ජපානය හැරුණු විට සිනොර්යු අයිකි ජිජුස්සු යුරෝපා සමුරායි සංගමයේ ආසියාවේ එකම නියෝජිතයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටියි.
වෙරෝනා නුවර ජිවත්වන කටුනේරියේ ලක්මාල් සිල්වා 32 වයස අවුරුදු 7 සිට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරන්නෙකි.
කුඩා අවදියේදීම කටුනේරිය ක්‍රිඩා සමාජයට බැදී අවුරුදු 7ක් මල්ලව පොර සටන් කලාවත් අනතුරුව තවත් අවුරුදු 6ක් උෂෝ සටන් කලාවත් ප්‍රගුණ කළ බවත් එයින් පළාත් මට්ටමින් සංදර්ශන රැසකට සහභාගී වී ජයග්‍රහණ රැසක් අත්කරගත් බවත් ලක්මාල් කියයි.
2001 දී ඉතාලියට පැමිණ එතැන් සිට මේ වන තෙක් ප්‍රංශ ජාතික ලුයිජි කර්ලියෙලේ ඉතාලි ජාතික රොබැර්තෝ ග්‍රනානි ජපන් ජාතික සුගිනෝ සෙන්සෙයි යන උපදේශක වරුන් යටතේ ආත්මාරක්ෂක සමුරායි සටන් කලාවේ කළුපටි තුන්වැනි ශ්‍රේණියත් කඩු හරබ සදහා කළුපටි පළමු ශ්‍රේණියත් ලක්මාල් ලබා සිටියි.
තමා හා තම ඉතාලි ජාතික පුහුණු කරු සමග එක්ව වෙරෝනා විශේෂ පොලිස් ඒකකයට ආත්මාරක්ෂක සටන් කලාව හා විශේෂ පැරිෂුට් පාඨමාලාවක් උගැන් වු බව ලක්මාල් එසැණට පැවසිය.මම ලංකාවට ගිහින් පොලිසියේ ප්‍රධානීන් කිහිප දෙනෙක් මුණ ගැසුණා.
අපේ පොලිසියේත් තියෙනවා පැලියගොඩ වලාන මිරිහාන වගේ විශේෂ පොලිස් එකක. අන්න ඒ පොලිස් එකක වලට වටිනා සමුරායි සටන් පාඨමාලාවක් නොමිලේ ලබා දෙන්නයි මම ඉහළ පොලිස් නිලධාරින් හමු වුයේ.
ඒ අය සතපහකට ගණන් ගත්තේ නැහැ. මම ඉගෙන ගත්තු දේ ඉගෙන ගන්න දේ මගේ රටේ ප්‍රයෝජනයවත් දෙකට යොමු කරන්න මම ආසයි.
යුරෝපා සමුරායි සංගමය ඒ සදහා මට උදව් කරන බව මම දන්නවා. ජනාධිපතිතුමා හමු වෙන්නත් මම උත්සහා කළා. එත් වැඩක් වුණේ නැහැ. ආරක්ෂක ලේකම් තුමාගෙන් පොලිස්පති තුමාගෙන් හමුදා පතිතුමන්ලාගෙන් මම ඉල්ලන්නේ අපේ විශේෂ පොලිස් හමුදා එකක වලට මේ වටිනා පුහුණුව ලබා දෙන්න මට අවස ර දෙන්න කියලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පුළුවන් නම් ගොස් ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය කරන ස්ථානයක ඔවුන්ට අවශ්‍ය කරන ව්‍යායාම කරවන්න. මේ සඳහා අමාත්‍යංශ හරහා අවසර ගත යුතු නැත. එම ස්ථානයේ භාරකාර කෝප්‍රල් මහතා ඔබට ඉඩ දෙයි. මෙවැනි ස්ථාන වල ලංකාවේ තරුණයන් රාශියක් විටින් විට පැමිණ ස්වේච්චාවෙන් මෙම ක්‍රියාවන්ට හවුල් වෙනවා. (දී)
කොමිස් දෙනවා කිව්වා නම් පොරකාගෙන එයි.(නදී)
ගණන් ගන්න එපා ඔව්වා ඔහොම තමයි. මැණිකේ අගේ කණා දන්නේ නෑ. පුළුවන් නම් මොනා හරි සංවිදානයක් අටවා ගෙන පාරට බහින්න. නිකන් ඉන්න එකේ අපිත් එන්නම් කෑ ගහන්න.(නදී)
අල්ලසක් දුන්නොත් කර ගන්න පුළුවන්. බෝයිං කොම්පැනි එකටත් ඕකම තමයි වුනේ. පිටරට අය අල්ලස් දෙන්නේ නැති නිසා අපේ අය කැමති නැහැ.(නදී)
අනේ කොල්ලෝ හොදට ඉගන ගෙන ඇග හදා ගෙන කාලා බීලා කීයක් හරි හොයාගන ඔහෙටම වෙලා ඉන්න අපේ රටේ අයට මොන කරාටෙද පුතේ. 30% කොමිස් දෙනවනම් ලංකාවට උත්සව තියල වී අයි පි විදියට පිලි ගනී. හිතෙන් සතුටු වෙන්න හොද දෙයක් ඉගන ගත්තා කියලා. (දී)
ඔබත් ඔබගේ වටිනා සටන් කලාවත් වෙනස් නොකර සාමයෙන් ජීවත් වෙන්න.(නදී)
ඔය දරුවා දේශ පාලකයෙකුගේ පුතෙක් නම් මේ වනවිට ලංකාවේ ශත පහට වඩා ,ඩොලර් ,පවුම් වලින් වටිනාකම් ලැබිලා. ඉතාලියේ සිටින නිසා සටන් කලාවත් ප්‍රගුණ කරගෙන ,ලීරා කන්දක් හදා ගත්තා නම් ,ගණන් නොගත්ත අය කන්ද පාමුලට ඇවිත් වැඳ නමස්කාර කරයි. වහාම ඉතාලි චිත්‍රපට නිෂ්පාදකයෙක් හමුවන්න. ලෝක ප්‍රසිද්ධ වෙන්න වාසනාව ලැබෙයි.ඔබට ජය.(නදී)
ඔය වගේ දේවල් වලට තැනක් දෙන්න මහා ලොක්කෝ ටික කවදාවත් කැමති වෙන්නේ නැහැ. (නදී)
අපේ රටේ හොද දේට වඩා නරක දේට මුල් තැන දෙන්නේ. දැන උගත් අය මේ වගේ සටන් කලාවක් වැදගත් කොට සලකමු. පුද්ගලිකව අදටත් හෙටටත් මා මේ වෙනුවෙන් සහයෝගය දෙමි.(නදී)
සමුරායි නෙවෙයි අපිට කිරිපිටි ටිකක් ගන්න විදිහක් නැද්ද ? (නදී)
ඔහාටම වෙලා ඉන්න (දී)
අහිංසක මිනිස්සුන්ගේ අත පය කඩන්නද ඔය සටන් කලාව පොලිසියට දෙන්න හදන්නේ.(නදී)
ඔබගේ උත්සාහය සපල වේවා! (නදී)
අයිකීදෝ, බුදොකාන්, ජුජුට්සෝ,වා ෆන්කුලෝ වැනි සටන් ක්‍රම උගන්වන සංවිධාන සියල්ලම වානිජමය ව්‍යාපාරයන්ය. මේවාට එන අයට ඒ අයගෙම මුදල් වලින් පදක්කම්ද දී එම අය ලොව සිටින උසස්ම කරාටේ හෝ හදාරන ලද සටන් ක්‍රමයේ පුද්ගලයා බව පෙන්වා දෙනවා. මෙකී ආයතන වල සාමාන්‍ය සම්ප්‍රදාය මෙයයි. මෙවැනි තැන වලින් ඉගෙනගත් අය ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයට පුහුණු කටයුතු කරනවා කියන්නේ 'හාවෙක් අලියෙක්ව නාවන්න යනවා' වැනි වැඩකි. (නදී)
ඔයගොල්ලෝ වෙන්නප්පුවේ පටන් ගත්ත කරාටේ පන්තියට මොකද වුනේ? ඒක ඉබේම නැවතුනා නේද? (නදී)
කොයි තරම් දක්ෂයින් මේ මොහොතේ ලංකාවේ ඉන්නවාද, සුදුසු ඇගයීමක් ලැබී තියෙනවාද කියන එක ප්‍රශ්නයක් (දී)
අපේ පොලිසියේ අයට ඕවා පුහුණු කලොත් රටේ මංකොල්ල සහ අපරාද තවත් වැඩිවෙයි. කරන තරමක් ලොකු අපරාද ,මංකොල්ල කෑම කරන්නේ විශේෂ පුහුණුව ලත් හමුදාවේ හිටපු හෝ පොලෝසියේ හිටපු අයයි. අනික පෙළපාලි යන විශ්ව විද්දයාල සිසුන්ට ,ගොවියන්ට වගේ සාමාන්‍ය ජනතාවට වැඩ දාලා ගහවි.(නදී)
ලොව ඕනෑම රටක හමුදාවන් පුරුදු පුහුණු කරන ක්‍රම පටිපාටියක් තිබෙනවා. බොහෝ විට මේ දේවල් රාජ්‍ය ආරක්ෂක රහස් ලෙසයි දැක්වෙන්නේ. ලංකාවේ එය ඉතාමත්ම ක්‍රමවත් සහ අත්දැකීම් වලින් පරිපුර්ණ වූ සහ විදේශ යුද ඇකඩමි වල පශ්චාත් උපාධි පවා කල පිරිසක් එය කරන්නේ. ඒ සඳහා වූ පුර්ණ සම්පත් සහිත විශ්ව විද්‍යාලයක්, පොලිස් අභ්‍යාස ආයතන පවා තිබෙනවා. එවන් විටකදී, කරාටේ, ජුජුට්සු වැනි අමතර පන්ති ගොස් සහතික ලබපු අය පොලිසිවලට හමුදාවන්ට විශේෂයෙන්ම සටන් ක්‍රම උගන්වන්න යාම අනුවන උත්සාහයක් බවයි මට නම් පෙනෙන්නේ. (දී)
පොලිසියේ අය ගුටිකන හැටියට මාෂල් ආට් එකක් උගන්නනවා නම් හොද තමයි.(නදී)
ඔබතුමාට ලංකාවෙත්, වෙන රටවලත් උසස් නිලධාරීන්ගේ වෙනස හොදින් පෙනුනාද? (නදී)
ඔය ඉන්න රටටම වෙලා ඉන්න සහෝදරයා, මේ ලංකාවට ඇවිත් වැඩක් නැහැ, මෙහේ ඉන්න කිසිම කෙනෙක්ට මේ රටේ තැනක් නැහැ, නිකන් ඉල්ලන් ගාගන්නේ නැතුව ඔය ඉන්න රටට මොනවා හරි දෙයක් කරන්න...(දී)
සාමකාමී සමාජයට තර්ජනයක් කියල හිරේ නොදා බෙරිච්ච එක ගැන සතුටුවෙන්න. (දී)
අපේ පොලිසියේ බොහෝ අයට නැවිලා දණහිස වත් අල්ලගන්න බැහැ. ඒ අයට බොහෝවිට තිබෙන්නේ සද්දේ තියෙන කටක් පමණයි. ඒ කටත් වැඩකරන්නේ අසරණ අය ඉදිරියේ පමණයි.(නදී)
අරයාගේ සංකල්පයක් මෙයාගේ ආරාධනයෙන් අහවලාගේ වියදමින් ඔබේ මහන්සියෙන් මෙය කරනවා කියලා බෝඩ් එකක් වත් දානවා කිව්වනම් ගොඩ.(නදී)
ඇයි ඕවා පොලිසියට කියන්න ගියේ.(නදී)
මම නම් කියන්නේ මේ මනුස්සයා ඕක සාමාන්‍ය මිනිස්සුන්ට ඉගෙන්නුවා නම් තමයි හොඳ.(නදී)
මම නම් කියන්නේ මේ ඕක පොලිසියට උගන්වන්නේ නැතුව, සාමාන්‍ය මිනිස්සුන්ට ඉගෙන්නුවානම් හොඳයි මොකද පොලිස්කාරයෝ ගහනකොට වැඩ දාලා බේරෙන්න.(නදී)
පුතේ...අපේ රටේ සැලකිලි ගන්න ඕවා කරලා බැහැ.(නදී)
අම්මෝ මල්ලි වෙරෝන වලට වෙලා තමුන්ගේ වැඩක් බලන් ඉන්න එක හොදෛයි .මොකද දැන් රට යන්නේ රුවිතෙට .. අච්චාරු හැලියක් වෙලා .හොද දෙයක් අරගන්න තරම් වරම් නැති තත්වෙට පත් වෙලා. (දී)
මේ මල්ලිගේ දුරකතන අංකයක් දෙන්න.(නදී)
මල්ලියෝ දන්නේ නැද්ද ලංකාවේ ඉන්නේ කෙල පැමිණි වැඩ කාරයෝ කියලා. අපේ මිනිස්සු කවද්ද දෙකට නැමුණේ. පේන්නේ නැද්ද පාරේ යනකොට තියන සද්දේ. (නදී)
අර කරාටේ කියයි, ජුජිට්සු කියයි මෙකී නොකී හැම නමකින්ම ඔවැනි සංවිධාන ලංකාවේම බර ගණනක් තියෙනවා. ඒ වගේ ඉන්න ඔක්කොම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් මුලිනුපුටා දමපු අපේ හමුදාවට සටන් උගන්න්වන්න ගියොත් හොදට තියෙයි. ඔබාමා ජනාධිපති තුමාගෙන් අහල බලන්න ඒ අයට වත් අවශ්‍යද කියලා.(නදී)
ජායා, අහිංසකම මිනිස්සු ඉන්නවා නම් පොලිසි ඕනේ නැහැ නේද? (නදී)
මේ වගේ වැඩ ඕනී නෑ ඉතාලියෙන් ටොෆි, චොක්ලට්, බිස්කට් ටිකක් අරන් යන්න ඉස්පිරිතාලෙකට. ළමා වාට්ටුවකට ගිහින් ඒවා රෝගී අහිංසක ළමයින්ට බෙදන්න. බිත්ති අපවිත්‍ර නම් යහළුවන් සමග ඒවායේ තීන්ත අලේප කරන්න. අපවිත්‍ර වූ වැසිකිලි පවිත්‍ර කර අලුත් බඩු මුට්ටු සබන් වැනි දේවල් ඒවායේ තබන්න. වයසක ලෙඩුන් ලඟට ගොස් ඔවුන්ගේ දුක සැප විමසන්න. බෙහෙත්, ගමන් පහසුකම් සඳහා ඔවුන්ගේ අතට යම් මුදලක් දෙන්න. ආපසු යනකන් යාළුවො වටේටම සිටින ඔබලාට මේවා සුළු දේවල් නොවේද?(දිල්)
ඔවා ලංකවට ඕනි නැහැ ලංකාවේ කඩු කිනිසි වලින් කපලා කොට මරන්නේ සටනක් නැහැ.(නදී)
අහු නොවී අල්ලස් ගන්න ක්‍රමයක් ගැන පොලිසියට කියා දෙන්න ගියානම් ඔය ලොක්කෝ ඔක්කොම පූර්ණ සහයෝගය දෙනවා ස්තිරයි.(නධී)
කොහොමත් ඉතින් මොකක්හරි ප්‍රගුණ කරපු කෙනෙකුට රටේ තැනක් නැහැ.මේවනවිට රටේ වටිනා මානව සම්පත් කොපමණ ප්‍රමාණයක් වෙන රටවල් සින්න කරගෙනද?(දිල්)
ඔයා ගැන ආඩම්බරයි
මෙතරම් පෞද්ගලික සටන් ක්‍රම වාණිජව උගන්වන සංවිධානයක ලියා පදිංචිව පුහුණුව ලැබූ සහ ඔබ කියන සාමාර්ථ එම සංවිධානයෙන්ම ලැබූ ඔබ අවම වශයෙන් ජාතික මට්ටමක වත් ක්‍රීඩා උළෙලට සහබාගීවී පදක්කමක් වත් දිනා තිබේද?(නදී)
අසම..විකාර ප්‍රශ්න දාන්නේ නැතුව කිරි බෝතල් අරගෙන බොන්න පුරුදු වෙන්න.. අඩුම ගානේ දේශීය කිරි ගොවියට වත් සෙතක් වේවි (දී)
පුතේ ඔය රටටම වෙලා ඉන්න හොදටයි කියන්නේ (දී)
බ්‍රිතාන්‍ය නම් මම දන්නේ නැහැ ඔය කයිවාරු ගහන ඇමරිකාවනම් මානව හිමිකම් හොදටම කැඩුවා (දී)
කරුණාරත්න මහත්මයාණෙනි ඔබ වැනි අය ලංකාවේ සිටියා නම් පිට රට යන්න අවශ්‍ය නැහැ.(නදී)
හැකියාවක් තියෙන කෙනෙකුට කවදද අපේ රටේ තැනක් තිබුනේ.අපේ අය පිටරටවල්වල ගිහින් එම රටවල් බබලනවා.කනට කවදද මැණිකේ අගේ තේරුනේ.(අ)
උපේන්ද්‍ර ලන්ඩන් මහත්මයෝ...අපි අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් ලංකාවට ගොස් සතුට පතා කරන්නේ මෙවැනි දේවල්. ඉන් ලැබෙන චිත්ත ප්‍රීතිය අප්‍රමානයි. යන්තම් දොස්තරවරයෙක් 'චැනල්' කරන්න පමණක් මුදල් සොයා ගන්නා අම්මලා තම අත දරුවාට අවශ්‍ය බෙහෙත් ටික සොයා ගන්නට මුදල් නැතිව බෙහෙත් වට්ටෝරුව අතේ තබාගෙන හෙලන කඳුළු අප බොහෝ දැක තිබෙනවා. ඇඟ පත හයිය තිබෙන, පෙර පිනකට යහමින් මුදල් අතේ ගැවසෙන මේ කාලයේ මම සහ මගේ මිතුරු කැල කරන්න උත්සාහ ගන්නේ නම් මේ දේවල් ය.(නදී)
කරාටේ, අයිකීදෝ,බුදොකාන්, වුෂු, කික් බොක්සින් වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු කරන සංවිධාන විවිධ නම් වලින් ලොව පුරා තිබෙනවා. මේ හැමෝම තම සාමාජිකයන්ට කියන්නේ ලොව උසස්ම ආයතනය තම ආයතනය බවය. තම ව්‍යාපාරික වාසි සඳහා මෙවන් මානසිකත්වයකට ඇද බැඳ තබන මේවායේ ඉන්න සිසුන් සිතන්නේ තමන්ට දෙන සහතිකය ලොව ඉහලම සහතිකය ලෙසය. ඉතින් මේවයින් පිටවන අය ලෝකයේ උසස්ම පුහුණුවක් ලැබූ ශ්‍රී ලංකා පොලිසියට සහ හමුදාවට සටන් ක්‍රම උගන්වන්න යන්නෙත් මෙවන් මානසිකත්වයක සිටින නිසා බව මගේ හැගීමයි. උතුරේ සටන් බිමේ සිට 'දිය, ගොඩ,අඳුරේ, එළියේ' සටන් කර රටක් ජාතියක් බේරා ගත්ත අපේ විරුවන්ගෙන් මේ අය දැන ඉගෙන ගත ගත යුතු දේ බොහෝ ඇත. (නදී)
මේ මල්ලිට 'සමුරායි' කඩුවක් දීල ජපන් ඇඳුමක් අන්දවලා ඒ දවස්වල යවන්න තිබුනා උතුරේ සටන් බිමට.(නදී)
සහෝදරයා ඔයාට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවිතේ ඉතුරු ටික ගෙවන්න ඕන නම් ,ඉන්න රටකට වෙලා තමන් දන්නා සිල්පේ කරගෙන ඉන්න.(දී)
කලකිරෙනවා අපේ රටේ මිනිස්සු ගැන (දී)
මේ මෙවන් දෙයක් වූ ප්‍රථම අවස්ථාව නොවෙයි (දී)