ශ්රී ලංකාවේ යහපාලන රජය යටතේ දුෂණය පිටු දැකීම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම අතිශය ප‍්‍රශස්ත මට්ටමකින් ඉහළ නැංවී ඇති බවත් ඒ වෙනුවෙන් රජය කළ කැපවීම අගය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද (25) කොළඹදී කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ගේ කතාව හරි. බනින්නේ බටහිර රටවල් වලට නමුත් විස ඕනේ මොන රටට ද කියලා අහපුහම කියන්නේත් බටහිර රටවල් වල නම්. අදින්නෙත් කන්නෙ බොන්නෙත් බටහිර (බ)
හොඳ සාකච්ඡාවක්! (හේ)
මෙයාල ඉරාකයේත් ලිබියාව සිරියාව වගේ රටවල හොඳට ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා.දැනට මිලියන ගණනකට ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳිනවා පොලොව යට.(හේ)
ඇමෙරිකාව වැඩියෙන්ම ණය අරන් තියෙන්නේ චීනෙන් කියන එක දන්නවද. ඇමෙරිකාව කියන දේට අත උස්සන පාලකයෝ ඉන්න රටවලට සහතික දෙනවා. කොටි පරාජය කරනවට විරුද්ධ වුනේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්. ඒවායේ ලංකා දෙමල විශාල පිරිසක් ඉන්නවා. දැන් යුද අපරාද චෝදනා ගෙනෙන්නේ මේ රටවල්. (බ)
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කියන කරන සියල්ල නිවැරදි නොවුණත් ඔවුන්ට විරුද්ධව හෝ ඔවුන්ගේ ඉල්ලීම් වලට කීකරු නොවී අපට රටක් හැටියට ඉදිරියට යන්න හැකියාවක් නැහැ. ඒ ඔවුන් කෙරෙහි තිබෙන බිය නොව සුපිරි බලවතුන් ගේ සහය නොමැතිව කිසිවක් කළ නොහැකි නිසාය. අද බොහෝ රටවල් වල ඇතිවුන විනාශ වලට ප්‍රධානම හේතුව එයයි. මින් මතුවට හරි අපේ වැරදි නිවැරදි කරමින් ලෝකයේ දියුණු රටවල් සමග අත්වැල් බැඳ ගෙන ඉදිරි ගමන යා යුතුය. (ම)
ලෝකයේ හැම රටක්ම සමග සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. සමහරු චීනය කරේ තියාගෙන ඇමෙරිකන් පුරවැසිකම අරගෙන ඉන්නේ.(ම)
ඇමරිකාව දන්නේ නැද්ද දන්නේ නැහැ ජනතාව ඡන්දයෙන් පහ කල ඇමතිලා ආපහු හොර පාරෙන් පාර්ලිමේන්තුවට එනවා. ඡන්දයෙන් දිනපු ඇමතිලා පක්ෂයේ තනතුරු වලින් පහ කරනවා. මේවානම් කව්රුවත් කිව්වට එයාල විස්වාස කරන එකක් නැහැ මොකද මේවා වෙන්නේ ලංකාවේ විතරක් නිසා (නදී)
ඔබට අසල්වැසියන් වෙනස් කල නොහැක කල යුත්තේ ඔවුන් හදුනා ගෙන ගනු දෙනු කිරිම වේ. අපගේ හොදම අපනයන වෙළදපල ඇමරිකාව වේ. චීනය ආනයන වෙළදපල වේ. මේ දෙකම සමතුලිතව ගනු දෙනු කිරීම හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දක්ෂතාවය වේ. දුර්වල පාලකයන් එක පැත්තක් පමණක් තෝරා ගනී (නදී)
හොරාගේ අම්ම පේන කියනවා (නදී)
යුද්දෙට යුද උදව් දුන් රටවල් සමග පමණක් නැත ඉදිරි ගමනක් (ම)
ඉතාම හොඳ වැඩ පිළිවලක් අරඹා අපේ රටට පැසසුම් වැඩි වේවා සිංහල දෙමල මුස්ලිම් ජාතිය එකට එක වේවා ජාතිවාදය ආගම් වාදය දුරුවී ලස්සන රටක් අපේ අනාගත පරපුරට බිහි වේවා (ම)
බොහොම ස්තූතියි, ලංකාවේ හිටපු හොරු එලවන්න ඇමරිකාව අපට උදව් කලා. මින්මතු අප සිටගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමගයි. අපව ණය උගුලක ඇද දැමූ චීනය හා ඒකාධිපතියන් රකින රුසියාවත්, ලෝකයට ත්‍රස්තවාදය වපුරන ඉරානය හා පාකිස්තානයත් අතේ දුරින් තබා ගත යුතුයි (නදී)
දැන් එතකොට මෙයාලාගේ සහතික නැතිව අපට ඉදිරියට යන්නම බැරිද. මොකක්ද මේ ස්වාධීන ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කියන්නේ. මා නිකම් කරකවලා අත හැරියා වගේ. (නදී)
කලෙකදී මිතුරන් කලෙකදී සතුරන් වෙනවාලු. අනුන්ගේ සහතික වලට ගැති නොවී, ලාබ ප්‍රයෝජන වලට ගැති නොවී හරිදේ කළොත් විතරක් සශ්‍රීක වෙන්න පුළුවන්. අපි අහල තියන ආර්යයන් වගේ. එ්ත් ගොඩක් අය හිතන් ඉන්නවා වගේ ගැති කම් කරන්න ගියොත්, ලාබ ප්‍රයෝජන වලට නැවෙන්න ගියොත් නම් නමට ස්වාධීන වුනත් වහල්ලු වගේ තමා ඉන්න වෙන්නේ. (බ)
මෝඩ කථා කියන්න එපා ධම්ම.. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් හොදක් කියනව කියන්නේ රටට නම්බුවක් මිස අවනම්බුවක් නෙමේ...ඔබලා වගේ අයගේ පුහු බටහිර විරෝධී මාන්නයක් තියෙනවා, හැබැයි වීසා දෙනවා කිව්වොත් පනින්නෙත් බටහිර රටකටම තමා (බ)
ජයවේවා.(හේ)
අපේ ගොඩක් අය තම ස්වධිනත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ, එවැනි අයට තම මේ වගේ සහතික වැදගත් වෙන්නේ. (හේ)
ධම්ම මහත්තයෝ, ලිඳේ ඉන්න ගෙඹි ඉස්ටයිල් එක අත ඇරලා පොඩ්ඩක් ලෝකේ වෙන දේවල් ගැනත් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්න. ස්වාධීන ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කියල උඩ පැන්නට අපිට ලෝක ප්‍රජාව සමග සාමුහිකව කටයුතු කරන්න ඕන. අපේ දේවල් පිට රටවල් වලට අපනයනය කරගන්න ඕන. පිටරටින් බෙහෙත්, කිරිපිටි, ඛනිජ තෙල් වගේ දේවල් මිලට ගන්න ඕන. ඒ හැම දෙකටම අපි බාහිර ලෝකයත් සමග අත්වැල් බැඳ ගන්න ඕන. *(නදී)
සුදාර, රුසියාවයි චීනෙයි අපේ පැත්තේ හිටියේ නැත්තන් අදටත් යුද්දේ තියෙනවා. අපේ රණවිරුවෝ යුද්ද අධිකරණයට අරන් යන්න යෝජනා ගේන කොට ජිනීවා වල අපේ පැත්තට ඡන්දෙ දෙන්න හිටියේ ඔය අන්තිමට කිව්වා රටවල් විතරයි. ඔහෙලා වගේ ගුණ මකුවෝ ඉන්න කල් ඉතින් මේ රටට අබ සරණයි. (නදී)
මේ රටේ ජගත් උන්නැහේ වගේ සමහරු තවම හිතාන ඉන්නේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා (හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
ඔක්කොමලා හිතගෙන ඉන්නේ ඈමරිකාව අපිට හොදට මේ රිපොට් දෙනාව කියලා. (හේ)
මේවා දැක්කම අධෝමුඛයෙන් හිනා යනවා ....(බ)
තනි මතයට පක්ෂ ලේකම්වරු නෙරපා දැමීම , තමන්ට අවනත නැති සභිකයන් හිතුමතයට නෙරපීම යහපාලනයද? ඇමෙරිකාවට අවශ්‍ය තමන්ට අවනත වන ගෝලයන් පිරිසක්, එයට සිරිසේන, රනිල් වැනි අය ගැලපෙනවා (බ)
අැමෙරිකාව වගේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහිත රටවල් එක්ක මිසක් චීනය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති,රුසියාව වගේ දරදඬු රටවල් එක්ක රටක් දියුණු කරන්න බැහැ. ගොඩේ මිනිස්සු අැමෙරිකාවට වෛර කර කර දේශපේ‍්‍රමය ගෑවට මේ රට හදන්න දියුණු රටවල් එක්කයි වැඩ කරන්න අවශ්‍යය. මේ ලිං මැඩියෝ අද ඉන්න විදියටම මැරිලා ගියාට ප‍්‍රශ්නයක් නෑ. ඒත් අපේ දරුවන්ට මීට වඩා හොද මීට වඩා දියුණු ශ‍්‍රී ලංකාවක් ඕන. ඒ නිසා කවුරු කිව්වත් අමෙරිකාව එක්කයි ලංකාව මේ වෙලාවෙ ඉන්න ඕන.අනික ඔය අබ සරණයි කියන මල්ලිලා දැන ගන්න ඕන.. ඔය ආගමික ත‍්‍රස්තවාදයෙන් ලෝකය මේ තරමින් හරි බේරගෙන ඉන්නෙත් අමෙරිකාව ප‍්‍රමුඛ දියුණු රටවල් මිස චීනය , රුසියාව නෙවෙයි. (බ)
අපි එහෙමනම් ඉස්සර වගේ ලිබියාවේ සහ ඉරානේ පැත්ත ගනිමු. (බ)