ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණද, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි ජීනිවා තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට සහාය දැක්වීමට අදාළ යෝජනාව ගෙන ආ ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
මීට පෙර මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනා කර සිටියේ ලංකාව සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටු වාර්තාව නිල වශයෙන් ලබන මස ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වීමෙන් එහි සාමාජික රටවල්වල අනුමැතියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවීමටය.
නව රජය පත්වීමෙන් පසුව නිල සංචාරයක් සඳහා පැමිණී ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ බලධාරීන් සමඟ පැවත්වූ සාකච්ඡා වලින් පසු දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ලබන මස රැස්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියා ....නම ප්‍රියා උනාට කතාවනම් හරිම අප්ප්‍රියයි. කරුණා කර කරුණානිධි,ජයලලිතා ගාණට. මහින්ද මහත්තයයි...රට ජාතිය වෙනුවෙන් කෑගහන මිනිස්සුයි ගන්න එපා ...ඔයා මොන දේශපාලන පක්ෂෙක හිටියත්..... එයාල අවුරුදු 30 ක ශාපය නැති කරන්න දායක වුනා එ් නිසා තමා අද ඔයාලට බය සැක නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙලා තියෙන්නේ. (බ)
කිතුලේගොඩ මහත්තය ඔයත් පිටරට ඉදන් ලංකාව හීන දේශයක් කියල හිතාගෙන කතාකරන කළු සුද්දන්ගෙන් කෙනෙක් බව අපිට පෙනේව ,පහුගිය කාලේ මහින්ද ,විමල්,ගම්මන්පිල ,කරුණානිදි, ජයලලිත, හැසිරුණ විදියට අපිට පෙනේව මේ දෙගොල්ලම ලංකාවේ සිංහල ,දෙමල මිනිස්සු එකට එකතුවෙනවට විරුද්ද බව ,මේ දෙගොල්ලගෙම පැවැත්ම තියෙන්නේ ජාතින් අතර ගැටුම් තියෙන තරමට (බ)
අවරුදු 30ක ශාපය නැති කරන්නට තමයි ජනතාව ආණ්ඩුවක් පත් කර ගත්තේ. කිතුලේගොඩ නිකම් පිටරටක ඉදන් තාමත් කඩේ යනවා.(නදී)
කිතුලේගොඩ ජනතාව නායකයෝ පත් කරලා යවන්නේ රටට එන ඕනෙම ප්‍රශ්නයක් විසදන්න නේද ? ඔවුන් බලය ඉල්ලන්නෙත් එ්කට නේද? එසේනම් එම ප්‍රශ්න විසදීම නායකයන්ගේ වගකීම නොවේද ? නමුත් ඔබ දැනගත යුතුයි ජනතාව නායකයන් පත් කර යවන්නේ රටේ සම්පත් හොරාගෙන කන්න නොවේ කියන දෙය ? ඔබ ඔය සුද්ද කරන පුද්ගලයෝ කර තිබෙන්නේ ඒක නොවේද? ඒකට සාක්ෂියක් ඕනෙනම් ....හිටපු අගවිනිසුරු සරත් ජනතාවගෙන් තුන් පාරක් සමාව ඉල්ලුවේ මන්ද කියන කරුණ සඳහා ඔබව යොමු කරමි ....(බ)
සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් නමැති තරුණ නෝනා මහත්මිය මෙහි පැමිණ හැසිරෙන ලිහිල් ලීලාවෙන්ම පෙනී යන්නේ ඇමරිකාව තුළ ලංකාව සම්බන්ධයෙන් පහළ වී තිබෙන “නිදහස්” සිතුවිල්ලයි. රාජපක්‌ෂ යුගයේ දී මෙවැනි ඇමරිකන් සිනා අපට දැක ගන්නට ලැබුණේම නැත. (බ) කෙසේ වුවත් අපේ රටට හොඳක් වෙනවා නම් ඇමරිකාව හිනා වීමෙන් නොනැවතී මෙහි පැමිණ විකට නාට්‍ය පෙන්වූවත් වරදක් නැත. එහෙත් අප සමඟ හිනා වෙන්නට මිස අපට හිනා වෙන්නට අවස්‌ථාවක් ඔවුන්ට නොදිය යුතුය.
ඇමෙරිකන් ආදරයත් ඒ තරම්ම ඇඟට ගුණ දෙයක් නෙමෙයි .මේවා බොහොම සීරුවෙන් - මාරුවෙන් කල්පනාවට ගත යුතු කරුණු ......??? අපේ ගැලවුම් කාරයෝ වෙලා ඒ වෙනුවෙන් ඉල්ලන වන්දිය මොන වගේ වෙයිද කවුද දන්නේ .මේ අය කිසිම රටක මීයක් කැඩුවේ අත ලෙවකන්න නෙමෙයි . දහම්ගේ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා ......(ම)
ඇමරිකාවට නෑ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා දකින්න... ඒකට ඒ අය අපිට උදව් කරනවානම් එය අපි පිළිගත යුතුයි (ම)
ඒ කියන්නේ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලම කප්පවන්නයි හදන්නේ. (බ)
කරුණානිදි ,ජයලලිතා,මහින්ද ,විමල් ,ගම්මන්පිල එකට එකතුවී විරෝධය දක්වයිද? ජාතිවාදී දේශපාලනය අනාතායි. (බ)
ලෝකයේ ඕනෑම යුද්දයක් ඇමෙරිකානු යුද්දයක්.. (ම)
ලොව ඕනෑම යුද්දයක් ඇමේරිකනු යුද්දයක් වගේමයි. ඔවුන්ගේ තක්ෂණයත් මුලු ලෝකෙටම. හොඳ නරක දෙකම තියෙනවා (නදී)