ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයේ වහා මැදිහත්වීමක් අවශ්‍ය යැයි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියකින් දැනුම් දී ඇතැයි එරට පී.ටී.අයි පුවත්සේවය වාර්තා කර සිටී.
ශ්‍රී ලංකාව විසින් ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත්, මේ හේතුව නිසා පසුගිය උත්සව සමයේ තමිල්නාඩු ධීවරයින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවත් ජයලලිතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය සාකච්ඡා කර මේ සඳහා පුද්ගලික මැදිහත්වීමක් සිදු කර මෙම ධීවරයින් මුදා ගැනීමට කටයුතු කරන්නැයි ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිතා අක්කේ ඉන්දියා ධිවරයින් ලංකා මුහුදු සීමාවට එවන්න එපා කියලා ඉන්දියා ධිවර සංගම් වලට කියන්න. (අ)
අපිත් මේ මෝදි මහත්තයට කියන්නමයි හිටියේ, ඔය ජයලලිතාගේ පළාතේ වැසිකිළි පහසුකම් නැති එක ගැන (නි)
ජයලලිතා කියන්නේ ලියන්න, කියවන්න, තේරුම් ගන්න පුළුවන් බවලතෙක්ද කියා අපි දැන් හිටියේ නැහැ. කොහොම වුණත් එයාට තේරෙන්නේ නැති කරුණු කාරණා, ඉන්දීය ජනපතිට තේරෙනවා ඇති කියා අපි හිතනවා. වෙන රටකට (ශ්‍රී ලංකාවට) අයත් මුහුදේ බලෙන් මසුන් මැරීම නීත්‍යනුකුල නොවන බව මේ "පික්චර් ඇන්ටිට" තේරුම් කරදීමට තමිල්නාඩුවේ කවුරුවත්ම නැද්ද ? මේ අම්මන්දිට බැරි වුණා ද මේ ටික නීතිය නොදන්නා එරටේ ධීවරයන්ට කියාදීල, පසුගිය උත්සව සමයේ තමිල්නාඩු ධීවරයින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට ඉඩ සලස්වා දීමට ?(අ)
ජයලලිතා මහ ඇමතිතුමිය මොනවද මේ කතාකරන්නේ, දැන් කී පාරක් අනවසරයෙන් ලංකා භූමියට ඇවිත් නිදහස් කර ඇද්ද. මීට පසු නිදහස් කිරීම වෙනුවට උපරිම දඬුවන් දුන්නොත් මීට පසුවවත් නෑවිත් ඉඳියි.(කෞ)
ඕක ඉතින් හැමදාමත් දන බයිලානේ ජනාදිපති කෙලින් නම් හරි , කලින් ජනාදිපති එක්ක සෙල්ලම් බැරි උනානේ (කෞ)
ඔය ජයලලිතා තාම දන්නේ නැද්ද තමිල්නාඩුවේ තිබෙන පළවෙනි ප්‍රශ්නය වැසිකිළි නැතිකම කියලා? (නි)