ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානයේ සිට ඉන්දියාව ඔස්සේ ශ්‍රී ලංකාවට මහාපරිමාණ වශයෙන් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කිරීමේ ජාත්‍යන්තර ජාවාරමක් ඇතැයි නවදිල්ලි පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ ඉන්දියා රුපියල් කෝටි තිහක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩු කිලෝ ග්‍රෑම් නවයක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු සමග නවදිල්ලි පොලිසියේ විශේෂ ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරම ගැන දැනගන්නට ලැබුණු බව ඉන්දියාවේ ‘ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කරයි.
නව දිල්ලි පොලිසිය හෙළිදරව් කරගෙන ඇති පරිදි පසුගිය කාලයේ මෙම මත්කුඩු ජාලය හරහා ශ්‍රී ලංකාවට එවා ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 125කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්න දේවල් වලට මොකද කරන්නේ. (ස)
අපේ දරුවන්ට රටක් නම් ඉතිරි කරන පාටක් නැහැ වගේ. (නදී)
නෝනාවරුනි, මහත්වරුනි එල්.ටි.ටි සමයේ ඔවුන් ඔවුන්ගේ යුද උපකරණ ගෙන්වීම සඳහා නොයෙකුත් ජාවාරම් කලා. එයින් වඩාත්ම ප්‍රබල වුයේ කුඩු ජාවාරමයි. එදා එම ජාවාරම් වල මහා මොලකරු කරුණා අම්මාන් අද ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක්. වෙනදා මෙවන් ප්‍රබල කුඩු ගනුදෙනු සිද්ධ උනේ නැහැ. මෙවන් වංචා ඔබට මට කල නොහැකි බව නොරහසකි. ඇතැම් විට ඔහු සමගින් එදා එල්.ටි.ටි ගනුදෙනු අද ක්‍රියාත්මක වෙනවා කියල සමහර ඉන්දියානුවන් කියනවා. මේ ගැන සොයල බලන්න. විනාශ වන්නේ ඔබේ අපේ දරුවන් නිසා සැලකිලිමත් වන්න.(නදී)
මේ සඳහා සියලු දොරගුළු විවර කර ඇත. (ත)
ඒ කියන්නේ අර අල්ලපු කිලෝ 250 ගානට අමතරව වෙන්න ඇති. කණගාටුවට කාරණය තමයි යුද්දෙත් නැතිව මේවා වෙන එක.(ත)
එම ජාලයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 125ක් නම් ලංකාවේ දැන් කුඩු මිල පහල වැටෙන්නට ඇති..
දැන් ලංකාවට අපලයිද? (ත)
ඕක ඉන්දියාව දැනගත්තේ අද ඊයේ. අපේ දේශප්‍රේමීන් එදා ඉදල දන්නවා. සුභ අනාගතයක්.(නදී)
වසර 2500 වැඩි පෞඩ ඉතිහාසයක් ඇති අපේ රටට මොකද වුණේ? (ත)
මොනවා කරන්නද ?(ත)
සියලු ආහාර වර්ගවල මිල ගණන් බදු නිසා වැඩි වී ඇත .කුඩු සැපයුම වැඩි නිසා කුඩු මිල තරමක් දුරට හෝ පහල යනු ඇත.උත්සව සමයේ තරුණ ජීවිත විනාශ කරමින් පහසුවෙන් මේ ව්‍යාපාරිකයන්ට මුදල් උපාය ගත හැක. (ත)
සමහර දෙමළ නායකයින් උනත් අවසාන මොහොතේ කරපු අනතුරු ඇඟවීම් ඇත්ත වෙයි කියලයි මටනම් හිතෙන්නේ...(දිල්)
අශ්චර්ය වේගෙන එනවා අවුලක් නැ.මතට තිත සැමට කුඩු.(දිල්)
පාලකයිනි,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය වැනි රටවල් සමග කිට්ටු සම්බන්දතා පැවැත්වීමෙන් අපට වෙන සෙතක් නැත . (ත)
මට දැන් බනිවි අදහස් දාලා තියනවා කියලා. දැන් ලංකාව තමා ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය. දැන් අපි ආසියාවේ ආස්චර්‍ය වේගෙන යනවා. (නදී)
මේවා බටහිර ජාතීන්ගේ විදෙස කුමන්ත්‍රණ. මේ කතා බොරු ලංකාවේ ඉන්න සියලුම දේශප්‍රේමී නායකයන්ගේ කතා සහ ජනතාවගේ ප්‍රතිචාර ගැන බැලුවම කුඩු බිඳක්වත් අපේ රටට එන්න විදියක් නැහැ. (ත)
මේවා අල්ලන්න පටන් ගත්තේ මේ ළඟදී. හෙරොයින් අපේ රට හරහා පිටරටට ගියේ ලංකා ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇතිකරපු ජේ.ආර් මහත්තයාගේ කාලේ ඉඳලයි. ඒ කාලේ ඉඳහිට පත්තරේක ඔය ගැන ලිපියක් දෙකක් පල උනාට, ඒවා වාමාංශික පත්තර නිසා ලොක්කෝ හෙවත් බලධරයෝ ගණන් ගත්තේ නැහැ. එදා නියපොත්තෙන් කඩාගන්ට තිබුන දේ අද බුල්ඩෝසරෙනුත් කඩන්ට බැරි තත්වයට ඇවිල්ලා. මේවා එවන්නේ වැල්ලේ සුදාලා වගේ දෙකයි පනහේ කට්ටිය නෙවෙයි මහා ලොකු ලොකු අය වෙන්ට ඕනේ. නැත්තං අරවගේ කන්ටේනර් ගනං එවනවද..? කොහොම හරි මේ වගේ හුවමාරුවකින් අපේ රට සහ රටේ අනාගතය විනාසවෙනවා දකින්ට අපි කැමති නැහැ. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් නායකයෝ කියා ගන්නා කොටසත් නායකයෝ වෙන්ට ඉන්න කොටසත් පරිත්‍යාගයෙන් මේ ව්‍යසනය නවත්වන්ට පියවර ගන්නවා නම් මුළු රටේම සහාය ලැබෙනවා නියතයි. (නදී)
අපි බලපු සමහර හින්දි චිත්‍රපට ඇත්ත වෙන්නද යන්නේ?(දිල්)
දියුණුවෙන්,සංවර්ධනයෙන් ,ආශ්චර්යයෙන් , නැගී එන අපේ රට වට්ටන්න ,අසල්වැසි රටවල් කරන කුමන්ත්‍රනයක් වගේම ,කඩිනම් පොහොසත් වීමට උත්සාහ දරන්නන්ගේ වෑයමක්. තරුණ පරපුර රැක ගැනීම රජයේ සම්පුර්ණ වගකීමක්. (නදී)
අනෙක් රටවලට අත දික්කරල සුද්දවන්තයන් වෙන්න පුලුවන්ද? (ත)
කුඩු ත්‍රිකෝණය ලංකාව .පකිස්ථානය ,ඇෆ්ගනිස්ථානය .(ත)
අපි කොහොමත් ගොඩක් දේවල්වලට ආසියාවේ කේන්ද්‍රස්ථානය වෙන්න නේද ප්ලෑන් කලේ. ඔන්න එක වැඩක් නම් හරි ගිහින්. (ත)
කේන්ද්‍රස්ථානයක් තමා හැමදේකම. (ත)
මේකත් පිට රට සල්ලි හොයන්න බලන වැඩක් වගෙයි. හැබැයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේවට බිලි උනොත් නම් ඉවරයි. (ත)
මං අහල තියෙනවා ලී ක්වාන් යු සිංගප්පුරුව හදන්න ඉස්සෙල්ලම කලේ අපරාධ මර්දනයට දක්ෂ පොලිස්පතිවරයෙක් පත්කරලා ඔහුට සියලු බලතල දීමලු. ඒ පොලිස්පති සති දෙකෙන් පාතාලය විනාශ කරලා සිංගප්පුරුව සුද්ද කලාලු. අපේ රටෙත් ඒ කැපවීම තිබෙන බලධාරීන් ඉන්නවා නම් සත්‍ය වශයෙන්ම අවංක කාර්ය ශුර නිලධාරියෙකු වන අපේ පොලිස්පති තුමාත් සති කෙන් කුඩු ඉවර කරන බව මට නම් විශ්වාසයි. (නදී)
රජයට දඩ මුදල් වලින් අදායමක් එන නිසා මේවා නතර කරන්න දැඩි නීති පනවන්නේ නැහැ. නමුත් එයින් රටට සිදුවෙන විනාශය සහ අපකීර්තිය ඇති විශාලයි.(දිල්)
ෂා! ලංකාව තව අංගයකින් ප්‍රමුකයන් අතරේ. කාටද ආඩම්බර.(නදී)
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා ඒකත් නීත්‍යානුකූල කලා නම් ඉවරයිනේ.(නදී)
කලන බිලිවෙන්න දෙයක් නැහැ බිලිවෙලා ඉවරයි ඉස්සර කුඩු ගන්න නම් කොළඹම යන්න ඕනා. අද ලංකාවේ ඕනෑම ප්‍රදාන උප ප්‍රදාන නගර වලින් මේ ජරාව ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් නේද ? (නදී)