තේ වතු ආශ්‍රිත ව සැරිසරන ශ්‍රි ලංකාවට පමණක් ආවේණික දිවියන් හිටි ගමන් මිය යාම පිළිබඳව නල්ලතන්නිය වනජිවි කාර්යාලය පරික්ෂණයක් ආරම්භ කර ඇත. හැටන්, වටවල, ආගරපතන හා නොර්වුඩ් හි දිවියන් ගණනාවක් බාහිර තුවාල නොමැතිව මිය යාම ගැන ඔවුහු සැක පහළ කරති. මස් වලට වස දමා මේ සතුන් මරා දමන්නේ දැයි සොයා බැලීමට පශු වෛද්‍යවරු සැරසෙති.
පසුගිය මාස පහේ දී උඩරට දී අභිරහස් ලෙස ද දඩයම්කරුවන්ගේ උගුල් වලට අසුවී මිය ගිය දිවියන්ගේ ගණන දහය ඉක්මවන බව වනජිවි නිලධරයෝ කියති. වඳුරාගේ සිට මීහරකා දක්වා සතුන් ආහාරයට ගන්නා ලංකා දිවියා ආහාරයට ගනියි. 'පැන්තරා පාඩුස් කොටියා' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දිවියා ශ්‍රි ලංකාවේ උප විශේෂයක් බවත් ශ්‍රි ලංකාවේ කොටි ජනග්‍රහණය 250 ක් බවත් කියති. සත්ව විද්‍යාඥ පී.ඊ.පී දැරණියගල 1956 දී මුල් වරට මෙම කොටියා හඳුනා ගත්තේය.
![d22[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/d221.jpg)
![DSC00026[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC000261.jpg)
![DSC03496[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC034961.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විනාශකාරී වැඩ කරන අයවලුන් ගැන රජයට ඔත්තු දෙන පුද්ගලයන් හෝ ඔවුන්ගේ දූ දරුවන් අධ්‍යාපන සුදුසුකම් අනුව විදෙස්වල රැකියා හොයා දී දිරිමත් කල යුතුය. (ම)
කවදාහරි මේ සත්තු දකින්න වෙන්නේ කටුගෙයින් විතරක් වෙයි (නි)
අපේ සත්තු සිවුපාවන් .. වන සම්පත් .. අපේ රටට හිමි අනිත් දේවලුත් ... දේශපාලන පළිගැනීම් වලට ගොදුරුවෙලා .. (බ)
කාලෙන් කාලෙට ලංකාව වගේ ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු රටවල් විවිධ තර්ජන වලට ලක් වෙනවා. මේවා බොහොමයක් විදෙස් රටවල් මගිනුත් ඒ ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට ඉඩම් අල්ලා ගැනීම පිණිසත් සිදු වෙනවා. එහෙත් පිට කොන්දක් නැති අපේ රටවලට මේවාට විරුද්ධ වෙන්න බැහැ. හයිය තිබුනත් කරන්නෙත් නැහැ. කව්රුත් බලයට එන්න අවියක් ලෙසයි ජාතිකත්වය සහ පරිසරය යොදා ගත්තේ. ඒ නිසා ලංකාව තුල ඉදිරියේදී දරුණු විපරියාසයන් දැක ගත හැකිවෙනු ඇති. (බ)
අලුත් වනජීවී අධ්‍යක්ෂතුමා දක්ෂ, කාර්ය සුර උගත් කෙනෙක් නිසා අපි හිතුවා දැන් වනජීවී එක හරි යයි කියල. අපට තවමත් පේන්නේ තමන් ලඟට ප්‍රශ්නය එනතුරු ඉන්න පිරිසක් මිසක් ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දෙන බවක් පෙන්වන පිරිසක් නෙමෙයි. (බ)
වනජීවී ඇමතිවරයෙකුට පුළුවන් කාර්යයන් මොනවාද? (නි)
වෙනත් රටවල වන සම්පත සුරකින්න කුඩා දරුවාගේ පටන් සෑමදෙනාම උත්සාහ කරනවා. නමුත් අපේ රටේ? මිනිසාගේ වැරදි ක්‍රියාකාරකම් නිසාම තමා ඒවා විනාශ වෙන්නේත්. ධනයයි බලයයි විතරමයි අවශ්‍ය කියලා හිතන මිනිසුන් වැඩිදෙනෙක් ඉන්න රටක පරිසරය ගැන කවර කතාද? (නි)
අනේ මන්දා මේ වගේ සුන්දර සම්පත් වල අගයක් අපේ රටේ මිනිසුන්ට නැති එක ගැන නම් පුදුමයි (නි)