ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ. වාසනාව නිසා නොව ඔහු පොහොසතෙකු වූයේ දක්ෂතාවය නිසා බව සාර්ථකත්වයේ රහස් හෙළි කරමින් ඔහු ෆෝබ්ස් සගරාවට පවසා ඇත.
1999 දී මාර්ගෝපදේශකයෙකු සමග එක්වී 20 අවුරුදු සැලැස්මක් සකස් කර ඇත. ඒ අනුව 2019 වසරේදී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික අංශ 12 ක ප‍්‍රමුඛයා වීම ඔහුගේ අරමුණ විය. මේ වන විට ඔහු සංචාරක, බැංකු, ඇගළුම් ආදී අංශ 9 ක ප‍්‍රමුඛයා ලෙස කටයුතු කරයි.
ජෝන් කීල්ස් සමාගමේ සෝහිලි කැප්ටන්(80) සහ රුසි කැප්ටන් (48) ,ස්ටැන්සන් සමුහ ව්‍යාපාරයේ හැරී ජයවර්ධන (71), කාසන් කම්බබැච්, සිලෝන් බෙවරේජ්ස් ඇතුළු සමාගම් කිහිපයක හිමිකරු ලෙස හැරී සෙල්වනාදන් (64) හා මනෝ සෙල්වනාදන් (66) සොහොයුරෝද, ධනවත්තු ලෙස ෆෝබ්ස් ඒෂියා සඟරාව හදුන්වයි.
ධම්මික පෙරේරාගේ ලයිස්තුගත ව්‍යාපාර වටිනාකට ඇමෙරිකා ඩොලර් කෝටි 55 කි.(රුපියල් කෝටි 7260 ) සෝහිලි කැප්ටන් හා රුසී කැප්ටන් ගේ කොටස් වෙළද පොළෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර් කෝටී 18.5 (රුපියල් කෝටි 2442) කි.
ධම්මික පෙරේරා
හැරී සෙල්වනාදන් සහ මනෝ සෙල්වනාදන් සොහොයුරෝ
සෝහිලි කැප්ටන් සහ රුසී කැප්ටන් ( පුතා සහ පියා)
හැරී ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සිංහල බෞද්ධ වීම අපව දිරිමත් කරනවා..... (නි)
ගොඩක් සන්තෝෂයි. මමත් පයාගල. (ස)
සුභ පැතුම් ධම්මික මහත්තයො.දීර්ඝායුෂ !!!(නදී)
සන්තෝෂයි, ජය වේවා !!!!! (ස)
මෙයා පොහොසත් වුණේ කොටස් වෙලද පොළ නිසා බව ප්‍රසිද්ධ කාරණයක්නේ.(නදී)
ඔබ සිංහලයෙක් නිසා අපිට ගොඩක් ආඩම්බරයි. (නි)
ප්‍රථමයෙන් මෙතුමාට සුබ පතමි. අපේ කෙනෙක් දියුණු වෙනවාට මා කවදත් කැමතිය. එතුමා බදු මුදල් නොගෙව්වත් මට නම් ප්‍රශ්නයක් නැත. මන්ද, විදේශිකයකුට බදු සහන දිය හැකිනම් අපේ ව්‍යාපාරිකයා ගෙවිය යුත්තේ ඇයි දැයි යන පැනය මා තුළ ඇති නිසාය. නමුත්, බුදු දහම ගැන නිසි අවබෝධයක් නොමැතිව මෙතන අදහස් දමන සමහර අය ගැන මම කණගාටු වෙමි. සූදුව ක්‍රීඩා නොකර, සූදු පොළවල් දැමීම බුදු දහමට පටහැනි නොවේ යන මතයක් ගොඩනැගීමට සමහරු උත්සාහ කරති. (නි)
ඊර්ශිෂා කරන්න එපා. මොන ආගම උනත් මෙතුමා ලංකාවේ කෙනෙක් ඒක නිසා අපි එයාට සුබ පතන්න ඕනේ. එයාට ආරක්ෂාව ලබා දෙන්න. නැති නම් දන්නවනේ අපේ රටේ ඉන්න අය. (ස)
සංතෝසයි මමත් පයාගල.(නදී)
සතුටුයි. පුලුවන්නම් නැගිටින්න උත්සහ කරන. අලුත් පරම්පරාවට උදව් කරනවා නම් තවත් සතු ටු වෙන්න පුළුවන්. එත් ඉතින් හුගක් ලොකු සල්ලි තියන මහත්වරු පොඩ්ඩන්ට උදව් කරනවා අඩුයි. (නදී)
සැබෑ දක්ෂයෙක්. දයා කියනව වගේ ස්විස් බැංකුවල සල්ලි දාන හොර පොහොසත්තු නිසැකවම ඇති. නමුත් මේ ඉන්නේ රටට ලොකු සේවයක් කරන, විශාල සේවක සමුහයකට ජීවිකාව සලසා දී ඇති සැබෑ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාර තව තවත් දියුණු වී ඔහුටත් රටටත් යහපතක්ම සැලසේවා!.(නදී
දුවෙක් නැද්ද දන්නේ නැහැ අවුරුදු 18ක 20ක විතර.(නදී)
එතකොට ජනාධිපති තුමා. අයවැයෙන් අවුරුද්දට රුපියල් කෝටි 850ක් ද කොහොද වියදම විතරක් දාලා තියෙන්නෙ?.(නදී
අපේ මර්වින් සිල්වා ඇමති වරයා තව අවුරුදු දෙකකින් මෙම සියල්ලන් අබිබවා පලවෙනි ස්ථානයට එනවා . ඔහුගේ හැකියාවන් අනුව ඔහුගේ වෙළදාම අනුව ඔහුගේ පුතා දෙවෙනි තැන ගන්නට බැරි නැහැ. (නදී)
කෙනෙක් ලෝකේ සිටින ලොකුම දනවතා වුනත් ඔහු මිය ගිය පසු ගිනියන්නේ කුමක්ද? නමුත් කෙනෙක් සාමාන්‍ය විදියට ඉදලා අනිත් අයටත් උදව් කළා නම් ඔහුට ගෙනියන්න බොහෝ දේ ඇත.(නදී)
කාගේද සල්ලි ...? (නි)
පෙරේරා කියන්නේ බෞද්ධයෙක් නෙවෙයිනේ. අනික මෙයා ගේ ප්‍රධාන ආධායම කැසිනෝ. බෞද්ධ දහමට සම්පුර්ණයෙන්ම පටහැනියි (නදී)
අශ්ව රේස් බුකි, මධයසාර නිපැයුම හෝ විකිනීම, පොලී ව්‍යාපාරයන් සහ කැසිනෝ සමාජයට අහිතකර ව්‍යාපාරවලින් තොරව යහපත් ව්‍යාපාරවලින් මෙම දැවැන්ත ව්‍යාපාරිකයින් දියුණුවට පත්ව සාර්ථක ධනවත් ව්‍යාපාරිකයින්වී ඇති නම් අපිද ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බර වෙමු. තව තවත් තම ව්‍යාපාරවලින් දියුණු වේවායි අපිත් පතමු. (නදී)
අපට ආඩම්බරයක්! (නි)
මීට වඩා සල්ලි තියෙන ඇමතිලා ඇති ඕනා තරම්.(නදී)
ලෝකෙන්ම එක වුනොත්? (නදී)
යනකොට මේ ටිකත් අරගෙන යන්න පුලුවන්නම් මරු. (ස)
එතකොට මම හිතපු කෙනා වැරදිද? (ස)
ධම්මික ඔබ සැබෑ දක්ෂයෙක්. මට නම් ඔබ ගැන ආඩම්බරයි. ජය වේවා !!!!! (ස)
අපේ පුත්තු ගැන අමතක වෙලාද මේ ගණන් හදන අයට ?.(නදී)
අපෙනුත් සුභ පැතුම්! (නි)
නුඹලාට සුභ පතමි. මුදලට වඩා හදවතින්ද ඔබලාට පොහොසත්කමේ මුල්තැන ලබා ගැනීමට හැකිවේවා! (නි)
මට නම් හරිම සතුටයි. ඔබට ජයෙන් ජය! (නදී)
තව උඩට එන්න.අපේ සුබ පැතුම්...! (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
එතකොට ලංකාවේ තියෙන ලොකුම කැසිනෝ තුන මෙයාගේ නෙවෙයිද??? (ස)
අයියෝ පහන් , ඕකත් වැඩක්ද? (නි)
මෙහි ප්‍රතිචාර දක්ක්වන බොහෝ අය ඔහුගේ ගමන තේරුම්ගෙන නැහැ.බෞද්ධයකු වෙන්නේ අම්මා හෝ තාත්ත බෞද්ධ උන නිසා නෙමේ.මම නම් කිසිම දවසක සූදු ව්‍යාපාර බෞද්ධයකුට කැප බව අසා නැත. ලංකාවේ ලොකුම කැසිනෝ අයත් වන්නේ ඔහුටයි. ඔහුගේ තාප විදුලි බලාගාර වලින් අසීමිත ලාභ උපයනවා . කියන්න පුලුවන්ද හේතු ඔහු ගැන ආඩම්බර වෙන අයට.
දම්මික පෙරේරා මගේ උණුසුම් සුබ පැතුම් (ස)
අපේ අයට කල්යනවනේ යමක් තේරෙන්න (නි)
අබ්දුල්, ඉරිසියා කරන්න එපා. මේ මනුස්සයා නිසා රටේ මිනිස්සු කීයකට රස්සා ලැබිල තියෙනවද? ඒ ගොල්ලන්ගෙ දරු පවුල් ජීවත් වෙනවද? ඒ පිනම ඇති. (ස)
ඉතාමත් කල්පනාවෙන් .... (නි)
මෙයාලත් පොහොසත් නමුත් ඇත්තම අය වෙනමම ඉන්නවා කියන්න බයයි ඔයාල හිතාගන්නකෝ .(නදී)
සුභ පැතුම් ඔබට...(නදී)
කළුතර අපේ කොල්ලෙක් - අපිට ආඩම්බරයි නේද? (නදී)
සුභ පැතුම්! (නි)
සතුටුයි (නි)
හරිම සතුටුයි (නි)
සාධාරණව ඉපයූ සල්ලි නම් ගොඩක් වටිනවා. (ස)
ඔහුගේ ධනය සාධාරනව උපයා ගත්තා නම් ඔබට සුභ පතමි. නමුත් ලොකුම පොහොසතා වීමට නම් දක්ෂකම හා උපදේශනයක් පමණක් නොසෑහෙන බව මගේ මතයයි.(නදී)
දක්ෂයන්ට අත දෙන , හොඳ මහත්මයෙක්. මමත් ඔහුගේ ආයතනයක රැකියාව කළ අයෙක් විදියට ,අවංක සේවකයන්ට සාධාරනය ඉටු කරන ,දක්ෂ ව්‍යාපාරිකයෙක්. ධම්මික මහතාණෙනි, ඔබට ජය ! (නි)
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් . බුදු හාමුදුරුවෝ දේශනා කළා පස් වැදෑරුම් නීති විරෝධී අාදායම් මාර්ග පහක්. එකක් තමයි සුදුව. (නි)
අපන් සුබපැතුම් සහ ගොඩක් ආඩම්බරයි..(ස)
සතුටුයි. සුභ පැතුම් !!!!! (ස)
ඔහොම අය කලිනුත් හිටියා. පිටරට ආයෝජනය කරලා මේ අය වැටුනාම ලංකාවේ බැංකු වල දාපු මුදල්වත් අහිංසක මිනිසුන්ට ලැබුනේ නැ. මම මේ හිතනේ අහවලේ බැංකුවේ තියෙන අමාරුවෙන් හොයපු මුදල් ටික ආණ්ඩුවේ බැංකුවකට දාමුද කියලා (අ)
ඉතින් කොහොමද දෙයියනේ කියලා හිතේ නිස්කලන්කෙ නිදාගන්නේ? (නි)
සිංහල බෞද්ධවීම මේකට අදාල වෙන්නෙ කොහොමද? සූදුව කියන්නෙ බුදු දහම විසින් ප්‍රතික්ෂේප කල ව්‍යාපාරයක්. (ස)
ඒක හරියට මොනවද මුදලාලිගේ වෙසක් දන්සල වගේ ....!(ස)
අනේ මන්ද...පාතේලේ ලොක්කොත් එයාගේ ගෝලයන්ට හොදට සැලකුවලු! (ස)
ඔබ වැනි පුතෙක් හැදු මවට පියාටත් ආඩම්බරයි. ඇත්තටම අපිටත් ආඩම්බරයක්. ඔබ බෞද්ධයෙක් වීම ගැන. ඔබට ජය වේවා. තෙරුවන් සරණයි !!!! (ස)
කැසිනෝ නිසානේ මෙයාට හරි ගියේ. අපිත් කැසිනෝ දැම්මා නම් හරි.(නදී)
මෙතන සතුටු විය යුත්තක් නොමැත. දනවාදය විසින් අතලොස්සක් කෝටි පතියන් කරද්දී, බහුතරය දුප්පත් වී ඇත. දක්ෂතාවය වැනි වචන නව ලිබෙරල් වාදයේ වචන. ඔලුව කල්පනා වෙන් මේවා දිහා බලන්න.(නදී)
අර ගොල්ලන්ට ඉරිසියා ඇති මොනවා කිව්වත් කරත් සිංහල බෞද්ධයකු පළවැනි තැන ලැබීම. කියන්නේ නම් කොහොමද? අරාබිය නැත්නම් යන එන මන් නැහැ වගේ. අනික මේ තුමාගේ ආයතන 2 මුදල් පුන්‍ය කටුතු සදහා යොදවනවා . සැබෑ බෞද්ධයෙක්. තව තව ලැබේවා ! (නදී)
ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා මහතා බව දැන් මුළු ලෝකයම දන්නවා ඇති. මමත් සිංහල බෞද්ධයක් වශයෙන් ආඩමිබර වෙමි. මෙතුමාට ධනය අතින් ඉදිරියට යාමට මුලික අඩිතාලම වැටුනේ ජැක්පොට් ව්‍යපාරවලින් බව මම ප්‍රයෝගිකව දුටුවා 1990 ගණන්වල දී. හේතුව මෙතුමාට ජැක්පොට් ව්‍යපාරයට මග හැදුනේ මම දැන් විස්තර කරන පුද්ගලයා නිසා බව මා දුටුවා. මේ කියන පුද්ගලයා එවකට ලංකාවේ හිටපු ලොකුම ජැක්පොට් මැෂින් නිපදවන්නා, දැනට ගාල්ලේ ( ඔහුගේ ගම ) එක්තරා ගමක දුකසේ ජීවිතය ගතකරනවා. නම මෙහි සදහන් කරන එක හොද නැත. ඔහු මා දන්නා පරිදි කීප වරක්ම මෙතුමා හමුවන්න ගියත් යහපත් උදව්වක් තවම ලැබුනේ නැත. (නදී)
අබ්දුල් මලයන්ඩි නියම කතාව.(නදී)
මාටින් ,මමත් පෙරේරා කෙනෙක්. ඒ වුනාට අපේ පරම්පරාවම හොද බෞද්ධ. (අ)
ඔබ අපිට ආඩම්බරයෙකි ...(නදී)
අදනේ දැනගත්තේ සතුටුයි ඔබ අපට ආඩම්බරයක් ජය වේවා .(නදී)
ඔය මාර්ගෝපදේශකයා මුසල්මානුවෙක් (අ)
ධම්මික මහත්තයට සුබ පැතුම්. (ස)
ක්‍රිකට් ක්‍රීඩකයන් මේ ලිස්ට් එකේ නැද්ද ????? (ම)
මෙයා අර හිටපු බී.ඕ.අයි සභාපති නේද? රතුපස්වල කර්මාන්ත ශාලාවත් මෙයාගේ නේද (නදී)
ඔබට ශක්තිය ලැබේවා ඇත්තටම ආඩම්බරයි (අ)
ඔබට තවතව ශක තිය ලැබේවා (අ)
ජය වේවා..... (ස)
චරිත හර්ෂණ ,,,,, දුවෙක් හිටියත් ඔය වගේ නිකමෙකුට දෙන එකක් නැහැ. (ස)
දම්මික පොහොසත් වෙන්න අඩිතාලම දාන්න පාර පෙන්නුවේ, රත්නායක කියල කෙනෙක්, පිට කොටුවේ පලවෙනි හරස් පාරේ ඉසුරුගිරි හෝටලයේදී. (අ)
අර විදේශීය දෙන්න ඇත්තටම ලංකාවේ දෙන්නෙක්ද ?.(නදී)
රතුපස්වල ෆැක්ටරියේ කොටස් කාරයෙක් කියලා ලියලා නැද්ද?හරිම මානුෂිකයි නේද? (අ)
දම්මික මහත්මයා සිංහලයෙක්වීම ලොකු සතුටක්.ආඩම්බරයක්. ඔබ තවත් දිව්නු වීවා (අ)
නීත්‍යානුකූලව නිවරදි නමුත් මීට වඩා ලොකු ධන කුවේරයින් අපේ රටේ ඉන්නවා. නමුත් විගනනයක් කිරීමට බැරි ලෝක බැංකුවල පවා ගිනුම් එක් එක් අයගේ නමින් පවතින්නේ. මේවා කාගේ දැයි රටට හෙළි කළ යුතුයි. නැත්නම් කුලියාපිටියේ කඩ කාමරයක බෝඩ් වෙලා බයිසිකල් කට්ටක නැගල ද ෆිනෑන්ස් එකේ වැඩට ගිය අර ඇමතිතුමා කොහමද ලක්ෂ 900 කට මහනුවර අනිවත්තේ ගෙයක් හදලා කොළඹ ගෙවල් 5ක් අරගෙන හොංග් කොන්ග් වල බැංකුවක ඩොලර් කෝටි 94ක තැන්පත් දාන්නේ. ඓස්චාර්ය තමයි. (නදී)
මොහු නියම ලෙස රජයට බදු මුදල්ගෙවන බව සහතිකය. ඔහුට අවශ්‍ය ඔහු දනවතකු බව සැගවීමට නොව. ධනය හොදින් පාවිච්චි කරන විදිහය්. බුදු දහමේ කියන පරිදි ඔහු කැසිනෝ සෙල්ලම් කරන්නේ නැත. බුදුන් විසින් කරන්න එපා යැය් සදහන් කල රැකියා 5 ට සුදුව අයිති නොවේ. බුදුන් දෙසන කලේ සුදු වලින් විනාස නොවන ලෙසය්. ජීවිතය අප පාවිච්චි කල යුත්තේ පරිස්සමිනි. (අ)
අදනේ දැනගත්තේ සතුටුයි ඔබ අපට ආඩම්බරයක් ජය වේවා (අ)
ධම්මික පෙරේරට අපෙන් සුබ පැතුම් (අ)
මොහු මිනිසුන්ට හිතන්නවත් බැරි විදියට කොටස් වෙළද පොලින් මුදල් හෙව්වා. කැසිනෝ වලින් තවත් හෙව්වා. අන්තිමට ලංකාවේ පළවෙනිය උනා. ඇත්තටම ගොඩක් සතුටු හිතෙනවා මොහුගේ දක්ෂ තාවයට. අහිංසක මිනිසුන්ට උපකාර කිරීමට සිතක් පහල වේවා. වාසනාව නැත්නම් මේ කිසිම දෙයක් කරන්න බැහැ. ඔබට ජය වේවා..(නදී)
අනේ බදු මුදල් ටික හරියට ගෙවන්නකෝ. (ස)
"ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ". එතකොට අර ඉතාලි වල සෙන් ප්‍රැන්සිස්කෝ වලට නිතර දෙවීලේ යන අය නැතිවද මේ ෆෝබ්ස් සගරාව ගණන් හිලව් හෙළිකරන්නේ..(නදී)
අපෙන් සුබ පැතුම්.අපිත් පයාගල ගොඩක් ආඩම්බරයි
අශෝක, දන්නෝ දනිති. ලෝකයෙන්ම කෝටිපති පවුල ඉන්නෙත් ලංකාවේ. මට නම් සතුටුයි.(නදී)
රටට ආඩම්බරයක්. ඔබට ජය ජය. කෙසේ හෝ ඉන්දියානුවන් පරදවන්න. (ස)
බුදුදහමට ලොකු සේවයක් කරනවා අපි ඒක හොඳටම දන්නා දෙයක්.එතුමාට ජයෙන් ජය පතනවා. (අ)
මේගොල්ලන්ට හොදටම වැරදිලා. මුළු ලෝකෙම ඉන්න ධනවත්ම මිනිහ මම. මට ඉන්න ගෙයක් තියෙනවා, හොද රස්සාවක් තියෙනවා, යහපත් බිරිදක් ඉන්නවා, මම ධාර්මිකව ජීවත් වෙනවා, බියක් නැතිව හොදින් නින්ද යනවා..... ඉතින් මට වැඩිය ධනවතෙක් තවත් ඉන්නවද? (අ)
අපේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ඇමතිලා මේ දනවතාට වැඩිය ධනවත්. එයාලගේ මුදල් තියෙන්නේ පිටරට බැංකු වල.(නදී)
දන්නා අපි දන්නවා දම්මික කියන්නේ කව්ද කියල...(අ)
මධූ 2013-12-04 14:25:28 අනික මේ තුමාගේ ආයතන 2 මුදල් පුන්‍ය කටුතු සදහා යොදවනවා . සැබෑ බෞද්ධයෙක්. තව තව ලැබේවා............ ! (අ)
මැද පෙරදිග සිට අපෙන් ආසිරි. (නදී)
උත්සහවන්තයා ජය ගනී. ඔබට සුබ පැතුම්. (ස)
මගේ පොඩි බිස්නස් එකට පුංචි උපදේසයක් දෙන්න පුළුවන්ද (අ)
හොද මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැහැ ජයෙන් ජය ඔබට.(නදී)
අප්පුහාමි,ඔයාට වැරදිලා. (නි)
මමත් ආඩම්බරයි.මොකද මමත් එතුමාගේ ආයතනයක සේවකයෙක්.අපි දන්නවා එයාගේ දක්ෂකම්, ගුණ යහපත්කම්, රටට වාසනාවක්. ආසියාවේම ධනවත් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. (ස)
මෙතනට ඔවුන්ගේ ආගම හෝ ජාතිය අවශ්‍ය නැත. සියල්ලෝ ශ්‍රී ලාංකිකයන්ය (නි)
ඔබ හැම දෙනාටම මතක ඇති ලලිත් කොතලාවල මහත්තයා ගැනත් කලෙක අප හරි ආඩම්බරයෙන් කතා කළා. එහෙම නොවේවායි පතමි. (අ)
මට තියන ප්‍රශ්නය මේකයි. කැසිනෝ වලට විරුද්ධව පාරවල් ගානේ හු තියන උදවිය මේ ධන කුවේරයන්ගේ ව්‍යාපාර මොනවද කියලා හොයා බලන්නේ නැත්තේ අැයි? (නි)
ඔහු සැබෑ දක්ෂයෙක් ,(දිල්)
මධු,ඔබ කියා තියෙනවා මුස්ලිම් මිනිස්සුන්ට ඉරිසියා ඇති කියලා. හොදට කියවල බලන්න, අපි ළග එහෙම කුහකකම් නැහැ (නි)
"වාසනාවෙන් නොව දක්ෂකමින් ජයගත්" කියන එක අපටත් ගත හැකි උපදෙසක්.. මේ කියන විදියට කැසිනෝ වැනි අධාර්මික ව්‍යාපාර කලත් (තමන්ගේ කැමැත්ත අනුව), පුණ්‍ය කටයුතු කරන නිසා පිනුත් කරගෙන ඇති. (අ)
ඔය කියන කැප්ටන්ලා,සෙල්වලා,ඇත්තටම ශ්‍රී ලංකාවේ අයමයි කියල හොදටම විශ්වාසද ? (අ)
ඔබ බෞද්ධයෙක් වශයෙන් රටට කල මෙහෙවරයට ආඩම්බරයි ! ඔබට ජයෙන් ජය. (ස)
අනාත පිණ්ඩික කෙනෙක් වෙනවා නම් තවත් ගොඩක් හොඳයි .... (ස)
මෙතුමා ධනය අතින් ඉදිරියට යාම වගේම තව තවත් දියුණු වෙන්න කියල පතනවා. ඒ වගේම මේ ධනය ඉදිරියේ සහ එමගින් ලැබුණු බලය ඉදිරියේ, මෙතුමාට අයත්/සම්බන්ද රතුපස්වල ආයතනය නිසා මරණයට මෙන්ම අගතියට පත් දහස් ගණනක් මිනිසුන් වෙනුවෙන්, අසරණ ගම්වාසීන් වෙනුවෙන් හොද තීරණයක් ගන්නවානම් එතුමාට තව තවත් ආශීර්වාද ලැබේවි.(දිල්)
ජය වේවා ! (ස)
මමත් පයාගල, මමත් දකුණේ කියන සිතුවිල්ල තිබුන තරමට පොහොසත් වෙන්න බැහැනේ. කෝ දැන් අර දකුණු පළාතේ ඉදලා මෙතන කෑගහන එක්කෙනා? (නි)
ඔබට සුබ පැතුම්.(නදී)
කැසිනෝ වැනි සුදු ව්‍යපාරවලින් ධනවත්වු මෙවැන්නන් ගැනබෞද්ධයන් ලෙස මා ආඩමිබර වන්නෙමු. (අ)
මාටින්, මධු බෞද්ධ නොවේ පෙරේරලා ඕන තරම් දකුණේ ඉන්නවා මේ අය ආගම පාවා දුන්නේ නැහැ පාරම්පරික බෞද්ධයෝ. නම වෙනස් කරේ නැතිනම් එම පරපුරම පෘතුගීසි විනාශ කරලා දැන් පරපුරක් නැහැ. (ස)
මට කොළඹින් අක්කර දෙක තුනක් අරන් දාන්න බැරිකමක් නැහැ .ඒත් අරන් දාන්න දිහාවක් නැහැ. ගෙදර තියෙන්නේ පර්චස් විස්සයි . (ස)
ලක්විඳු ට වැරදිලා.ඔය සේරම මටත් තියෙනවා.මට ඔයාට වැඩියෙන් බිරින්ඳලා දෙදෙනක්ම ඉන්නවා!!! (ස)
ඔබ සිංහල බෞද්ධ වීම අපව දිරිමත් කරනවා. (ස)
සාධාරණ ව්‍යාපාර කර උපයාගත් සල්ලි නම් අපෙනුත් සුභ පැතුම්! (නි)
දෙවියන්ගෙම පිහිටයි !!!!! (ස)
නීත්‍යානුකූලව නිවරදි නමුත් මීට වඩා ලොකු ධන කුවේරයින් අපේ රටේ ඉන්නවා. නමුත් විගනනයක් කිරීමට බැරි ලෝක බැංකුවල පවා ගිනුම් එක් එක් අයගේ නමින් පවතින්නේ. මේවා කාගේ දැයි රටට හෙළි කළ යුතුයි.(නදී)