IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලංකාවට උදව් කරන්න

ජනප්‍රිය ගායන ශිල්පි මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටී.

මෙම ප්‍රසංග සියල්ලේ සම්පුර්ණ අදායම ශ්‍රී ලංකාවේ විවිධ සහනාධාර වැඩ පිළිවෙළ සඳහා යොදාගනේනා බව සංවිධායකයෝ පවසති.

රනිල් මල්ලවාරච්චි සහභාගීවූ  ප්‍රථම ගීත ප්‍රසංගය පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි. 

දසක හතරකටත් වඩා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන සිංහල පවුල්වල නිවාස, ජල පහසුකම් සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුවිසේශී සහයෝගතාවයක් සපයා ලන්ඩනයේ හෙළ සරණ සංවිධානය  ඔවුනගේ ඉදිරි සුභ සාධක වැඩපිළිවෙළ උදෙසා ආධාර ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ මෙම ප්‍රසංගයේ අවසරපත් දින කිහිපයකින්ම විකිණී අවසන්වූ බව එම සංගමයේ සභාපති රාජා මීහිටිය කියයි.

රනිල් මල්ලවාරච්චි සහභාගීවන ගීත ප්‍රසංග මාර්තු මස 8 වැනි දින ස්ටෝර්ක් ඔන් ට්‍රෙන්ට් නගරයේදීත් 9 වැනි දින ලන්ඩන් නුවර කින්ස්බරි විද්‍යාලයේදීත් පැවැත්වීමට යයි.

9 වැනි දින කින්ස්බරි විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රසංගයේ සියලුම මුදල් යොදවනුයේ ලබන්නේ ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමත් ඔවුනගේ නිවාස පහසුකම්, ජල පහසුකම් සහ ඔවුනගේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සපයාදීමේ පුළුල් වැඩපිළිවෙලක් සඳහා බව සංවිධායකයෝ කියති.

 

 

 



අදහස් (0)

ලංකාවට උදව් කරන්න

දමින්ද Wednesday, 26 February 2014 10:01 PM

රනිල් මේ සදහා නොමිලෙද ගී ගයන්නෙ?(දී)

:       0       0

ජානි Thursday, 27 February 2014 05:46 PM

නොමිලේ සින්දු කියලා එයාගේ දරු පවුල රැක ගන්න බැහැ. කලා කරුවන්ට ගෙවන්න ඕනේ. (නදී)

:       0       0

ලයනල් හෙමචන්ද්‍ර. Friday, 28 February 2014 01:53 PM

බොහොම අගේ කරනවා....ඒ වගේම කඳුකර ගම්මාන වල මිනිස්සු විඳින දුක ගැනත් හිතන්න ....පාසල් අධ්‍යාපනය... ගමනාගමන පහසුකම්........ (දී)

:       0       0

සමීම් මුබාරක් Thursday, 27 February 2014 09:47 AM

රනිල් කියන්නේ මිල්ටන් මල්ලවාරච්චි වගේම හොඳ ගති ගුණ තියෙන කෙනෙක්. මුදල් පසුපස හඹා යන කෙනෙක් නොවේ. ලංකාවේදී මගේ හිතවත් කෙනෙකුගේ ප්‍රසංගයකට මම එන්න කිව්වම ඇවිදින් සින්දු කීව මුදල් ගත්තේ නැහැ කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී කෙනෙක්. මෙම ප්‍රසංගය සාර්ථක වේවා.(නදී)

:       0       0

සෝරත හිමි සියඹලාන්ඩුව Thursday, 27 February 2014 10:14 AM

මේ විදියට මේ රට ගැන හිතන මිනිස්සු මේ රටේ ඉන්නවනම්, තව අවුරුදු 100න් දකින ලංකාව මේ කාලයේදීම දකින්න පුලුවන්.(නදී)

:       0       0

අදිරී Wednesday, 26 February 2014 02:49 PM

රනිල්ගේ ප්‍රසංග හරිම ඉහල මට්ටමකින් කරනවා. කොච්චර හොඳ වැඩක්ද පරක්කු වෙලා හරි කරන්නේ. ඒ ආධාර දෙන ඒවා ගැනත් ලියන්න. ලෝකේ හැමෝටම උදවු කරන්න පුළුවන් විදියට. (දිල්).!

:       0       0

අජන්ත Wednesday, 26 February 2014 04:22 PM

රනිල් මල්ලවාරච්චිගේ නැගෙනහිර ලන්ඩනයේ සංගීත ප්‍රසංගය බලන්න මම ගියා. ශාලාව පිරි ඉතිරි ගියා, හුඟ දෙනෙක් හැරිලා ගියා ටිකට් නැතිව. ඇති සාර්තක ප්‍රසංගයක්. හැමෝම හොඳට විනෝද වුණා (දිල්)

:       0       0

පරාක්‍රම ජයවීර Wednesday, 26 February 2014 06:32 PM

රනිල් කියන්නේ හිත හොඳ කොල්ලෙක් . එයා පාසල් යන කාලයේ මුලින්ම ප්‍රසිද්ද වේදිකාවට නැගුණේ එයා සමග නාලන්දා විදුහලේ ඉගෙනගත් රොෂාන් ගේ අසනීපය වෙනුවෙන් බටුවත්තේ පැවැත්වූ සංගීත ප්‍රසංගයට නොමිලේ ගීත ගැයීමෙන්.නාලන්දියෙක් විදියට මම ඔබට සුභ පතනවා. (අ)

:       0       0

සඳරුවන් වෙම්බ්ලි Wednesday, 26 February 2014 08:19 PM

මිල්ටන් ප්‍රණාම "පායා ආ සඳ" මාර්තු 9 ප්‍රසංගය කරන්නේ ලන්ඩනයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ජනප්‍රිය, ඉහලින් වැජඹෙන හැමෝම ගරු කරන කණ්ඩායමක්. වැඩේ හොඳටම තියේවි. ලංකාවටත් උපයන මුදලින් හොඳ වැඩක් කරාවි කියලත් හිතනවා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1614 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 639 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site