‘ශ්‍රී ලංකාවේ කෙතරම් එකමුතුවක් තිබෙනවාදැයි මේ සංචාරයේදී දුටුවා. අද මේ ජනතාව සතුටින් ඉන්නවා. උතුර පමණක් නොව මුළු ශ්‍රී ලංකාවට නැවත ගොඩනැගෙමින් තිබෙනවා.‘ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය යාපනයේ දී පැවසුවාය.
උතුරේ ආණ්ඩුකාර එච් එම් ජී එස් පළිහක්කාර සහ උතුරු මහ ඇමැති සී වී විග්නේශ්වරන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ ඇය යාපනයේ මුස්ලිම් වැසියන් පිරිසක් ද හමුවූවාය.
යුද්ධය අවසන් වී වසර හයක් ගත වුව ද උතුරේ වැසියන්ගේ ඉඩම්වල යුද හමුදාව තවදුරටත් පදිංචි වී සිටින නිසා එදිනෙදා කටයුතු වලට බාධා ඇති වන බව උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
උතුරේ අනවශ්‍ය ස්ථානවලින් යුද හමුදාව ඉවත් කිරීමට මැදිහත් වන්නැයි විග්නේෂ්වරන් නිත්‍ය නියෝජිතවරියගෙන් ඉල්ලා සිටියේය.
යාපනය ඔස්මානියා කාන්තා විද්‍යාලයයේ පාසල් විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට ද පවර් සහභාගී වූවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හිතුනට ආයේ නැති ලෙඩ එහෙම දමන්න හිතන්න එපා. (ර)
එහෙනම් අන්තිමේදී ඇත්ත තේරුම්ගත්තා.... (නි)
අපේ රටට යහපතක් වෙනවනම් එයයි මගේ පැතුම (බ)