ජනප්‍රිය ගායන ශිල්පි මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටී.
මෙම ප්‍රසංග සියල්ලේ සම්පුර්ණ අදායම ශ්‍රී ලංකාවේ විවිධ සහනාධාර වැඩ පිළිවෙළ සඳහා යොදාගනේනා බව සංවිධායකයෝ පවසති.
රනිල් මල්ලවාරච්චි සහභාගීවූ ප්‍රථම ගීත ප්‍රසංගය පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.
දසක හතරකටත් වඩා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන සිංහල පවුල්වල නිවාස, ජල පහසුකම් සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුවිසේශී සහයෝගතාවයක් සපයා ලන්ඩනයේ හෙළ සරණ සංවිධානය ඔවුනගේ ඉදිරි සුභ සාධක වැඩපිළිවෙළ උදෙසා ආධාර ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ මෙම ප්‍රසංගයේ අවසරපත් දින කිහිපයකින්ම විකිණී අවසන්වූ බව එම සංගමයේ සභාපති රාජා මීහිටිය කියයි.
රනිල් මල්ලවාරච්චි සහභාගීවන ගීත ප්‍රසංග මාර්තු මස 8 වැනි දින ස්ටෝර්ක් ඔන් ට්‍රෙන්ට් නගරයේදීත් 9 වැනි දින ලන්ඩන් නුවර කින්ස්බරි විද්‍යාලයේදීත් පැවැත්වීමට යයි.
9 වැනි දින කින්ස්බරි විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රසංගයේ සියලුම මුදල් යොදවනුයේ ලබන්නේ ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමත් ඔවුනගේ නිවාස පහසුකම්, ජල පහසුකම් සහ ඔවුනගේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සපයාදීමේ පුළුල් වැඩපිළිවෙලක් සඳහා බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මේ සදහා නොමිලෙද ගී ගයන්නෙ?(දී)
නොමිලේ සින්දු කියලා එයාගේ දරු පවුල රැක ගන්න බැහැ. කලා කරුවන්ට ගෙවන්න ඕනේ. (නදී)
බොහොම අගේ කරනවා....ඒ වගේම කඳුකර ගම්මාන වල මිනිස්සු විඳින දුක ගැනත් හිතන්න ....පාසල් අධ්‍යාපනය... ගමනාගමන පහසුකම්........ (දී)
රනිල් කියන්නේ මිල්ටන් මල්ලවාරච්චි වගේම හොඳ ගති ගුණ තියෙන කෙනෙක්. මුදල් පසුපස හඹා යන කෙනෙක් නොවේ. ලංකාවේදී මගේ හිතවත් කෙනෙකුගේ ප්‍රසංගයකට මම එන්න කිව්වම ඇවිදින් සින්දු කීව මුදල් ගත්තේ නැහැ කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී කෙනෙක්. මෙම ප්‍රසංගය සාර්ථක වේවා.(නදී)
මේ විදියට මේ රට ගැන හිතන මිනිස්සු මේ රටේ ඉන්නවනම්, තව අවුරුදු 100න් දකින ලංකාව මේ කාලයේදීම දකින්න පුලුවන්.(නදී)
රනිල්ගේ ප්‍රසංග හරිම ඉහල මට්ටමකින් කරනවා. කොච්චර හොඳ වැඩක්ද පරක්කු වෙලා හරි කරන්නේ. ඒ ආධාර දෙන ඒවා ගැනත් ලියන්න. ලෝකේ හැමෝටම උදවු කරන්න පුළුවන් විදියට. (දිල්).!
රනිල් මල්ලවාරච්චිගේ නැගෙනහිර ලන්ඩනයේ සංගීත ප්‍රසංගය බලන්න මම ගියා. ශාලාව පිරි ඉතිරි ගියා, හුඟ දෙනෙක් හැරිලා ගියා ටිකට් නැතිව. ඇති සාර්තක ප්‍රසංගයක්. හැමෝම හොඳට විනෝද වුණා (දිල්)
රනිල් කියන්නේ හිත හොඳ කොල්ලෙක් . එයා පාසල් යන කාලයේ මුලින්ම ප්‍රසිද්ද වේදිකාවට නැගුණේ එයා සමග නාලන්දා විදුහලේ ඉගෙනගත් රොෂාන් ගේ අසනීපය වෙනුවෙන් බටුවත්තේ පැවැත්වූ සංගීත ප්‍රසංගයට නොමිලේ ගීත ගැයීමෙන්.නාලන්දියෙක් විදියට මම ඔබට සුභ පතනවා. (අ)
මිල්ටන් ප්‍රණාම "පායා ආ සඳ" මාර්තු 9 ප්‍රසංගය කරන්නේ ලන්ඩනයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ජනප්‍රිය, ඉහලින් වැජඹෙන හැමෝම ගරු කරන කණ්ඩායමක්. වැඩේ හොඳටම තියේවි. ලංකාවටත් උපයන මුදලින් හොඳ වැඩක් කරාවි කියලත් හිතනවා. (දිල්)