මුහුදු මාර්ග වලින් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ අපරාධ කල්ලියක පස් දෙනෙක් සිර ගත කරනු ලැබ සිටිති.
සිව්දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ ය. අනෙකා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එංගලන්තයට රැගෙන යෑම සඳහා එක් ශ්‍රී ලාංකිකයකුගෙන් පවුම් 4500ක් (රුපියල් 985500) අය කර ඇතැයි බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය කියයි.
බ්‍රිතාන්‍යයට හෙරෙන් යන සමහරුන් හොර ලියැවිලි හදාගෙන උතුරු ඇමෙරිකාවට යන බවත් බ්‍රිතාන්‍යය කියි.
මෙම කල්ලියේ නායකයා ලූටන් හි පදිංචි සුදර්ශන් ජයකොඩි වරද පිළි ගැනීමෙන් පසුව පස් අවුරුද්දකුත් හාර මාසයක සිර දඩුවම් නියම විය.
වරද පිළිගත් චුබ්‍රමනියම් විග්නරාජා (42) ට වසර තුනකුත් මාස හතරක සිර දඩුවමකට යටත් කරනු ලැබීය.
කමලනේසන් කන්දයියා හා සවුන්ද්‍රනායගම් උවයිස් (41) හා අමර්ජිත් මුඩාර් (46) ද වැරදිකරුවෝ වූහ.
කන්දයියා හා උවයිස් වසර පහකට ද, මුඩාර් වසර හතරකුත් අට මාසයකට ද සිර ගෙන යවනු ලැබූහ.
පොලීසිය ජාතික අපරාධ ඒජන්සියේ ද යූරෝ පොල් ප්‍රංශ, ජර්මන් හා ස්විස් පොලිසිවලද සහායෙන් මේ පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ හිරේ කියන්නෙත් ඉතින් සැපක් තමා .නිවාඩුවක් ගත කරනවා වගේ ,මෙයාල වාසනාවන්තයෝ (අ)
නියම මරුමුස් පෙනුමක්! (අ)
මුහුණු දිහා බැලුවහම පේනවා ලංකාව නියෝජනය වෙන බව. ශ්‍රී ලංකාවේ භූමියට අයිතිවාසිකම් කියන අනුපාතයට අනුව මෙතනත් නිජබිම් කාරයෝ තුනයි බැට කෑ අයගෙන් එක්කෙනයි. (අ)
අනේ සුදර්ශන ඔය මොන තරම් උදව් කරන කෙනෙක්ද? ඇයි ඔයාට මෙහෙම වුනේ? අපිට හරිම දුකයි. (අ)