වුනාම හෘද ශාක්ෂියට එකඟව අවංකව සේවය කරන මට හිතට අමාරුයි.මම පිටිපස්සට පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි.වන මුරුගයෝ මැද ඉන්න එකත් ලෙහෙසි නැහැ.තමන් වැරදි නොකළත් දුර්ජන අසත්පුරුෂ පස්පව් කරන අය මැද අහිංසකව ඉන්න එක හරිම අමාරුයි.මට දැන් කේතු දශාවේ සෙනසුරු අතුරු දශාව මේ ගත වෙන්නේ.ඒක නිසා රහස් සතුරු උපක්‍රම, දිය යටින් ගින්දර ගෙනයාම් වලට පහසුවෙන් හසුවෙනවා.ඒ වගේම මම නොදන්න පුද්ගලයින් පවා හරි පුදුම විදිහට මට එරෙහිව යනවා මගේ කිසිම වරදක් නැතිව.මට අනුකම්පා කරන්න යමෙකු ඉන්නවා නම් අනුකම්පා කර මට මේ දුක්ඛිත අවස්ථාවේ පිහිට වෙන්න.රැකියාවේදී මාව අනවශ්‍ය පරිදි පීඩනයට ලක්කරන එක නවත්වා දෙන්න.ප්‍රධානීන්ගේ හොඳ හිත මා කෙරෙහි බිඳුවා මා නරක පුද්ගලයෙකු යැයි ඔවුන්ට ඒත්තු ගන්නන එක වළක්වා දෙන්න.මෙහෙම මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්න ගියොත් නම් ලෝක විනාශය 2012 දෙසැම්බර් නෙවෙයි ඊට කළින් සිදුවේවි වගේ
කැනඩාව ප්‍රංශය දේශපාලන රැකවරණ දෙනවලුනෙ. ඒ හින්ද යන්න ඇති.