යුද ගැටම් පැවති කාලවලදී ස්ත්‍රී දුෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු රටවල් 21 ක් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කැර ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි.
ශ්‍රී ලංකාවට අමතරව ඇන්ගෝලාව ,බොස්නියාව,හර්සගෝවිනා,කම්පුචියා ,කොළොම්බියාව,ගිනියාව,ලයිබීරියාව,ලිබියාව,නේපාලය,සියරාලියෝන්,සෝමාලියාව,සුඩානය,යේමනය යන රටවල් ද එම ලයිස්තුවට ඇතුළත්ය.
යුරෝපය,ආසියාව,අප්‍රිකාව,දකුණු ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් කිහිපයක යුද ගැටුම් පැවති කාලවලදී සිදු වු දුෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන්කි මුන් මහතා විසින් මෙම රටවල් ඇතුලත් වාර්තාවක් නිකුත් කැර ඇත.
ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති අවසන් කාලයේදී සිදු වු බව කියන ස්ත්‍රී දුණෂ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් මෙවැනි තත්ත්වයන් පිළීබඳව සොයා බැලීම සඳහා ලංකාවේ විශේෂ නියෝජිතයකු පත්කරන්නැයි ද යුද ගැටුම් පැවැති කාල සීමාව තුලදී සිදුවන දේශපාලන හා ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිත සයිනාබ් හවාබංගුරා කියා සිටින බව ඉනර්සිටි ප්‍රෙස් පුවත් සේවය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රකිත මහත්තයාට වගේ මට වලිග නැහැ පාගාගන්න.යුද්ධ කරන්න බැහැ එරමිණිය ගොතාගෙන දස සිල් අරගෙන.කළ යුතු වගේම යම් හේතුන් මත නොකළ යුතු ක්‍රියාවනුත් යුද බිමේදී කරන්න වෙනවා.මම කියන්නේ ස්ත්‍රී දුෂණ ගැන නෙමෙයි. අහිංසකයින් මිය යාම,යටත් වූ හෝ අල්ලාගත් සතුරන් මරා දැමීම වගේ දේවල්.ත්‍රස්තවාදයට මුහුණ දුන්නේ, අතපය ජිවිත අහිමි කර ගත්තේ, වද හිංසා වලට ලක්වුණේ සොල්දාදුවෝ. ඔවුන්ට අවස්ථාව ආවම ඔවුන් ප්‍රතික්‍රියා දක්වනවා අනිවාර්යයෙන්.ඒක යුද බිමේ කාටත් පොදු නීතියක්.සිදුවීම් වෙන එක වළක්වන්න බැහැ.එහෙම වළක්වන්න ගියා නම් මේ යුද්දේ ඉවර කරන්න වෙන්නෙත් නැහැ. (නි)
එතකොට ඉරාකය..?නිතිපතා ස්ත්‍රී දුෂණ පවතින ඇෆ්ගනිස්ථානය...? (දී)
මේක දැන් මේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ කේස් එකක්. එත් අවුලක් නැහැ. අපේ කට්ටිය ඊලග සමුළුවට ගිහින් එනකොට ගෙන්න ඕන බඩු ලිස්ට් එක දැන්මම හදාගෙන ඇති. සුදුස්සන් නුසුදුසු තැන්වල ඉන්දවාගෙන දැන් අපට මොනවා කිව්වත් අපි මොනා කරන්නද? (දී)
කොටි ත්‍රස්තවාදීන් කල මිලේච්ච ක්‍රියා පෙන්නේ නැද්ද මේ මිනිසුන්ට (දී)
මේ කුණු ගොඩවල් ඇවිස්සෙන්නේ යුද්ධ කාලයේ නෙවෙයි ඊට පස්සේ ඉඳලා අද දක්වාම කෙරෙන නොහොබිනා වැඩ නිසා. ඉස්සෙල්ලාම සංචාරකයන් ට කරන අතවර නවත්තන්න, . ලංකාවේදී අතවරයට පත් වුන සංචාරක කාන්තාවන් තමන්ගේ රටට ගිහින් කට පියාගෙන ඉන්නේ නැහැනේ. වැරදි කාරයන් ට දඬුවම් දෙන්න. (දී)
බන්දුල පෙරේරා මහතාණෙනි , ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සාධාරණීකරනය කරන්න එපා. තමන්ගේ සහෝදරියකට දියණියකට වුණා නම් ඇමෙරිකාවෙත් මේවා වෙනවා ඉතින් අපේ ගෙදර කෙනෙකුට වුණාම මොකද කියන්නේ නැහැනේ ? මේවා කොයි රටේ වුණත් වැරදියි. (නි)
හිරෝෂිමා වියට්නාම් කාම්බුජියා අප්ගනිස්තාන් තවත් රටවල් ගානක වෙච්ච සහ වෙන දේවල් ගැන හොයන්න කෝ අපිටම කරදරකරන්නෙ ලේසියට වෙන්න ඇති (දී)
එංගලන්තේ සුද්දා ලංකාවට ඇවිත් රටේ ඔව්වා කරන්න නැතිව ඇති. ඒ කාලේ එක්සත් ජාතින් හිටියේ නැහැනේ.ඒ කාලේ ඒවාට පොඩ්ඩක් ඇත දාලා බැලුවා නම් බැන්කි මුන් එංගලන්තෙන් සමුහ දුෂණයකට ලක් වෙයි..පහත තැනින්නේ ජලය ගලන්නේ එකයි (දී)
දැන් ඉතින් අපි සාමයෙන් ඉන්නවා බලන් ඉන්න බැරිව තව මොනවා හරි 10ක් දේවල් ගොතන්න (දී)
හපොයි! (නි)
නියමයි නියමයි ඔන්න දැන් නයා එලියට පැන්නා(දී)
පොඩි වැරදීමක් වෙලා තියනවා ඔතන. ලංකාවේ ඕවා වන්නේ යුද ගැටුම් වලින් පසුයි. සාමකාමී කාලයේ .ස්ත්‍රී දුෂනය කරපු එක්කනකුට මරණ දඩුවම දෙන්න . ඊට පසු ඔය ඔක්කම කටවල් වහගනී. ඕව කරන අයත් බයටම නතර කරයි.(නදී).
එතකොට ඇමරිකාව කරන්නේ ස්ත්‍රී දුෂණ නෙමෙයිද? ඒවාට කියන්නේ වෙන නමක් වෙන්න ඇති නේද? (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, ඇයි මේ හැමදාම වලිගෙ පාගාගෙන කතා කරන්නේ? දැන් එතකොට ඔබතුමා කියන විදියට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේවා එළියට ගිය එකද? මේවා ඇත්තටම සිදුවී ඇද්ද කියා සොයා බලා එවැනි අපරාධ සිදුකළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම නොවේද නිවැරදි? අපේ රණවිරුවන් 30 වසරක යුද්ධය අවසන් කළ බව ඇත්ත. එහෙත්, එම ජයග්‍රහණයට කැළලක් සිදු කරමින් සුළු පිරිසක් හෝ මෙම අපරාධ වලට වගකිව යුතුද යන්න අප සොයා බැලිය යුතු නොවේද? වගකිවයුත්තන් බැලිය යුත්තේ යුධ බිමට ජංගම දුරකථන ගියේ කෙසේදැයි කියා නොව, මෙවැනි අපරාධ ඇත්තටම සිදුවී ඇත්ද නැත්ද කියායි. මෙතන නියම ප්‍රශ්නය දේශපාලන බලයයි. එය රැක ගැනීම සඳහා වැරදි කළ සුළු පිරිසකට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට දක්වන මැලිකමයි. (නි)
එතකොට ඉරාකය හා .ඇෆ්ගනිස්ථානය නිතිපතා ස්ත්‍රී දුෂණ පවතින රටවල්. ඒවා නැද්ද ? ඕනෙ නම් පොටෝ තියනවා අපි ලග දෙන්න පුළුවන්. ඇමරිකන් හමුදාව ස්ත්‍රී දුෂණ කර ගාතනය කල.(නදී)
වියට්නාම් යුද්ධ ගැන ඇමෙරිකාවට මතක් කර දිය යුතුයි. වියට්නාම් යුද්ධයේදී අහිංසක තරුණියන්ට ලිංගික අපරාධ කිරීමේ වියරුවෙන් තරුණියන් විනාශ කළ ඇමරිකානු සොල්දාදුවන් එයින්ම පරදවන්නට ජනපතිවරයා කටයුතු කිරීම අමතකද? එතකොට ඒවා ලිංගික අපරාධ නොවේද? (නි)
කොරේ පිටට මරේ (දී)
මේ කියන ලිස්ට් එකේ නො. 01 වෙන්න ඕනෑ ඇමෙරිකාව (නි)
නොම්මර එකට ඉන්නේ ඇමෙරිකාව. බෑන් කී මූන්ට අමතක වෙලා වගේ.(නදී)
ලංකාව සංවර්ධනය වෙනකොට ජාත්‍යන්තරයට පුදුම අමාරුවක් තියෙන්නේ. ලංකාවේ දේවල් හොයන්න තිබුණේ යුද්ධය ඉවර කරන්න කලින්. ඇමෙරිකාවට තියෙන හිතෙ අමරුව ලංකාවේ යුද්ධය අවසන් කරපු එක. (ස)
බන්දුල පෙරේරා මහත්මයා, මෙම පුවතේ ආරම්භයේම සඳහන් වෙනවා ස්ත්‍රී දුෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව කියලා. ඔබ කියනවා ඔබ කතා කරන්නේ ස්ත්‍රී දුෂණ ගැන නෙමෙයි කියලා. වලිගය පෑගී ඇත්තේ කාටද කියා මින් පැහැදිලියි. කරුණාකර, යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව, පුවත හරි හැටි කියවා ප්‍රතිචාර දමන්න. රජයේ වගකිවයුතු ආරක්ෂක හමුදාවක් සටන් කල යුත්තේ කෙසේදැයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් වල පැහැදිලිව සඳහන් වෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදීන් අනුගමනය කරන ක්‍රම, වගකිවයුතු ආරක්ෂක හමුදාවට අනුගමනය කරන්න බැහැ. ත්‍රස්තවාදී සංවිධානයක සහ ආරක්ෂක හමුදාවක ඇති ප්‍රධානම වෙනස එයයි. ඔබතුමාගේ නොදැනුවත්කම ගැන කණගාටු වෙමි. නොකළ යුතු ක්‍රියාවන් යුධ බිමේදී කරන්න වෙනවා යැයි ඔබ කියන්නේ අපේ ආරක්ෂක හමුදා අතින් මානව හිමිකම් කඩවූ වගද? ඔබ විසින් හැමවිටම සාධාරණිකරණය අය මෙය කිසිදාක කියා නැත. ඔවුන් පවසන්නේ ආරක්ෂක හමුදා අතින් මානව හිමිකම් කඩ නොවූ වගයි. අපේ හමුදා අතින් මානව හිමිකම් කඩවී ඇත්දැයි සොයා බැලිය යුතුය. මෙය, රජය විසින්ම පත්කළ උගත් පාඩම් කොමිසමෙනුත් නිර්දේශ කර ඇත. කරුණාකර එම වාර්තාව කියවන්න. (දී)
යුද්ධයකදී යම් යම් සිදුවීම් වෙන්න පුළුවන්. සර්ව සධාරනව මානුෂික අයතීන් රැකගෙන යුද්ද කරන්න බැරි බව ඔය චෝදනා එල්ල කරන හැමෝම දන්නවා. එහෙම මානුෂික අයිතීන් රැකගෙන කරපු යුද්ධ මෙතුවක් නම් වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ. මෙතන ප්‍රස්නේ තියෙන්නේ සමහර සිදුවීම් කොහොමද මේ විදියට එලියට ගියේ කියන එකයි. යුද බිමට කැමරා පෝන් ගෙනියන්න සාමාන්‍ය සෙබළුන්ට බැහැ. ඒවා සියල්ල සටහන් උනේ උසස් නිලධාරීන්ගේ පෝන් වල ආරක්ෂක ලේකම් තුමා ඇතුළු වගකිවයුතු සියල්ලන්ම සැලකිලිමත් වෙලා හොයල බලන්න ඕන කොහොමද යුද බිමට මේ පෝන් ගියේ කව්ද මේ පින්තුර ගත්තේ කවුද මේවා පිටතට ඇරියේ කව්ද කියලා. ඔය තරු පටි ගහපු ද්‍රෝහියෝ වැඩි පිරිසක් තාමත් හමුදාවේ ඇති ස්ථිරවම.(නදී)
මේ වගේ නිගමනයන් කරන්නේ කවුද? මොන පදනමක් යටතේද? යුද සමයක පැවති දේවල් දකින්න බෝම්බ වෙඩි පුපුරණ අස්සේ ගියේ කවුද? මේවා චැනල් 4 එකේ උදවුවෙන් කරන්නක් නොවන්නේද? (නි)
හරි තමයි ඉතින්. තාමත් ඉවර නැහැනේ. (දී)
මම නම් මේක පිළිගන්නෙ නැහැ (නි)
මානව හිමිකම් මහත්වරු පහුගිය කුණු ගොඩවල් අවුස්සනවට වඩා අද කලේ සිදුවන ස්ත්‍රී දුෂණ දිහා බැලුවනම් මීට වඩා හොඳයි නේද. අනික එයාල මොන තරහක් පිරිමහගන්නද මෙතරම් ලංකාවට කෙනෙහිලිකම් කරන්නේ කියල අපිටනම් තේරෙන්නේ නැහැ. (දී)
අනේ මේ අපේ පුංචි රටටත් මේ අය කරන කෙනහිලිකම්. (ස)