විවිධ චරිත නිරූපණය කරමින් වේදිකාවේ මෙන්ම ගුවන් විදුලිය ඔස්සේ ද තම හඬ මුසු කරමින් කුසලතා දැක්වු දක්ෂ කලාකරුවෙකු වු සිරිල් ධර්මවර්ධන මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ගෙන යන සිංහල ගුවන් විදුලි නාලිකා කිහිපයකම වත්මන් දේශපාලන හා සමාජ ගැටළු ඔහු නොබියව ඉදිරිපත් කළ අතර දුෂණ හා අක්‍රමිකතා වල එරෙහිව නැගී සිටි කලකරුවෙකි.
සරත් ෆොන්සේකා සිර භාරයේ සිටිය දී ඔහු වෙනුවෙන් ද හඬක් නැගුවේය.
පසුගියදා මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෝ එක්ව ඔහුගේ කලා කටයුතු අගයමින් සම්මානයක්ද පිරිනැමුහ.
ඔහු මිය යන තුරුම මෙල්බර්න් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපතිවරයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ඉගෙනගෙන නාට්‍ය කලාවට පිවිසුණු ඔබ ඉතාමත් හිත හොඳ මිතුරෙකි. ඔබ අපෙන් වෙන්වීම රිච්මන්ඩ් විද්‍යාලයටත් අප ආදී ශිෂ්‍යන්ට මහත් පාඩුවකි. ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
කලාකරුවාණෙනි ඔබ තුමන් අප අතරින් වියෝවීම මුළු මහත් ජනතාවටම විශාල හිඩැසකි. ඔබතුමන්ට නිවන් සුව අත්වේවා !(නදී)
ඔබට සුබ රාත්‍රියක් වේවා! (නි)
නිවන් සුව ඔබට.ඇත්තටම කඳුලක් ආවා මෙම ආරංචිය ලැබුනහම. ඔබ හැමදාම අප අතර ඉඳීවි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ තුමාටත් නිවන් සැප ලැබේවා (අ)
ඔබට නිවන් සැප ලැබේවා ! (අ)
නිවන්සුව කලාකරුවාණනි ,උදාර ලක් පුතුනී ! (අ)
'කැළණි පාලමේ' පාලම යට ජීවත් වූ විප්ලවවාදී මුරණ්ඩු කොල්ලා. මනා පෞරුශයකින් හෙබි කට හඬක් ඇති දක්ෂ නළුවෙකි ඔබ. සත්‍ය වෙනුවෙන් නිර්භයව සටන් කල ඔබ, පුද්ගලික මුල්‍ය සහ දේශපාලනික ලාබ ප්‍රයෝජන තකා කඩේ ගියා නම්, අද කඩේ යන සමහරුන්ට එම අවස්තාව අහිමි වන්නටද ඉඩ තිබුනා. ඔබගේ වියෝව රසිකයන්ට මහත් සන්තාපයකි. ඔබට නිවන් සුව ලැබේව! (අ)
පහන් මඩුගල්ලේ. ඔබ නම් නොකීවත් ඒ අය දක්ෂ කලාකරුවන්. අපි නීති ගරුක භාවය අගය කරන නිසා ඔවුන්ගේ නිර්මාණ රස විඳීම අපහසුයි. තවත් අයට අසාධාරණය පෙනෙන්නේ කාලෙකට විතරයි. වාසි ලැබෙන කාලෙට නැහැ.අසාධාරණයට විරුද්දව නැගී සිට මරණයට පත්වූ කලාකරුවොත් මේ ලෝකේ ඉඳල තියෙනවා.(නදී)
අපිට හිටපු හොද කලා කලාකරුවෙක් ඔබට නිවන් සුව! (අ)
ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
දහදිය පෙරාගෙන ඉදි ආප්ප තම්බපු විදිහ මැවිලා පේනවා. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
මෙතුමා අපි හැමෝටම අයිතිව සිටි කලා කරුවෙක් කලාකරුවන් ඇයි මේ ලේබල් ගහගන්නේ .එක නළුවෙක් ස්ත්‍රී දුෂණ චෝදනා මිනීමැරුම් චෝදනා ලැබුවට පස්සේ එයාගේ නිර්මාණ රගපෑම් කොතරම් උසස් උනත් අපිට(මට ) ඒවා රස විදින්න බැරි උනා. තව කෙනෙක් නොනවත්වාම කඩේ යනවා . ඒ අතරේ ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මය වගේ කට්ටියත් ඉන්න නිසා අපේ බලාපොරොත්තු තාමත් තියනවා .(නදී)
දයාබර කලාකරුවණනි ඔබ සාමදානයේ සැතපේවා. ඩෙරික් සහ සිය පවුල.(නදී)
කැලණි පාලම, බැද්දේ ගෙදර ඔබ සාදාකල් අප හදවත් තුල ජීවත් වෙනවා.(නදී)
ලංකවේ රසිකෙන්ට බලන්න ලංකාවට රැගෙන එන්න (නදී)
ඔබ මගේ හොද මිතුරෙකි. වාද විවාද සදහා මා පුහුනු කල ඔබට පින්. ඔබ මා දවසක සිනමන් හෝටලයේදී එහි කලමනාකාරිත්වයට මා හදුන්වා දුන්නා. එදා එබ කළේ මහත් ලොකු උපකරයකි ඔබට නිවන් සුව ලැබේවා.(නදී_
ඔබට නිවන් සුව පාර්ථනා කරමි...!!!! (අ)
ඔබට නිවන් සුව පතමි. (නදී)
සුව බර නින්දක් පතමි.(නදී)
ඔබට නිවන් සුව පතමි (නදී)
මට කැළණි පාලමේ නාට්‍ය මතක් වෙනවා .ඔබට නිවන් සුව. (අ)
මේ කලාකරුවා යු.එන්.පී කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඕය මරණය ගැන ටිකක් සොයා බලන්න වෙනවා.(නදී)
ඔබ මාව අගේ කලා පමණක් නොව ජෙව වායු තාක්ෂනය පිළිබද හොද දැක්මක් ඔබට තිබුනා. ලංකාවේ කැලි කසල වලින් ගෑස් හදන්න ඔබ කීවා මට මතකයි.(නදී)
මෙතුමට ලන්කාවෙන් නිසි ඈගයිමක් ලෑබුනෙ නෑහෑ..(අ)
ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
රසවතාණෙනි ඔබට නිවන් සුව (නදී)
සිරිල් ධර්මවර්දන කලාකරුවාණෙනි, ඔබ එදා වේදිකාව මත නැංවූ ඔබටම අනන්‍ය වූ ඒ ගැඹුරු කට හඬ මගේ දෙසවන දැනුදු රැව් පිළිරැව් දේ. ඔබට නිවන් සුව ලැබේවා !!! (අ)
සල්ලි වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැති අවංක කලාකරුවෙක් ..කඩේ යන කට්ටියට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් .. නිවන් සුව ලැබේවා.(නදී)
ඔබට නිවන් සුව එක්සත් ජාතික පක්ෂය පැරිස් (අ)
සුවහසක් රසික රසිකාවියන් පිනවූ ආදරණීය කලාකරුවාණනි, ඔබට නිවන් සුව! (නදී)
ඔබ සියල්ලගේම අදහස් දුටිමි. මේ කලාකරුවා තරමක් ආඩම්බරකාරයෙකි.(නදී)
මතු බවයේදීත් මෙවන් දක්ෂතා වලින් පරිපුර්ණ කලාකරුවෙක්ම වේවා වෙනත් රටක.අපේ රට බාල්දු කරනවා නොව අපේ රටේ කලාකරුවාගේ පැවැත්ම තීරණය කරන්නේ දෙසපලනයි.ඔබට නිවන් සුව ලැබේව ආදරණිය කලාකරුවාණෙනි. (අ)
ඡන්දය කියන වචනේ තේරුම කැමත්ත .ඒක පුද්ගලිකයි. ඇයි මම අහවල් පාට කියල කාටවත් කියන්නේ මම අහන්නේ ඒකයි. සිරිල් ධර්මවර්ධනගේ රගපෑම් අවසන් වරට දුටුවේ ගිය වසරේ දුටු මොනර තැන්නේ කිරිමානිස් නිලමේගේ චරිතයයි.(නදී)
ඔබට නිවන් සුව පතමි.(නදී)
මේ වගේ දක්ෂ කලාකරුවන් කියන්නේ මහජනතාවගේ වස්තූන්. අනේ ඔවුන් දේශපාලනීයකරණය නොවී සිටිනවා නම්... කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ! (නි)
මගේ පාසල් මිතුරු සිරිල්ට අපගේ ප්‍රණාමය සහ ගෞරවය පුදකරමු. කලකින් හමු නොවූවත් අතීතය මතකයේ සටහන්ව ඇත. ඔබට නිවන්සුව අත් වේවා!!!! (නි)
තාවකාලික බෝඩිමේ අපිව දවස් ගණන් සන්තෝසෙන් තියපු මෙතුමා අද කදුලක් එක් කලා.. දේශපාලන නරකාදියට නොවැටී තමාගේ වෘතීය ආරක්ෂා කල මෙතුමාට නිවන්සුව. .(නදී)
ලංකාවේ හිටපු තාත්වික හොදම කලාකරුවෙක්. එතුමට නිවන් සුව.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා ! (අ)
රසවතාණෙනි ඔබට නිවන් සුව.(නදී)
ජීවත් විය යුතු කලාකරුවන් අකාලයේ මිය යද්දී... අපායට යාමටවත් සුදුසු නොවන සමහරුන් තව දුරටත් සියලු යස ඉසුරින්, රාජ අනුහසින් බැබළෙන යුගයක ඔබ වැන්නවුන් අහිමි වීම අපේම අවාසනාවකි.... දයාබර සිරිල් ධර්මවර්ධන කලාකරුවානෙනි, ඔබට නිවන් සුව අත්වේවා! (නි)
පොළවේ පය ගසා ජිවත් වූ අනර්ඝ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
සිරිල් අයියව මම මුලින්ම දැක්කේ පළමු වතාවට ජාතික හැදුනුම් පත හදා ගන්න ගිය දවසක ඔහුත් එම අවශ්‍යතාවයටම ඇවිල්ලා හිටියා. එදින යම් අසාදාරනයක් නිශා එහි සිටි ආරක්ෂක අංශය සමග ඔහු ගැටුමක් ඇතිකර ගත්තා. මම ඔහු බව නොදැන එතනට ගොස් සමතයකට පත් කර ඔහුව රැගෙන ආවා. ඔහු මට සමුදී ඔහුගේ කාර්‍ය කර පිටත් උනා. පළමු වතාවටත් අවසන් වතාවත් ඔහුව එදා තමයි දුටුවේ. ඔබට නිවන් සුව.(නදී)
නිවන් සුව! (නි)
පිටිගල මිලානෝ , ඇත්තටම කැළණි පාලම තමයි ඔහුගේ අද්විතියම රඟපෑම මතක් කලාට ඔබට තුති , ඒ වගේම මම කීහිප සැරයක් මේ නිහතමානි මනුස්සයා සමග කතා කරලා තියෙනවා. කවදාවත් ඔහුට තිබු ප්‍රස්සිදියෙන් හිත උදුම්මා නොගත් කළා කරුවෙක් , සිරිල් ධර්මවර්දන කළා කරුවාණෙනි ඔබට නිවන් සුව! (නදී)
තන්හා ආශා ඔලොගු කරේ ලා...තමන් ද කඩේ යමින්, තමන්ගේ වාසියට අනෙක් සහෝදර නළු නිලියන්ද කඩේ යවා අතරමන් කරමින් සිටින හිවලුන් අතර ඔබ සිංහයෙකි. ඇත්තටම රසිකයන් ඔබ වෙනුවෙන් අද අඬනවා. ඔබට නිවන් සැප ලැබේවා!.(නදී)
පහත් මඩුගල්ල පිස්සු කතා කියනවා .(නදී)
ලංකාවේ පොළවේ පය ගසා ජිවත් වූ අපේ හිතවත් සිරිල් ධර්මවර්දන කලාකරුවාණෙනි,ඔබ ඉතාමත් හිත හොඳ සල්ලි වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැති අවංක කලාකරුවෙක්,දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !!!! (අ)
අපේ හිතවත් රංගන ශිල්පියාට නිවන් සුව පතන අතර ඔහුගේ සිය පවුලටම අපේ බලවත් කණගාටුව. (නි)
පිටිගල මිලානෝ අපුරු දෙයක් මතක් කර දුන්නා. සිරිල් ධර්මවර්ධනයන් වේදිකාවේ එදා මොරදුන්නේ පීඩිත පන්තියේ ලාංකික තරුණයන්ගේ හඬයි. ඔහුගේ කට හඬ එයට ලස්සන අනන්‍යතාවක් එකතු කළා. සිරිල් ධර්මවර්ධන මහතාණනි ඔබට නිවන් සුව ලැබේවා! (අ)
ඔබට නිවන් සුව පතමු!.(නදී)
අයි ඔබ එහෙට වෙලා හිටියේ. නිවන් සුව ලැබේවා! (නදී)
ඔබ තුමාට නිවන් සුව පතමි. ඔබතුමා හැමදාමත් අපේ මතකයේ රැදේවි(නදී)
බටු, පහන් කියල තියන දේ හරි කලාකරුවා යනු මුළු සමාජයටම අයිති කෙනෙක් .සිරිල් ඇති තාත්වික රගපෑම් තිබු නළුවෙක් ඔහුට නිවන් සැප ලැබෙවා!!!(නදී)