ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති අවදියේ දී නොර්වේ සාම භූමිකාව ගැන සහ එහිදී සිදුවූ සාර්ථක අසාර්ථකභාවයන් අළලා ලියැවූණු ජාත්‍යන්තර කෘතියක් ලබන මස 02වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි.
‘ටු එන්ඩ් අ සිවිල් වෝර්‘ නැමැති ඉංග්‍රීසි බසින් ලියැවුණු මෙම ග්‍රන්ථය ලොව පුරා රටවල් රැසක එළි දැක්වෙන අතර මෙරට නොර්වේ විශේෂ සාම නියෝජිතයින් ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් සහ විඩාර් හෙල්ගසන් ලංකාවේ ගැටුම් පැවති අවදියේ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ නෝරවේ රජයේ උත්සාහයන් පිළිබඳව මෙහි අන්තර්ගත වන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මාර්ක් සැල්ටර් නැමැති ලේඛකයෙකු ග්‍රන්ථය රචනා කර ඇත.
ඉකුත් වසරේදී නොර්වේ හිටපු අමාත්‍ය එරික් සොල්හයිම් මහතා ද ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බ්නධයෙන් ග්‍රන්ථයක් එළි දැක්වූයේය. මෙරට යුද ගැටුම් විසඳීම සඳහා 1999 වසරේ සිට නොර්වේ රජය පත් කළ විශේෂ සාම නියෝජිතයා වූයේ එරික් සෝල්හයිම් ය. විඩාර් හෙල්ගසන් එකළ එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල කරපු දෙයක් නැහැ දැන් පොත් ගහල එක ද ගන්න හදනවා. මෙයාලා බැලුවේ එයාලගේ වාසියට එයාලගේ මොනවා හරි කරගන්න. මේ ආණ්ඩුව යටතේ අපේ මව්බිමේ උරුමය විකෘති වී ගෙන යනවා ..... (රේ)
පොතේ නම ලොස්ට් ඔෆ් ඔඉල් ෆීල්ඩ්.
යුද සමයේදී එල්.ටි.ටි.ඊ යට නොයෙක් අයුරින් සහය දුන් නොර්වේහි එරික් සොලහයිම් වැනි අය මෙවැනි පොතකින් ප්‍රභාකරන්ගේ මෙයවීමෙන් ඔහුගේ කෘර හමුදාව අසරණ ජනතාවට කල කෘර වද හිංසා මේ පොතේ හෙළිදරව් කර ඇත්ද යන්න සැක සහිතය දැන් පෙනී යන අන්දමට යුද අපරාද එල්ලවී ඇත්තේ අපේ හමුදාවට විරුද්දව පමණි (අ)
වසන්ත හොද සිහියෙන්ද? කේපීට, කරු්ණාට, වෙලේසුදාට ආරක්ෂාව දුන්නේ මේ ආණ්ඩුවද? නෝර්වේ රට අපට සාමය ගේන්න උත්සහ කලා නමුත් දකුනේ අන්තවාදීන් / කොටි ඊට ඉඩ දුන්නේ නෑ,..(රේ)
නාමල්, දැන් කේපීට, කරුණාට, වෙලේ සුදාට ආරක්ෂාව දෙන්නේ මහින්දද එතකොට? (නි)