ජර්මනිය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක (රුපියල් මිලියන 2240) දීමට යයි.
එම මුදලින් යුරෝ මිලියන 6ක් (රුපියල් මිලියන 960)ක් විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධනය සඳහාද, උතුරු-නැගෙනහිර නිපුණතා සංවර්ධනයට යුරෝ මිලියන 4ක්ද (රුපියල් මිලියන 640), සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට යුරෝ මිලියන 2.4ක් (රුපියල් මිලියන 384) ද, පළාත් පාලන ආයතන නියෝජිතයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුවට යූරෝ ලක්ෂ 6ක්ද (රුපියල් ලක්ෂ 959) වෙන්කර තිබේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේ අවසන් දිනය වන අද (18) දහවල් ජනාධිපති ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට නියමිතය.
ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 250 ක පිරිසක් ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් 35 දෙනකු ද ඊට සහභාගිවන බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසුවේ ආයෝජකයින් දිරිමත් කිරීමත් ඔවුනොවුන් හඳුනාගනිමින් ඉඩප්‍රස්ථා විවරකර ගැනීමත් මෙම හමුවේ අරමුණු වන බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජර්මාන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් බර්ලින් නුවර බ්ලේවියු මන්දිරයේදී හමුවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
එ්කත් විල්පත්තුවට.....කැලෑ එළිකරලා ගෙවල් හදල දෙන්න කියල කෙලින් කීවනම් ඉවරයිනේ අනේ....මෛත්‍රී (බ)
විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කොට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2133 ක මුදලක් ඉකුත් පෙබරවාරි 3 -10 සතිය තුළ ආපසු ලබාගෙන තිබේ. මේ අයුරින් විදේශිකයන් තමන් සතු සුරැකුම්පත් විකුණා මුදල් ආපසු ලබාගැනීම නිසා රජයේ ආර්ථික අර්බුදය තවත් උග්‍රවී ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.(බ)
විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධනයට ලොකු මුදලක් වෙන්කරලා තියෙන්නේ කැලේ කපන්නයි සුද්ද කරන්නයි ඕනකරන උපකරණ ගන්න වෙන්න ඇති ..සුද්දෝ කොහෙන් ගියත් ලොකු මුදලක් දෙන්නේ මොකක් හරි උතුරටයි නැගෙනහිරටයි සම්බන්ධ වැඩකට විතරයි .. (බ)
විල්පත්තු අභය භුමියේ සංවර්ධනයටත් මුදලින් ආධාර.හොදයි,හොදයි ඊයේ පෙරේදා විල්පත්තුවේ එළිකළ ඉඩම්වලටත් ලැබේවි එහෙනම්. (බ)
විල්පත්තු සංවර්ධනය කියන්නේ අර කැලේ කපල හදන ගෙවල් සංවර්දනය වෙන්න ඇති (බ)
විල්පත්තු වන උද්‍යානය සංවර්ධනයට කියන්නේ අර්ගොල්ලෝ විනාශ කරපු කොටස් නැවත වන වගා කරන්න යනවාද? (බ)
විදේශීය ආයෝජකයන් ගේ නමින් සිටින දේශීය ආයෝජකයන්. (බ)
සංචාරයට ලංකාවෙන් ගිය අයගේ වියදම කීයද? (නි)
මේ කියන්නේ කෝටි 200ක්නෙ. මොනවද අනේ කෝටි 200කින් කරන්න පුළුවන්? මේ සංචාරයට ගිය වියදමත් මීටවඩා බොහොම වැඩි ඇති (නි)
අසේල, මොන වංසගේ වීර වෙබ් එකෙන්ද ඔය තොරතුරු ගත්තේ?අද රටේ ජනාධිපති සහ අගමැති තමන්ගේ පුද්ගලික වාසිය ගැන බලන්නේ නැතිව රටට පවතින සංවර්ධනයක් වෙනුවෙන් වැඩකරන්න උත්සහ කරන බව පෙනෙනවා, හැබැයි හොරකම් කරන්න පුරුදුවෙලා ඉන්න අය එ්කට අකුල් හෙලන බවත් පෙනෙනවා. (බ)
වසන්ජය, ඔය හිතුවද කාර් කොම්පැනියක් හදන්න මේ දවසින් දෙකෙන් පුළුවන් කියලා? මෝඩ කතා කියන්න එපා හොඳේ (නි)
කෝ එතකොට ඒ දවස්වල ලංකාවේ වෝල්ක්ස්වැගන් කම්හලක් අරිනවා කිව්ව එක (බ)
ආධාර ලැබෙන එක නම් හොඳයි.. හැබැයි මේක අල්ලපු ගෙවල් වලින් ණයට ඉල්ලගෙන කනවා වගේ වැඩක්. අපි අනිත් රටවල් වලින් යැපෙන එක තවත්වන්න ඕනෑ. (නි)
අපි බලා ඉන්නවා වොක්ස්වැගන් කාර් හදනතුරු. ඡන්දෙට කලින් කිවුවේ අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා.... දැන් කෝ? (නි)