ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කඩිනමින් කළ හැකි දෙයක් නොවන බවත්, ජාත්‍යන්තරය නියෝජනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ජපානය සූදානම් යැයි ශ්‍රී ලංකාවේ සාමය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසන්ධාන කටයුතු සඳහා වන ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා අද (13) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී කීය. ප්‍රතිසන්ධානය සඳහා නිශ්චිත කාල සීමා පැනවීම ප්‍රයෝගිකව කළ නොහැකි දෙයක් වන බැවින් ශ්‍රී ලංකාව සමග තවදුරටත් සායෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යාන්තර ප්‍රජාව උත්සහ කළ යුතු බව අදහස යැයි ද අකාශි මහතා එහිදී කීය. සිය සයදින නිල සංචාරය අවසන් කරමින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජපන් තානාපති නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එසේම රජය කිසිදු ගැටලුවකින් තොරව උතුරු පළාත් සභාමැතිවරණය සාර්ථකව අවසන් කිරීමත්, එම නව පළාත් සභාව හරහා ස්ථාවර හා අනෝන්‍ය විශ්වාසයක් උතුරු පළාත් සභාව හා මධ්‍යම රජය අතර ලඟදීම ආතිවනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි, ලක්ෂිත ප්‍රංසය, සමහර අය මෙතන අදහස් පල කරාට ඒ ගොල්ලොම දන්නේ නැහැ තමුන් ලියන්නේ මොනවද කියලා. . ඉතින් අපිට තියෙන්නේ ලියලා තියෙන හොද අදහස් වගේම , ඒ ඔලුවේ අමාරු කාරයන්ගේ අදහසුත් බල බල ඉන්න එක විතරයි.(නදී)
මම ජපන් ජාතිකයන් කීප දෙනෙක් සමග කතා කරලා තියෙනවා. ඔවුන් අවංකයි.(නදී)
යෂුෂි අකාශි මැතිතුමනි, ඔබ අපට කරන මේ උදව් වලට බොහොමත් පින්.(නදී)
යෂුෂි අකාෂි මහතානනි, ඔයා ඔයාගේ රට ගැන බලා ගන්න.යෂුෂි හිතනවා ඇති ලංකාවත් ජපානය වගේ කියල. (අ)
අකාෂි යෂුෂි මහතාණෙනි, කරුණාකර ඔබේ ප්‍රකාශය ඇමෙරිකාවට කියන්න කියා මම ඉල්ලා සිටිමි.(නදී)
අකාශි මහතාණනි, රජය නම්‍යශීලි වන විටදී එයාලත් නම්‍යශීලි විය යුතුයි නේද? මෙතෙක් නම් එය ක්‍රියාවෙන් පෙන්වා නැත. (නදී)
සිංහලයෙක් විදියට මට නම් ඉතාමත් කණගාටුවක් දැනෙනවා ලංකාවට විදේශ රටවලින් කරන බලපෑම් වලට. නමුත් කණගාටුවෙන් වුවත් කිව යුතු වන්නේ ශ්‍රී ලංකාව තුල විකල්ප අදහස් වලට කිසිදු අවසරයක් නැති බවයි.(නදී)
කැමරන්ගේ තර්ජන වලට තැනක් නැති බව කීම විශේෂයි. ජපානයට ලංකාව උදව් කළා ලෝක යුද්ධය අවසානයේදී. නමුත් ඕනවට වඩා නම්‍යශීලි වීමෙන් රටේ මිනිසුන්ට වුන හොඳක් නැහැ. උතුරු නැගෙනහිර පැරණි පුදබිම් වලට අනතුරු තියෙනවා. මීට වඩා කරන්න ඕනේ රටේ ජාතියේ ආරක්ෂාවට. ජනතාවගේ කැමැත්තයි වෙන්න ඕනේ.(නදී)
යෂුෂි මහතානනි, ඔයා ඔයාගේ රට ගැන බලා ගන්න. (නදී)
මොකද මේ වින්සන්ට් ඔලුවේ අමරුවක්ද ? (නදී)
ජපානයට ස්තුතියි. (නදී)
මහතාණෙනි ජිනීවා වලදීත් කරුණාකර අපේ පැත්ත ගන්න කියලා ජපාන නියෝජිතාට කියන්න.(නදී)
හැම දෙයක් ගැනම සුළුවෙන් හිතන්න එපා. ජපානයත් තවත් රටක අතකොළුවක් වෙන්න පුළුවන්. බළල්ලු ලවා කොස් ඇට බාවනවා වෙන්න පුළුවන්.(නදී)
ලොව ප්‍රමුඛ පෙලේ රාජ්‍ය නියෝජිතයෙකු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුභවාදී අදහස් පල කර ඇති විටක එයට නිගා වෙන ආකාරයේ අදහස් ස්වල්ප දෙනෙක් පල කරලා තියෙනවා දැක්ම ඇත්තටම අභාග්‍ය සම්පන්නයි. (නදී)
ජපන් වැසියෝ ලෝකේ ඉන්න අවංකම මිනිස්සු කොටසක්. විශේෂයෙන්ම ග්‍රාමීය ජපන් වැසියෝ ඉතා අවංක ආදරණීය මිනිස්සු කොටසක්. කෙසේ වුවත් ඕනෙම රටක රාජ්‍යතාන්ත්‍රිකත්වය යනු දේශපාලනික උපාය මාර්ගික ක්‍රියාවලියක්. (නදී)
ජපානය කවදත් අපිට උදව් කරන රටක්. (නදී)