පසුගිය වසර 10 දි එක්සත් ජාතිගේ මානව හිමිකම් කවුන්සිලය රැස් වුනාම ශ‍්‍රී ලංකාවේ සිදු වෙන පැහැර ගැනිම්, සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදින් පැහැගෙන යෑම හා ඝාතන ආදිය සාකච්ඡා කරන්න වෙනම දවසක් ලංකාවට වෙන් කරන බව උසස් අධ්‍යාපන මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල අද ( 05 ) මාවනැල්ලේදි පැවසුවේය
පසුගිය අවුරුදු 10 ට හැමදාම නොකඩවා මෙය සිදු වනී ඇති බවත් මෙවර ප‍්‍රධාන පක්ෂ දෙකේ එක්කාසු විම හා යහපාලන ආණ්ඩුවේ දේශපාන ගමන් මග නිසා ලංකාව වෙනුවෙන් මිනිත්තුවක්වත් වෙන් නොකර ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
89 සිදුවීම් ජාත්‍යන්තරයට කියලා ලංකාවට අත පොවන්න දුන්නේ කවුද? (නි)
සමහරු කියනවා ඔය තරම් පැහැර ගැනිම් සුදු වැන් සංස්කෘතිය , වුන් හිටි හැටියේ නැතිවී මල කඳන් සමු වීම පසු ගිය කාලයේ දෙකකේ නැහැ කියා , ඔවුන් මෙරට ජිවත් වූ අය නොවේ , පසුගිය රජය යටතේ මේ සියල්ල බහුලව සිදුවුනා මම දැක්කා (හේ)
ඇමතිවරුන් මාධ්‍යවේදීන්ට කුණුහරපෙන් බනින එක ගැන සාකච්ඡා කරන්න වගේ දේවල් වලට මේ අවුරුද්දේ කාලය වෙන්කරාවි (නි)
ඔයගොල්ලෝ කියන්නේ පැහැර ගත්තා කියලා. කොහොම අයද පැහැරගෙන තියෙන්නේ? යහපාලනය ආවට පස්සේ කොච්චර මැරුවද? මරනවද? අපචාර කොච්චරද? පහුගිය දින 425 ඇතුළත සිදු වූ සාහසික අපරාධ සංඛ්‍යාව දින ගණන ඉක්මවා යාවි. මෙයින් පෙනෙන්නේ අධ්‍යාපනයේ උසස්කමද? නැත්නම්, උසස් අධ්‍යාපනයද? නැත්නම් මහමඟද? (නි)
චන්න බුවනක, අවාසනාවට අපේ ගොඩ දෙනෙක් මැරිලා ඉපදුන ගානට තමයි ඉන්නේ. (නි)
මෙහෙම ගිහින් ඒ කාලයත් නැතිවෙයි (නි)
ඒගොල්ලන්ට තියෙන අමාරුව මොකක්ද අපේ රට ගැන ඔච්චර හොයන්න? (නි)
හැමතැනම පහුගිය රජයේ වැරදි කිය කියා ඇවිදිනවා. එක්කෝ ණය උගුලක දැම්මා කියයි, හොරකම් කළා කියයි, සුදු වෑන් වල යැවූවා කියයි. හැබැයි වැඩක් කරන පාටක් නම් පෙනෙන්න නැහැ. කරන වැඩෙත් අනාගන්නවා. පාසල් ඇඳුම් ප්‍රශ්න, පොහොර සහනාධාර, ඔක්කොම අවුල්. (නි)
මහින්දගේ කාලේ නැතිවුණේ ත්‍රස්තවාදීන්ගේ, පාතලයින්ගේ, දේශද්‍රෝහීන්ගේ මානව හිමිකම්. අද නැතිවෙන්නේ අහිංසක අපේ මානව හිමිකම්. වෙනස මාරයි (නි)
ඔය කියන තරම පැහැරගැනීම් ආදිය අපි පහුගිය කලේනම් දැක්කේ නැහැ,(හේ)
මෙහෙම ගියොත් නම් අඩුම ගානේ සතියක්වත් වෙන්කරාවි, ඉදිරියට (නි)
මෙයින්ම පෙනෙනවා බටහිර රටවල දෙබිඩි පිළිවෙත. (නි)
දැන් තවත් එකක් පටන් අරගෙන පෝලිමේ ගෙනියයි විරුද්ධවාදියෝ. සංවර්ධනයක් ඇත්තටම දන්නෙම නැද්ද? සෝබන වැඩමයි කරන්නේ. (නි)
අනේ මම දන්නේ නැහැ. මේවා ඉතින් ඕනෑ කෙනෙකුට කියන්නත් පුළුවන් වගේම ඕනෑ කෙනෙකුට පොඩ්ඩක් හරි හිතන්නත් පුළුවන් මොකද්ද ඇත්ත කියලා. (නි)
මේක මහත්තයෝ ලංකාවට විතරක් නෙවෙයි, ලෝකෙටම පොදුයි. (කෞ)
අපි මැරිලා ඉපදිලා නැහැ මහත්තයෝ. 1989 කාලයේ පාර පුරා මිනී පුච්චපු කාලයක් තිබ්බ . ඒවා කලේ මොන ආණ්ඩුවද කියල කව්රුත් දන්නවා.(කෞ)
මහරජ මෙවැනි ඇමතියන් ඔබගේ ඇමති මණ්ඩලයේ තවත් සිටීද ? (කෞ)
ඇත්ත කියන විට ඒකාබද්ධ විපක්ෂයට තරහ යනවද?(කෞ)