මලයාසියාවේ පිනෑංහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා බර ඉසිලීමේ තරඟාවලියක දී කාන්තාවක විසින් රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවමින් මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයයේ දිනූදා දිල්ෂාන් අබේසේකර ක්‍රීඩිකාව විසිනි.
ඇය මෙම තරඟාවලියේ දී සිය තරඟ ඉසව්වෙන් ස්නැක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 62ක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 74ක් ද වශයෙන් මුළු බව කිලෝ ග්‍රෑම් 136ක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් මෙම රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බව ඇගේ පුහුණුකරු වන පොළොන්නරුව රාජකීය විද්‍යාලයයේ ක්‍රීඩා ආචාර්ය ඩන්කන් ජයසිංහ මහතා පැවසීය.
කුරුණෑගල මලියදේව විදුහලේ ශශීක ඒකනායක බර ඉසිලීමේ කිලෝ පනහේ බර ඉසිලීමේ තරඟයෙන් නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් ද, තිලංග පලඟසිංහ කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් රන් පදක්කමක් ද දිනා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සන්තෝෂයි (නි)
උණුසුම් සුබ පැතුම් ඔබට නැගණියේ...!!! ඒ වගේම උපරිම සහයෝගයක් ක්‍රීඩාවට ලබා දෙන අපේ සර්ටත් හදපිරි ප්‍රණාමය (නි)
අපේ ලංකාවේ කාන්තාවන්ට ජීවන බර ඉසිලීමටත් වාර්තා තියන්න පුළුවන්. (නි)
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුණා... එඩිතර හොද පුතුන් තුනක් ලක් මවගෙන් බිහිවුණා.... (නි)
"රට පොඩියි,අපි පොඩියි, අපිට බෑ" කියලා හිතන එක සහ අපේ රට ගැන ලැජ්ජා වෙන එක නැවැත්වූ දවසට මේ ලංකාව ලෝකයේ ඉහළම රටක්.රටක් ලෙස ජාතියක් ලෙස ඉදිරියට යමු මිනිසුනේ. අපිට පුළුවන්. අපේ ජාන ශක්තිමත්. අපි ලෝකය දිනමු. ජාතියක් ලෙස අපිට කළ නොහැක්කක් නොමැත.මේ බව දන්නා රටවල් අපිව පරාජය කරන්නට කරන කුමන්ත්‍රණ වලට නොබියව නිර්භයව දේශපාලන භේදයකින් තොරව එකාවන්ව එකට නැගිසිටිමු. (නි)
දරුවන් තිදෙනාටම සුභ අනාගතයකට ආසිරි පතමි (නි)
මගේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! තව තවත් ජයග්‍රහණ හිමිකර ගන්න (නි)
චින්තකත් පොළොන්නරුවේ නේද සුභ පැතුම් (නදී)