
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ඇමරිකා එක්සත් ජනපදය - ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභා වැඩසටහනේ 70 වැනි සංවත්සරය අමතමිනි.
ආහාර සපයා ගැනීමට අවශ්‍ය කරන සම්පත් නොමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, තේ පර්යේෂණ ආයතනය (TRI) සමඟ ඒකාබද්ධ කර ශ්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආයෙමත් බින්න ජාතක පොතට අලුත් කොටසක්.
පිනාධිපති කටින් බතල හිටවනවා
වොක්ස්වාගන් ෆැක්ටරි එක පටන් ගන්න අදහසක් නැතෙයි.
ගජබින්න ඇද බානවට වැඩිය හොන්දා ගොවීන්ට නිසි කළට,අවස්‍ය පොහොර සහනාධාර දීලා ගොවීන්ව දිරිමත් කරන එක.. ගොවීන්ගේ ප්‍රශ්න වල ට විසදුම් දෙන එක. මොන ලෝකේද දන්නේ නැහැ ඉන්නේ?
මේ වෙලාවෙ කරන්ඩ තියෙන්නේ කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා කියලා බොරු බයිලා ගහන එක නෙවෙයි දැනට තියෙන ප්‍රශ්න වලට විසදුම් දෙන එක.