‘‘නෝර්වේ හැම විටම ශ්‍රී ලංකාවේ සාමය ප‍්‍රාර්ථනා කළ රාජ්‍යයක්. ඒ වගේම මෙරට සියලූ ජනතාවගේ සුබසිද්ධිය අපේක්ෂා කළා.වසරකට පෙර ශ්‍රී ලංකාව ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය මෙරට වෙනසකට මුලපිරූවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර,කෘෂිකාර්මික හා සූර්ය බලශක්තිය යන අංශයන් හි තාක්ෂණික සහයෝගීතාවය ගැන අවධානය යොමු වුණා. නෝර්වේ රාජ්‍යය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් ලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථාවන් ඇරඹීම කෙරෙහි අවධානය යොමු කරන බවත් නෝර්වේ විදේශ ඇමැති බොර්ගේ බ්‍රෙන්දේ මහතා අද (07) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ප්‍රකාශ කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් නොර්වේ රජය පෙනී සිටින බවත්, බහුසංස්කෘතික අංශයන්හි සංවර්ධනය ගැන සැළකිල්ලට ගනිමින් ප‍්‍රතිසන්ධාන කටයුතු මෙහෙයවිය යුතු බවද ඔහු පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා කරන්න හැදුව දේවල් ලංකාවේ මිනිස්සු හොඳට දන්නවා (නි)
කට්ටිය දැන්නම් ඕනෑතරම් ඉන්නවා (නි)
ඔව් ඒත් ඔබ දෙන උපදෙස් වලටම නොවෙයි අපි වැඩකළේ. (නි)
අපි නොදන්නා සාමය! 2002 නාමල් නිව්යෝර්ක් වලද හිටියේ? (නි)
රටම දැක්කා නාමල් මෙයාලා සාමය ගෙනා හැටි. (නි)
සාමය යනු ත්‍රස්තවාදයට යටත්වීමද? (නි)
මේ අය කොටියට උදවුකළ හැටි මට මතකයි. (නි)
මේ දේවල් දැක්කහම අපිට නම් බය හිතෙනවා. (නි)
මොවුන්ගේ සාමය යනු ත්‍රස්ත වදයට යටත් වීම වේ. දැනුත් වෙන්න යන්නෙත් එටිකමයි. (අ)
මේවට උත්තර දුන්නොත් මොනවා ලියවෙයිද දන්නෙ නැහැ (නි)
නාමල් හරි (නි)
අපිට පුළුවන් අපි ගැන බලාගන්න (නි)
මම මේ කල්පනා කලේ කොහෙන්ද හිනා වෙන්නේ කියලා ආයුබෝවන් ? (ර)
ලාංකිකයෝ මනාව ආගන්තුක සත්කාර කරන ජාතියක්. කවුරු වුණත් අපි තමුන්නාන්සේව සාදරයෙන් පිළිගෙන ආගන්තුක සත්කාර කරනවා (නි)
මේ මහත්වරුත් 2002 උත්සහා කලේ මහා ලේ වැගිරීමකින් තොරව සාමය ගෙන්න තමා.. (ර)
ඇත්තමද කිව්වේ.(හේ)
නාමල්,නිව්යෝර්ක් වලට වෙලා දන්නේ නැති දේවල් කතා නොකළොත් හොඳයි. රටට ආදරය කරන මිනිස්සු රට ඇතුළේ ඉන්නවා (නි)
නාමල් සිංහ හමක් පොරවාගත් "කොටියෙක්" බව අන් අය දැනසිටීම යහපත්. (බ)
එහෙනම් තාම ලේ වැගිරෙනවා.(හේ)
එ් පාර ආයෙත් මොකටද මේ එන්න හදන්නේ? කරුණාකරලා අපි වගේ රටවලට නිදහසේ ඉන්න දෙනවනම් ඒ ඇති.(හේ)
අපි මැරිලා ඉපදුනේ නැහැ. (ර)
ඔහොම යමුකෝ.(හේ)
නාමල්, 2002 ඒ මහත්තුරුත් එක්ක ලංකාවට ආවද? (නි)
සාමය අප සියල්ලන්ම විසින් ලබාගතයුතු දෙයකි. කවුරුවත් ඒ ගැන මහන්සි වෙන්න ඕනෑ නැහැ (නි)
2002කේ නවත්තපු තැනින් වැඩ පටන් ගනීවිද දන්නෙ නැහැ. අපිටයි මඩු වලිගෙන් තලන්න ඕනෑ මොවුන් වැද්දගන්නවට. එක්කෝ ඔවුන්ට, නැත්නම් (ගොඩක් වෙලාවට) අපිට ලැජ්ජා නැහැ. (නි)
අනේ අපිට දැන් ඔයාලගේ අනුකම්පාව එපා (නි)
අපි දන්නවා පැතූ හැටිත්! (නි)