‘ශ්‍රී ලංකාවේ කෙතරම් එකමුතුවක් තිබෙනවාදැයි මේ සංචාරයේදී දුටුවා. අද මේ ජනතාව සතුටින් ඉන්නවා. උතුර පමණක් නොව මුළු ශ්‍රී ලංකාවට නැවත ගොඩනැගෙමින් තිබෙනවා.‘ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය යාපනයේ දී පැවසුවාය.
උතුරේ ආණ්ඩුකාර එච් එම් ජී එස් පළිහක්කාර සහ උතුරු මහ ඇමැති සී වී විග්නේශ්වරන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ ඇය යාපනයේ මුස්ලිම් වැසියන් පිරිසක් ද හමුවූවාය.
යුද්ධය අවසන් වී වසර හයක් ගත වුව ද උතුරේ වැසියන්ගේ ඉඩම්වල යුද හමුදාව තවදුරටත් පදිංචි වී සිටින නිසා එදිනෙදා කටයුතු වලට බාධා ඇති වන බව උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
උතුරේ අනවශ්‍ය ස්ථානවලින් යුද හමුදාව ඉවත් කිරීමට මැදිහත් වන්නැයි විග්නේෂ්වරන් නිත්‍ය නියෝජිතවරියගෙන් ඉල්ලා සිටියේය.
යාපනය ඔස්මානියා කාන්තා විද්‍යාලයයේ පාසල් විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට ද පවර් සහභාගී වූවාය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලංකාවේ හොඳ සමගියක් තියෙනවා : උතුරට සතුටත් උතුරනවා‘
සමීර Monday, 23 November 2015 09:36 AM
එහෙම හිතුනට ආයේ නැති ලෙඩ එහෙම දමන්න හිතන්න එපා. (ර)
ජයතිලක Monday, 23 November 2015 04:42 PM
එහෙනම් අන්තිමේදී ඇත්ත තේරුම්ගත්තා.... (නි)
රවී Monday, 23 November 2015 11:10 AM
අපේ රටට යහපතක් වෙනවනම් එයයි මගේ පැතුම (බ)