නීතිය හා සාමය බිඳ වැටී අධිකරණය, පොලිසිය හා අල්ලස් කොමිසමේ ද ස්වාධීනත්වය ගිළිහී ශ්‍රී ලංකාව සෝමාලියාවක් වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. රටේ නීතිය හා සාමය බිඳ වැටී අවිගත් කණ්ඩායම් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වී ඇතැයි ද එය වැළැක්විමට කරන දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරමින් විපක්ෂ නායක එසේ කරුණු දැක්වීය. දී.මූ ජයරත්න අගමැති පැවැසුයේ රටේ නීතිය හා සාමය බිඳ වැටී නැති බවයි. තිස් අවුරුදු යුද්ධයක් පැවැති රටක සුළු පරිසක් මෙවැනි දේ කරතියි ද රජය ඊට නිිසි පියවර ගන්නේ යැයි ද අගමැති කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලංකාව සෝමාලියාවක් - විපක්ෂ නායක