
(සුජිත් හේවාජුලිගේ)
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම සේවාවක් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් කරනු ලබන සේවාවන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ මෙම නිලධාරීහු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටද අද (23) පැමිණියහ.
මෙහිදී අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා පරිපාලන අමාත්‍යංශය ඵලදායී රාජ්‍ය සේවාවක් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති පුහුණු හා වැඩසටහන් සම්බන්ධයෙන් නේපාල නිලධාරීන් දැනුවත් කළේය
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
Niranga Wednesday, 23 April 2025 02:30 PM
හොයන්න දෙයක් නෑ....
ravin Wednesday, 23 April 2025 03:03 PM
කොලිටිය කියන වචනෙ තේරුම දන්න කී දෙනෙක් රාජ්‍ය සේවයේ ඉන්නවාද?
sachith Wednesday, 23 April 2025 05:32 PM
බැලුවට කමක් නෑ. ඔයාලගේ රටවල නම් මේ වගේ රාජ්‍ය සේවයක් කරන්න එපා.
Nandana Wednesday, 23 April 2025 06:29 PM
කවුද මේ අයට එන්න දුන්නේ.., නේපාලයේ අයගේ කොලිටිය ඉස්සෙල්ලා බලන්න.
Nandasena Wednesday, 23 April 2025 08:00 PM
සුදුසුකම්, හැකියාවන් හා දක්ෂතා තියෙන අය නොසලකා දේශපාලනයට ගැතිකම් කරන මැතිවරණ අවස්ථාවල ඡන්ද පෝස්ටර් ඇලවීමේ හා කැන්වසින් යාමට හැකියාව මත රැකියාදීමෙන් රාජ්‍ය සේවය අකාර්‍යක්ෂමව පවතින බව එම පිරිසට කියලා දෙන්න විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා සුදුසුකම් නැති ලක්ෂයකට රැකියා දීමෙන් සිදුවූ හා ඇතිව තිබෙන තත්වය ආයතන වෙතට කැඳවා ගොස් පෙන්වාදීම කරන්න...
prasanna Thursday, 24 April 2025 12:06 PM
ඕක තමයි අපිත් ලංකාවට නිදහස ලැබුණු දවසේ හිටන් හොයන්නේ...