IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවට විරුද්ධව ජයලලිතාගෙන් මෝදිට ලියුමක්

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයේ වහා මැදිහත්වීමක් අවශ්‍ය යැයි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියකින් දැනුම් දී ඇතැයි එරට පී.ටී.අයි පුවත්සේවය වාර්තා කර සිටී.

ශ්‍රී ලංකාව විසින් ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත්, මේ හේතුව නිසා පසුගිය උත්සව සමයේ තමිල්නාඩු ධීවරයින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවත් ජයලලිතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය සාකච්ඡා කර මේ සඳහා පුද්ගලික මැදිහත්වීමක් සිදු කර මෙම ධීවරයින් මුදා ගැනීමට කටයුතු කරන්නැයි ඇය කියයි.



අදහස් (0)

ලංකාවට විරුද්ධව ජයලලිතාගෙන් මෝදිට ලියුමක්

සමන්ති Sunday, 03 January 2016 07:34 PM

ලලිතා අක්කේ ඉන්දියා ධිවරයින් ලංකා මුහුදු සීමාවට එවන්න එපා කියලා ඉන්දියා ධිවර සංගම් වලට කියන්න. (අ)

:       0       0

දුල්මි Sunday, 03 January 2016 08:35 AM

අපිත් මේ මෝදි මහත්තයට කියන්නමයි හිටියේ, ඔය ජයලලිතාගේ පළාතේ වැසිකිළි පහසුකම් නැති එක ගැන (නි)

:       0       0

නන්දලාල් ප්‍රංශය Monday, 04 January 2016 12:19 AM

ජයලලිතා කියන්නේ ලියන්න, කියවන්න, තේරුම් ගන්න පුළුවන් බවලතෙක්ද කියා අපි දැන් හිටියේ නැහැ. කොහොම වුණත් එයාට තේරෙන්නේ නැති කරුණු කාරණා, ඉන්දීය ජනපතිට තේරෙනවා ඇති කියා අපි හිතනවා. වෙන රටකට (ශ්‍රී ලංකාවට) අයත් මුහුදේ බලෙන් මසුන් මැරීම නීත්‍යනුකුල නොවන බව මේ "පික්චර් ඇන්ටිට" තේරුම් කරදීමට තමිල්නාඩුවේ කවුරුවත්ම නැද්ද ? මේ අම්මන්දිට බැරි වුණා ද මේ ටික නීතිය නොදන්නා එරටේ ධීවරයන්ට කියාදීල, පසුගිය උත්සව සමයේ තමිල්නාඩු ධීවරයින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට ඉඩ සලස්වා දීමට ?(අ)

:       0       0

ගමගේ Sunday, 03 January 2016 08:39 AM

ජයලලිතා මහ ඇමතිතුමිය මොනවද මේ කතාකරන්නේ, දැන් කී පාරක් අනවසරයෙන් ලංකා භූමියට ඇවිත් නිදහස් කර ඇද්ද. මීට පසු නිදහස් කිරීම වෙනුවට උපරිම දඬුවන් දුන්නොත් මීට පසුවවත් නෑවිත් ඉඳියි.(කෞ)

:       0       0

පරාක්‍රම Sunday, 03 January 2016 04:19 PM

ඕක ඉතින් හැමදාමත් දන බයිලානේ ජනාදිපති කෙලින් නම් හරි , කලින් ජනාදිපති එක්ක සෙල්ලම් බැරි උනානේ (කෞ)

:       0       0

නෙතලී Sunday, 03 January 2016 04:46 PM

ඔය ජයලලිතා තාම දන්නේ නැද්ද තමිල්නාඩුවේ තිබෙන පළවෙනි ප්‍රශ්නය වැසිකිළි නැතිකම කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site