මුහුදු මාර්ග වලින් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ අපරාධ කල්ලියක පස් දෙනෙක් සිර ගත කරනු ලැබ සිටිති.
සිව්දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ ය. අනෙකා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එංගලන්තයට රැගෙන යෑම සඳහා එක් ශ්‍රී ලාංකිකයකුගෙන් පවුම් 4500ක් (රුපියල් 985500) අය කර ඇතැයි බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය කියයි.
බ්‍රිතාන්‍යයට හෙරෙන් යන සමහරුන් හොර ලියැවිලි හදාගෙන උතුරු ඇමෙරිකාවට යන බවත් බ්‍රිතාන්‍යය කියි.
මෙම කල්ලියේ නායකයා ලූටන් හි පදිංචි සුදර්ශන් ජයකොඩි වරද පිළි ගැනීමෙන් පසුව පස් අවුරුද්දකුත් හාර මාසයක සිර දඩුවම් නියම විය.
වරද පිළිගත් චුබ්‍රමනියම් විග්නරාජා (42) ට වසර තුනකුත් මාස හතරක සිර දඩුවමකට යටත් කරනු ලැබීය.
කමලනේසන් කන්දයියා හා සවුන්ද්‍රනායගම් උවයිස් (41) හා අමර්ජිත් මුඩාර් (46) ද වැරදිකරුවෝ වූහ.
කන්දයියා හා උවයිස් වසර පහකට ද, මුඩාර් වසර හතරකුත් අට මාසයකට ද සිර ගෙන යවනු ලැබූහ.
පොලීසිය ජාතික අපරාධ ඒජන්සියේ ද යූරෝ පොල් ප්‍රංශ, ජර්මන් හා ස්විස් පොලිසිවලද සහායෙන් මේ පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 30
67
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකාවේ හතරක් බ්‍රිතාන්‍ය හිරේ
ගිම්හානි Thursday, 30 January 2014 01:01 PM
එංගලන්තේ හිරේ කියන්නෙත් ඉතින් සැපක් තමා .නිවාඩුවක් ගත කරනවා වගේ ,මෙයාල වාසනාවන්තයෝ (අ)
නුවන් Thursday, 30 January 2014 06:44 PM
නියම මරුමුස් පෙනුමක්! (අ)
සත්‍යයා Thursday, 30 January 2014 07:20 PM
මුහුණු දිහා බැලුවහම පේනවා ලංකාව නියෝජනය වෙන බව. ශ්‍රී ලංකාවේ භූමියට අයිතිවාසිකම් කියන අනුපාතයට අනුව මෙතනත් නිජබිම් කාරයෝ තුනයි බැට කෑ අයගෙන් එක්කෙනයි. (අ)
සාවිත්‍රී (කෙන්ට්) Thursday, 30 January 2014 08:24 PM
අනේ සුදර්ශන ඔය මොන තරම් උදව් කරන කෙනෙක්ද? ඇයි ඔයාට මෙහෙම වුනේ? අපිට හරිම දුකයි. (අ)