IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාවෙ යුද සමය ගැන පොතක් එළිදකී

 ශ්‍රී  ලංකාවේ යුද්ධය පැවති අවදියේ දී නොර්වේ සාම භූමිකාව ගැන සහ එහිදී සිදුවූ සාර්ථක අසාර්ථකභාවයන් අළලා ලියැවූණු   ජාත්‍යන්තර කෘතියක් ලබන මස 02වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි.

‘ටු එන්ඩ් අ සිවිල් වෝර්‘  නැමැති   ඉංග්‍රීසි බසින් ලියැවුණු මෙම ග්‍රන්ථය ලොව පුරා රටවල් රැසක එළි දැක්වෙන අතර මෙරට නොර්වේ විශේෂ සාම නියෝජිතයින් ලෙස කටයුතු කළ  එරික් සෝල්හයිම් සහ විඩාර් හෙල්ගසන්   ලංකාවේ ගැටුම් පැවති අවදියේ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ නෝරවේ රජයේ උත්සාහයන් පිළිබඳව මෙහි අන්තර්ගත වන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මාර්ක් සැල්ටර් නැමැති ලේඛකයෙකු ග්‍රන්ථය රචනා කර ඇත.

 ඉකුත් වසරේදී  නොර්වේ හිටපු අමාත්‍ය එරික් සොල්හයිම් මහතා ද ශ්‍රී  ලංකාවේ යුද්ධය සම්බ්නධයෙන්   ග්‍රන්ථයක් එළි දැක්වූයේය. මෙරට යුද ගැටුම් විසඳීම සඳහා 1999 වසරේ සිට නොර්වේ රජය පත් කළ විශේෂ සාම නියෝජිතයා වූයේ එරික් සෝල්හයිම්  ය. විඩාර් හෙල්ගසන්   එකළ එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විය.

 



අදහස් (0)

ලංකාවෙ යුද සමය ගැන පොතක් එළිදකී

වසන්ත Sunday, 25 October 2015 07:14 AM

මෙයාල කරපු දෙයක් නැහැ දැන් පොත් ගහල එක ද ගන්න හදනවා. මෙයාලා බැලුවේ එයාලගේ වාසියට එයාලගේ මොනවා හරි කරගන්න. මේ ආණ්ඩුව යටතේ අපේ මව්බිමේ උරුමය විකෘති වී ගෙන යනවා ..... (රේ)

:       0       0

පතී Sunday, 25 October 2015 11:56 AM

පොතේ නම ලොස්ට් ඔෆ් ඔඉල් ෆීල්ඩ්.

:       0       0

ලියොන් ඥාවර්දන Sunday, 25 October 2015 03:46 PM

යුද සමයේදී එල්.ටි.ටි.ඊ යට නොයෙක් අයුරින් සහය දුන් නොර්වේහි එරික් සොලහයිම් වැනි අය මෙවැනි පොතකින් ප්‍රභාකරන්ගේ මෙයවීමෙන් ඔහුගේ කෘර හමුදාව අසරණ ජනතාවට කල කෘර වද හිංසා මේ පොතේ හෙළිදරව් කර ඇත්ද යන්න සැක සහිතය දැන් පෙනී යන අන්දමට යුද අපරාද එල්ලවී ඇත්තේ අපේ හමුදාවට විරුද්දව පමණි (අ)

:       0       0

නාමල් Sunday, 25 October 2015 05:15 PM

වසන්ත හොද සිහියෙන්ද? කේපීට, කරු්ණාට, වෙලේසුදාට ආරක්ෂාව දුන්නේ මේ ආණ්ඩුවද? නෝර්වේ රට අපට සාමය ගේන්න උත්සහ කලා නමුත් දකුනේ අන්තවාදීන් / කොටි ඊට ඉඩ දුන්නේ නෑ,..(රේ)

:       0       0

මොහාන් Monday, 26 October 2015 02:03 AM

නාමල්, දැන් කේපීට, කරුණාට, වෙලේ සුදාට ආරක්ෂාව දෙන්නේ මහින්දද එතකොට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site